ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Sunday, January 8, 2012

අපට අවශ්‍යවෙලා තියෙන්නේ ආණ්ඩුවේ මර්දනයෙන් විශ්වවිද්‍යාලය මුදවාගෙන අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න - මහා ශිෂ්‍ය සංගමය (ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

      ශිෂ්‍යයන්ගේ ජීවිත ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් එල්ලවී ඇති මොහොතක විශ්වවිද්‍යාලය තාවකාලිව වසා දැමීමට ගත් තීරණයට දැඩිලෙස විරුද්ධත්වය ප‍්‍රකාශකරන බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත කිඹුල්ලෑවේ චන්දාන්නද හිමියන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප‍්‍රකාශකල සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ කිඹුල්ලෑවේ චන්දාන්ද හිමියන්,

      පසුගිය 5 වන දින විශ්වවිද්‍යාලයේ විරු සමරු ස්මාරකයට රජයේ හමුදාව මැදිහත්කරගෙන එල්ල කල බෝම්බ ප‍්‍රහාරයට විරුද්දව ශිෂ්‍යයෝ පාගමනක් සංවිධානය කළා. එම මොහොතේ සිට මේ දක්වාම ශිෂ්‍යයන්ට උපකුලපති වරයාගේ මැදිහත්වීම මත මර්දනය දියත්කරල තියෙනවා. විශ්වවිද්‍යාලයට හමුදාව හා විශේෂ කාර්ය බලකාය දාල 6 වැනි දා රාත‍්‍රිය වෙනකොට රක්නා ලංකා ආරක්‍ෂක නිළධාරීන් මරණීය පහර එල්ල කළා. මේ සිදුවීම් වලට වගකිවයුතු උපකුළපති වරයා තවමත් අනුගමනය කරන්නේ නිහ`ඩ පිළිවෙතක්. හමුදාවත් රක්නා ලංකා ආරක්‍ෂක නිළධාරීනුත් යොදවලා ශිෂ්‍යයන්ට පහරදීමේ වගකීම උපකුළපතිවරයා භාරගත යුතුයි. අපි කිව්වේ විශ්වවිද්‍යාලයේ ගැටළුවලට විස`දුම දෙන්න බැරිනම් උපකුළපති වරයා ඉවත්කරන්න කියලා. නමුත් දැන් කරන්නේ මේ ප‍්‍රශ්නවලින් මගහැර යන්න විශ්වවිද්‍යාලය තාවකාලිකව වහල දාන්න. වෛද්‍ය පීඨය හා විද්‍යා පීඨය හැර අනිකුත් සියළුම පීඨ තාවකාලිකව වසාදමා ඇති බවත් සියළුම ශිෂ්‍යයන් අද දින පෙ.ව. 8.00 වෙද්දී විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්වනලෙස දැනුම් දීල තියෙනවා. මේ වනවිට අභ්‍යන්තර ගැටළුවක් නොවුනත් බාහිර ආරක්‍ෂාව සම්බන්ධයෙන් තියෙන්නේ විශාල ප‍්‍රශ්නයක්. ශිෂ්‍යයන්ට මරණ තර්ජන එල්ලවෙමින් තියෙනවා. 13 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා කියල ප‍්‍රචාරය යවල තියෙනවා. ශිෂ්‍යයන්ගේ නිවෙස්වලට හමුදා නිළධාරීන් බලපෑම් කරල තියෙනවා. මෙවැනි තත්වයක් තුල ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල භූමියෙන් එළියට යන්න කොහෙතක්ම බෑ. අඩුම තරමේ විශ්වවිද්‍යාලයේ සිට නේවාසිකාගාරයට යන්න විදියක්වත් නෑ. මේ වෙද්දී යන්න විදියක් නැති නිසා ශිෂ්‍යයෝ සුමංගල ශාලාවට රැුස්වෙලා ඉන්නේ. මේ වෙද්දී සත්‍යග‍්‍රහයට දින තුනක් වෙනවා. නමුත් උපකුළපති වරයා මේ ප‍්‍රශ්නය නිරාකරණය කරන්න මැදිහත්වෙලා නෑ. අද මාධ්‍ය සාකච්ඡුාවක් කරන්න විදියක් නෑ. අධ්‍යාපනයේ නිදහස නැතිකරලා. ප‍්‍රජාත‍්‍රන්තවාදයේ නිදහස අහිමි කරලා. මේ මොන බාධක තිබුනත් උපකුළපතිවරයා ඉවත්කරලා විශ්වවිද්‍යාලයේ ස්වාධීනත්වය ආරෂා කරන්න අපි සටන් කරනාව. සමස්ථ ශිෂ්‍ය ප‍්‍රජාවටත් ජනතාවටත් අපි කියන්නේ අපිට අවශ්‍යවෙලා තියෙන්නේ විශ්වවිද්‍යාලය අරාජික කරන්න නෙමෙයි ආණ්ඩුවේ මර්දනයෙන් විශ්වවිද්‍යාලය මුදවාගෙන අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න.

මෙහිදී මහා ශිෂ්‍යසංගම් නියෝජිත ප‍්‍රභාත් ඉන්දික සොහොයුරා අදහස් ප‍්‍රකාශකර සිටියේය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි