ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, October 7, 2010

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප එරෙහි විය යුත්තේ ඇයි?

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අප එරෙහි විය යුත්තේ ඇයි?


     Ketan Desai යනු එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු අපේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියාවේ සමස්ත වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව වගකීම උසුලන ඉන්දියන් වෛද්‍ය සභාවේ Medical Council of India (MCI) හා ඉන්දියානු වෛද්‍ය සංගමයේ Indian Medical Association (IMA) හි ප්‍රධානියායි. ඔහු පසුගිය අප්‍රේල් මස 22 වන දින ඉන්දීය මධ්‍යම විමර්ෂණ කාර්යාංශය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. ඒ උතුරු ඉන්දියාවේ Patilala නගරයේ ඉදි කර ඇති කිසිඳු පහසුකම් වලින් තොර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට අවසර ලබා දීමට අල්ලස් ගනිමින් සිටින අවස්ථාවකදීය. මුදල ඉන්දියන් රුපියල් මිලියන 20 කි. (British Medical Journal 2010; 340: C2355). මේ ඔහුට දූෂණ චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාව නොවේ. 2001 වසරේදීද Ketan Desai ට මෙම චෝදනාවම එල්ල විය. ඒ වන විටත් ඔහු MCI හා IMA හි ප්‍රධානියාය. එහිදී ඔහුට ඔහුගේ බිරියට හා දරුවන්ට අයිති බැංකු ගිණුම් වල තිබූ ඉන්දියන් රුපියල් මිලියන 6.5 ක මුදල උපයා ගත්තේ කෙසේදැයි Ketan Desai ට ඉන්දීය අධිකරණය හමුවේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ නොහැකි විය. අධිකරණය තීරණය කළේ ඔහු MCI හා IMA හි මුල් පුටුවෙන් ඉවත් කළ යුතු බවයි. නමුත් ඔහු වටා සිටි දේශපාලනඥයින්ගේ බල මහිමයෙන් තම ධූරයත් රැක ගත් Ketan Desai පසු ගිය අප්‍රේල් මාසයේදී එම චෝදනාවටම නැවත වතාවක් අත්අඩංගුවට පත් වන තෙක් ඉන්දීය වෛද්‍ය සභාවේ හා ඉන්දී්‍ය වෛද්‍ය සංගමයේ මුල් පුටුව හෙබවීය. (British Medical Journal 2001; 323: 1385)

     පසු ගිය දශක කීපය තුළ ඉන්දියාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රාශීයක් බිහි විය. ඒවා අතර බහුතරයක් වෛද්‍යවරයෙක් බිහි කිරීමට නොව උපස්ථායකවරුන් බිහි කිරීමටවත් සුදුසු නොවූ භෞතික හා මානව සම්පත් ඌනතාවයෙන් යුක්ත වූ වෛද්‍ය උපාධිය විකුණන “කඩ” පමණක් විය. මේවාට අවසර ලබා දීම ඉන්දියානු වෛද්‍ය සභාවේ වගකීම විය. මෙහිදී නිසි ප්‍රමිතියෙන් තොර මේවාට අවසර ලබා දීමේදී අත යට විශාල මුදල් ගනු දෙනු සිදු විය. ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෙම තත්වය පැහැදිළිව දැකිය හැකිය. එහි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල දැඩි අධ්‍යයන හා අනධ්‍යයන සේවක හිඟයක් ඇත. සායනික පහසුකම් සඳහා අවශ්‍ය කරන රෝගීන්ගෙන් තොර රෝහල් වල සායනික පුහුණුව ලබා දේ. (British Medical Journal 2004, 328: 70)

     මේ අපේ අසල්වැසියාගේ තත්වයයි. අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම තහවුරු කිරීම සඳහා ආණ්ඩුව බොහෝ විට උදාහරණ ලබා ගන්නේ බටහිර රටවල් වලිනි. මෙම රටවල මෑත කාලීන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන නිරීක්‍ෂණයේහිදී පෙනී යන්නේ ජනතාවගේ සුබසාධනය සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය, අධ්‍යාපනය බඳු ක්ෂේත්‍ර පෞද්ගලීකරණය නොකර ඒ කෙරෙහි වූ රාජ්‍ය මැදිහත් වීම තව දුරටත් තබා ගත යුතු බවට මතවාදයක් ඒ සමාජ වල දැන් දැන් මතු වෙමින් තිබෙන ආකාරයයි. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යනු අවස්ථා වැඩි කරන ඵලදායී ක්‍රමයක් නොව අසාධාරණ ලෙස දක්ෂයින්ට අවස්ථාවන් අහිමි කරවන අධ්‍යාපනය වරප්‍රසාද ලත් පංතියට පමණක් සීමා කරන විනාශකාරී ක්‍රමයක් බව බටහිර විද්වතුන්ගේ අළුත්ම පිළීගැනීමය. බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් එහි නූතන වෛද්‍ය අධ්‍යාපනය කළ පර්යේෂණයක ප්‍රතිඵල British Medical Journal ජාත්‍යන්තර සඟරාවේ පසුගිය කලාපයක පළ වී තිබුණි. එම පර්යේෂණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් ඔවුහු මෙසේ තම නිගමන ඉදිරිපත් කර තිබුණි.

  • There are wide disparities in medical school admission by social class. (විවිධ සමාජ පංති වලට අනුව වෛද්‍ය විද්‍යාල වෙත ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාවන් අතර විශාල අසමාන බවක් දක්නට ලැබුණි)
  • Widening participation initiatives in medicine have so for limited impact. (වෛද්‍ය විද්‍යාව සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමට මේ දක්වා දැරූ ප්‍රයත්නයන් ඉටු කර ඇත්තේ සීමිත වූ බලපෑමක් පමණි)
  • School pupils from working class backgrounds see medical school as distant, unreal and culturally alien. (කම්කරු පවුල් වල සිසු සිසුවියන් වෛද්‍ය විද්‍යාල දුටුවේ තමන්ගෙන් දුරස්ථ වූ යතාර්ථවාදී නොවූ හා තමන්ටම ආගන්තුක වූ අධ්‍යාපන ආයතන ලෙසයි)
     මේ නිගමන වලටත් ඉන්දියානු වෛද්‍ය සභාවේ හා වෛද්‍ය සංගමයේ ප්‍රධානියාගෙන් එම දූෂිත හැසිරීමට හේතුව කුමක්ද? ඒ සැමට සමාන ලෙස හා සාධාරණ ලෙස හිමි විය යුතු “අධ්‍යාපනය” මුදල මත තීරණය වීමීට ඉඩ හැර තිබීමයි. එනම් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමයි. අප අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි වන්නේ මේ නිසාය.

     මේ වන විට සමාජයේ සියළුම පුද්ගලයින්ගේ බොහෝ අයිතීන් එම පුද්ගලයින්ගේ අත මිට සරු බව අනුව හෙවත් ආර්ථික තත්වය මත තීරණය වී ඇත. පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම, වඩා හොඳ ප්‍රවාහන සේවයක් ලබා ගැනීම, හොඳ චිත්‍රපටයක් රසවින්දනය කිරීම ආදී සියල්ලම තීරණය කරන තීරණාත්මක සාධකය මුදල්ය. නමුත් තවමත් කිසිඳු භේදයකින් තොරව කෙනෙකුට එකම එක “අයිතියක්” භුක්ති විඳීමේ හැකියාව ඉතිරිව ඇත. ඒ අධ්‍යාපනය ලැබීමයි. අප වෛද්‍ය පීඨයට පැමිණ ඇත්තේ ඒ මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබමිනි. අප රටෙහි තවමත් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මුදල මත තීරණය නොවී සෑම දෙනාටම සමාන ලෙස ලැබෙන ක්‍රමයක් පවතී. ඒ “නිදහස් අධ්‍යාපනය” යි. 

     ලෝකයේ බොහෝ රට වල ජනතාවට එම නිදහස් අධ්‍යාපන අයිතිය හිමි නැත. අපේ රටේද අනෙක් සෑම ක්ෂේත්‍රයක්ම පෞද්ගලීකරණ රකුසා විසින් ගිලගෙන තිබේ. අප රට තුළ “අධ්‍යාපනය ලබන්නන්” හැර දුප්පත් ජනතාව දස දහස් ගණනක් පෞද්ගලීකරණය කරන ලද සේවාවන් නිසා පීඩාවට පත් වී සිටිති.

     වර්තමානයේදී එම අයිතියද අපෙන් උදුරා ගරනීමට අපේ රටේ ආණ්ඩු කටයුතු කරමින් සිටී. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා විශ්වවිද්‍යාල ඇති කිරීම හරහායි. මේ වන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අරඹා එහි තුන් වන ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගනිමින් සිටියි. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රාශියක් ඇරඹීමේ පිඹුරු පත් සකස් කරමින් පවතී. ආණ්ඩුව මේ සිදු කරන්නේ දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සියළු දෙනාටම සමාන ලෙස භුක්ති විඳීමට තිබෙන නිදහස් අධ්‍යාපන අයිතිය අහිමි කිරීමයි. අධ්‍යාපනය ලැබීම මුදල් ඇති පිරිසකගේ වරප්‍රසාදයක් බවට පත් කිරීමයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට අදාළව ආණ්ඩුවේ තර්ක,


* පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම මඟින් උසස් පෙළදී සරසවි යාමට ලකුණක්, දෙකක් මදි වූ දක්‍ෂ සිසුන්ට උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

     සරසවි ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කළ පසු ලකුණු කිහිපයක් මදි වීමී නිසා සරසවි යාමට නොහැකි නමුත් දක්‍ෂ සිසුන් බොහෝ ගණනක් සිටින බව සැබෑය. නමුත් ඔවුන්ට අවස්ථාවක් දීම සඳහා යැයි පවසමින් ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගෙන ඒම ඊට කිසිඳු විසඳුමක් නොවේ. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වීමේ එකම සුදුසුකම එම උපාධියට නියම කර ඇති මිල ගෙවීමේ හැකියාව මිස දක්‍ෂතාවය නොවේ. සරසවි ප්‍රවේශයට ලකුණක් දෙකක් මදි වූ සිසුන් උසස් පෙළදී පෙන්වූ කුසලතාවයේ අනුපිළිවෙල මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමේදී සලකා බලන්නේ නැත. මීට පෙර රාගම පිහිටුවා තිබූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උසස් පෙළ අවම සුදුසුකම් සපුරා නොතිබුවත් (ලකුණු 180), භෞතික විද්‍යාව වැනි ඇතැම් විෂයන් අසමත් වුවත් සහ උසස් පෙළ සඳහා සෞන්දර්යය, ගෘහ විද්‍යාව වැනි විෂයන් හැදෑරූ සිසුන්ද හොර රහසේ ඇතුළත් කර තිබූ බව මෙයට කදිම සාක්‍ෂියකි. මෙලෙෂ මූලික සුදුසුකම ලෙස මුදල් මත පදනම්ව අරඹනු ලබන වෛද්‍ය විද්‍යාලයක් මඟින් කෙරෙනුයේ එම ලකුණු මදි වූ සිසුන්ට සාධාරණය ඉටු වීම නොව අතිශය බහුතර ශිෂ්‍ය පිරිසකට බරපතළ ලෙස අසාධාරණයක් සිදු කිරීමය. ඔවුන්ගේ මූලික මානව අයිතියක් වන අධ්‍යාපනයෙහි සමාන අවස්ථා අහිමි කිරීමයි. මේ නිසා තවත් දක්‍ෂ සිසුන් පිරිසකට සරසවි වරම් ලබා දීමට නම් කළ යුත්තේ උපාධි කඩ ඇරඹීම නොව නිදහස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය වැඩි කොට සරසවි බඳවා ගැනීම් තවදුරටත් වැඩි කීරීමයි.


* විදේශ උපාධි ලබා ගැනීම සඳහා විදේශ ගත වන සිසුන්ගෙන් වැය වන මුදල් අප රටේ රඳවා ගැනීම.

     මෙය ඉතාමත් බොළඳ තර්කයකි. ආයෝජන මණඩලයෙන් ලබා දෙන බදු සහන පදනම් කරගෙන විදේශීය ආයතන මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන්නේ අපට මුදල් ඉතිරි කර දීමට නොවේ. ඔවුන් මීයක් කඩන්නේ අත ලෙවකෑමට නොව මී පැණි රැගෙන යාමටයි. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ගෙවිය යුතු කර්තෘ භාගය, විදේශ සේවා යෝජකයින් සඳහා වැටුප් ආදී ක්‍රම රැසකින් විදේශ විනිමය පිට රටට ඇදී යනු ඇත. අනික් අතට විදෙස් රටක අධ්‍යාපනය හැදෑරීමට යන බොහෝ සිසුන් අධ්‍යාපනය හදාරන අතරතුර අමතර රැකියාවකද නියුතු වෙයි. මේ නිසා එම රටවල් වලදීම හම්බකර එහිදීම වියදම් කළ විට ලංකාවෙන් මුදලක් විදෙස් රට වලට ඇදී නොයයි. එම නිසා ආණ්ඩුව කියන තරම් ප්‍රමාණයක් වැය නොවේ. එම වැය වන ප්‍රමාණය වසරකට රුපියල් මිලියන 5000 ක් බව ආණ්ඩුව පවසයි. නමුත් අප රටට වසරකට සීනි රුපියල් මිලියන 20 000 කද, කිරි පිටි ආශ්‍රිත නිෂ්පාදන රුපියල් මිලියන 19 000 කද, ටින් මාළු රුපියල් මිලියන 15 000 කද ගෙන්වයි. එපමණක් නොව අඹ, පේර, බඩඉරිඟු, කුරක්කන් පවා ගෙන්වයි. ඒවාට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරයි. ඒ ඉහත ද්‍රව්‍ය අප රට තුළ නිෂ්පාදනය කිරීමට හැකි විභවයක් මෙහි පවතිද්දීය. ඒ සඳහා කිසිම සැලසුමක් නොමැති ආණ්ඩුව අධ්‍යාපනය විකිණීම සාධාරණීකරණය කරන්නේ එම රුපියල් මිලියන 5000 ක් ගැන කිඹුල් කඳුළු හෙළමිනි.


* පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම මඟින් පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය අතර තරගයක් ඇති කර ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීම. 

     තරගය තුළින් ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීම අධ්‍යාපන විෂයෙහි සත්‍ය වුවත් බඳවා ගැනීම් හා පාලනාධිකාරීන් අතින් සහමුලින්ම වෙනස් රජයේ හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර තරගයක් ඇති කළ නොහැක. කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් හම්බ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත්, නිරන්තර මුදල් කප්පාදුවට ලක් වන රජයේ වෛද්‍ය පීඨත් අතර තරගයක් ඇති කිරීම හාවාටත් ඉබ්බාටත් දුවන්නට සලස්වා වඩා වේගවත් කවුරුන්දැයි සෙවීම බඳුය.


(ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2009)
     ඉහත දැක්වෙන්නේ අධ්‍යාපනය සඳහා ද.දේ.නි. වෙන් කළ මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි. එම නිසා මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල හා රාජ්‍ය විශ්වවිද්‍යාල තරගයකට දැමීම තුළින් බලාපොරොත්තු විය හැක්කේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටීම පමණි.


* ලංකාවේ පවතින බටහිර වෛද්‍ය හිඟය නැති කිරීම සඳහා වැඩියෙන් වෛද්‍යවරු පුහුණු කිරීමට රජයට නොමැති කම


     මේ වන විට අප රටේ බටහිර වෛද්‍යවරු 13 633 ක් පමණ සේවයේ යෙදෙති. පුද්ගලයින් 1500 කට පමණ එක් වෛද්‍යවරයෙක් සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය වන්නේ පුද්ගලයින් 280 කට එක් වෛද්‍යවරයෙක් සිටිය යුතුය යන්නයි. එම නිසා රටේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අඩු බව අවිවාදිතය. එම වෛද්‍යවරුන්ගේ හිඟයට වගකිව යුත්තේ කවුද? වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීම සීමා කර ඇත්තේ ආණ්ඩුවයි. අප පවසන්නේ උපරිම පිරිසක් බඳවා ගන්නා ලෙසයි. ඒ නිසා මුදල් ප්‍රතිපාදන කපා දමා නිදහස් අධ්‍යාපනය හකුළුවා සුළු පිරිසක් පමණක් බඳවා ගැනීම නිසා අප රට තුළ පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට වගකිව යුත්තේ ආණ්ඩුව බව පැහැදිළි වේ. නමුත් විසඳුම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද? නැත. දැනට වෛද්‍ය පීඨ නොමැති විශ්වවිද්‍යාල වල අළුතින් වෛද්‍ය පීඨ ඇරඹිය හැකිය. පවතින වෛද්‍ය පීඨ වලට භෞතික හා මානව සම්පත් වැඩිපුර ලබා දී වැඩි ශිෂ්‍ය ප්‍රජාවක් බඳවා ගත යුතුය. අප රටේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට ආණ්ඩුවට අවංක උවමනාවක් ඇත්නම් කළ යුත්තේ එයයි. නමුත් ආණ්ඩුව පවසන්නේ ඒ සඳහා මුදල් නොමැති බවයි. අපට ඒ කාරණය සම්බන්ධයෙන් නම් කොහෙත්ම එකඟ ඵීය නොහැකිය. මේ නිසා කළ යුත්තේ ආණ්ඩුවේ වංචා, දූෂණ, හොරකම්, නාස්තිය අඩු කර අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය ඉහළ දැමීමයි. 2006 වසරේ ඣඡෑ වාර්තාවෙන් හෙළි වූ ආණ්ඩුවේ හොරකම රුපියල් බිලියන 150 කි. ඒ වසරේම මුළු විශ්වවිද්‍යාල පද්ධතියට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 7 ක් පමණි. හොරකම් ප්‍රමාණයෙන් 10% ක් පමණ නැවැත්වුවහොත් විශ්වවිද්‍යාල වලට වෙන් කරන මුදල දෙගුණයකින් වැඩි කළ හැකිය.


* නිදහස් අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පාසල්, රාජ්‍ය විශ්වවිද්‍යාල වසා නොදමා පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම නිදහස් අධ්‍යාපනය නැති කිරීමක් නොවේ. 

     මේ, ආණ්ඩුවේ ප්‍රධාන තර්කයයි. නමුත් ප්‍රවාහනය, රක්‍ෂණය හා අනෙකුත් ක්‍ෂේත්‍ර පෞද්ගලීකරණය කරන අවස්ථාවේදීද එකල ආණ්ඩු පැවසුවේ මෙවන් කථාවකි. නමුත් දැන් සිදු වී ඇත්තේ කුමක්ද? පෞද්ගලික බස් රථ සේවාවට ඉඩ දෙන විට “ලංගම” සම්පූර්ණයෙන් වසා දැමුවේ නැත. පෞද්ගලික රෝහල් වලට ඉඩ දෙන විට රජයේ රෝහල් සීල් තැබුවේ නැත. නමුත් පෞද්ගලික බස් රථ වලට ඉඩ දීමට සමාන්තර ලෙෂ රාජ්‍ය ප්‍රවාහනය දුර්වල කරන ලදී. අමතර කොටස් ගෙන ආවේ නැත. හොරකම් වංචා දූෂණ වැළැක්වූයේ නැත. අළුත් බස් රථ ගෙන ආවේ නැත. අප ප්‍රවාහනයේ ඒකාධිකාරය හිමි වී ඇත්තේ පෞද්ගලික අංශයටයි.

     අද රෝහල් වල ඖෂධ නොමැත. සේලයින් පවා රැගෙන එන්නේ පිටතිනි. ශල්‍යකර්ම කිරීම සඳහා අවශ්‍ය උපකරණ නොමැත. ගෝස් හිඟය නිසා බොහෝ රෝහල් වල ශල්‍යකර්ම ඇණහිට ඇත. සමහර රෝහල් වල පැරසිටමෝල් පවා නොමැත. ඒ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ තත්වයයි. නමුත් සියළු පහසුකම් සහිතව පෞද්ගලික රෝහල් යෙහෙන් වැජඹේ.

     මේ නිසා ආණ්ඩුව ලංකාවේ රාජ්‍ය පාසල් වලටත්, විශ්වවිද්‍යාල වලටත් කරමින් සිටින්නේ එදා ලංගමට කරන ලද දේම නොවේද? ප්‍රතිපාදන කප්පාදුව, විභාග ගැටළු, පිඨමාලා නවීකරණය නොකිරීම, ආචාර්ය හිඟය වැනි ගැටළු විසඳීමට කිසිදු සැලකිල්ලක් නොදක්වන ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙන එන්නේ අධ්‍යාපනයේ රාජ්‍ය පංගුව දුර්වල කරමිනි. එම නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම යනු නිදහස් අධ්‍යාපන අයතිය අහිමි කිරීම බව අප තේරුම් ගත යුතුය.


* අධ්‍යාපනය නිකම් දුන් විට අගයක් නැත. එසේ ලබා දෙන සේවයට මුදල් අය කිරීම ගැටළුවක් නොවේ. 

     නිදහස් අධ්‍යපනය යනු කිසිසේත් නොමිලයේ අධ්‍යාපනයක් නොවේ. නිදහස් අධ්‍යාපනයට මුදල් යොදවන්නේ ජනතාව විසින් රජයට ගෙවන බදු මුදල් වලිනි. මේ නිසා අපගේ දෙමව්පියන් ඇතුළු අප සැම මේ ලබන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මිලක් ගෙවා ඇත. ඒ නිසා අප දැන් ඉල්ලා සිටින්නේ ඒ ගෙවූ මිලට සරිලන සේවාවයි. සැබෑ ලෙසම ගතහොත් මෙම අධ්‍යාපන ක්‍රමය “පෙර ගෙවුම්” (pre paid) අධ්‍යාපන ක්‍රමයකි.


* ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම සිටින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලය. එම නිසා ශ්‍රේණිගත කිරීම් වල ඉහළටම ගමන් කිරීමට නම් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹිය යුතුය.

     මේ තර්කයට අනුව අප රටේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල ඉහළම තැනක නැත්තේද ඒවා පෞද්ගලීකරණය කර නැති නිසාය. අප රටේ අධ්‍යාපනය හැරුණු විට අනෙකුත් බොහෝ ක්‍ෂේත්‍ර පෞද්ගලීකරණය කර ඇත. උදාහරණයක් ලෙස අප රටේ ප්‍රවාහනය ගනිමු. එය පෞද්ගලීකරණය කර ඇත. එසේ නම් එය ලෝක ප්‍රවාහන වර්ගීකරණයේ කුමන ස්ථානයේ ඇත්දැයි අපි විමසමු. පෞද්ගලීකරණය කළ අප රටේ ප්‍රවාහන සේවය ලොව ශ්‍රේණිගත කිරීම් වල ඉහළ මට්ටමක ඇත්ද? නැත. එසේ නම් ලංකාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල ඉහළම නොමැත්තේ පෞද්ගලීකරණය නොකර, පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹා නැති නිසා යැයි පැවසීම තකතීරු කථාවක් නොවන්නේද? එම රට වල ඉහළින් ඇත්තේ විශ්වවිද්‍යාල පමණක් නොවේ. ආර්ථිකය ඉතා දියුණුය. සංවර්ධනය වේගවත් මට්ටමක පවතී. විශාල නිෂ්පාදන ක්‍රියාවළියක් හා ඉලක්ක සහගත සංවර්ධනයක් කරා ඉදිරියට ගමන් කරමින් සිටී. ඒ නිසා විශ්වවිද්‍යාල විශාලය, දියුණුය. නමුත් අප අපගේ ආර්ථික සංවර්ධනය පිළිබඳව හෝ නිෂ්පාදන ක්‍රියාවළියක් අරඹා දියුණු සංවර්ධන ඉලක්කයක් කරා යාමක් ගැන නොසිතයි. විශ්වවිද්‍යාල පමණක් ශ්‍රේණිගත කිරීම් වල ඉහළට නැංවීමට සිතා, තිබෙන සම්පත් ටික විකුණා දැමීමට සැලසුම් සකස් කරමින් සිටී.

     මේ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම නිවැරදි බවට ආණ්ඩුව ගෙනෙන තර්ක සියල්ලම වැරදිය. ඊට අමතරව ආණ්ඩුවේ මෙම අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධ වීමට අපට තවත් හේතු ඇත.



* අඩු සායනික පුහුණුව නිසා ගුණාත්මක තත්වයෙන් අඩු වෛද්‍යවරුන් බිහි වීම.

     රජයේ වෛද්‍ය පීඨ වලින් බිහි වන වෛද්‍යවරු වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රවීනත්වය ලබා ගන්නේ සායනික පුහුණු කාල සීමාව තුළදී විශාල රෝගීන් සංඛ්‍යාවක් පරීක්‍ෂා කිරීමෙනි. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල සිසුන් හට සායනික පුහුණුව ලබා දීමට නියමිතව ඇත්තේ පෞද්ගලික රෝහල් වලය. එබැවින් මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම පෞද්ගලික රෝහල් වලට ඇතුළත් වන රෝගීන් මෙම සිසුන්ගේ පුහුණු කටයුතු සඳහා ඔවුන් පරීක්‍ෂා කිරීමට කැමැත්ත ලබා දෙන්නේද යන්න සැක සහිතය. එමෙන්ම පෞද්ගලික රෝහල් වල රෝගී විවිධත්වය ප්‍රමාණවත් නැත. එමෙන්ම මෙම රෝහල් තුළින් හදිසි අනතුරු (Emergency Medicine) අධිකරණ වෛද්‍ය විද්‍යාව හා ප්‍රජා වෛද්‍ය විද්‍යාව වැනි ක්‍ෂේත්‍රයන්හි අවශ්‍ය කරන පුහුණුව ලැබෙන්නේ නැත. මෙයින් සිදු වන්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අඩු පුහුණුවක් සහිත ඇතඅම් ක්‍ෂේත්‍රයන් පිළිබඳ ගුණාත්මක තත්වයෙන් අඩු වෛද්‍යවරුන් බිහි වීමයි.


* රජයේ වෛද්‍ය පීඨ වල ආචාර්ය මණ්ඩලයට සිදු වන බලපෑම. 

     මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පිරිනමනු ලබන ආකර්ෂණීය වැටුප් හා දීමනා හේතුවෙන් අඩු පහසුකම් යටතේ රාජ්‍ය වෛද්‍ය පීඨ වල අධ්‍යාපනය ලබා දෙන ආචාර්ය මණ්ටලය ඒවාට ඇදී යයි. මේ වන විටත් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිටි එකම භෞතවේදී මහාචාර්යවරයා එසේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සම්බන්ධ වී ඇත. කොළඹ වෛද්‍ය පීඨයේ ජීව රසායන විද්‍යා මහාචාර්යවරයාත්, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ කායව්‍යවච්ඡේදය මහාචාර්යවරියකුත් එසේ සම්බන්ධ වී ඇත. මෙයින් සිදු වන්නේ දිවයිනේ ඉහළම කුසලතාවයක් දැක්වූ සිසුන් ඉගෙනුම ලබන රජයේ වෛද්‍ය පීඨ වල අධ්‍යාපන කටයුතු බිඳ වැටීමයි. දැනට රජයේ ඇතැම් වෛද්‍ය පීඨ වල ආචාර්ය මණ්ඩලයේ දැඩි හිඟයක් පවතී. 

උදා: රජරට වෛද්‍ය පීඨය

 
     එම නිසා ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹමින් යන ගමන අතිශයින්ම වැරදි සහගත ගමනකි. එය අප රටේ අනාගතය විනාශ කිරීමකි. මෙම තත්වය වෙනස් කොට නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කිරීම අප ඉදිරිපිට ඇති අභියෝගයයි. “හොඳ දේ කිරීම අසීරුය. එවැනි දේ කළ විට ඒවා වටිනා හා ලස්සන දේ වෙයි. පහසු දේ කරන්නට ඕනෑම කෙනෙකුට හැකිය. එසේම ඒවා ඕනෑම කෙනෙක් සිදු කරති. නමුත් ඒවා වටිනා හා ලස්සන ඒවා වන්නේ නැත. එහෙයින් අනෙක් අය පසුබාන, අනෙක් අය අත හරින අසීරු, හොඳ කටයුතු අප බාර ගත යුතුය. අප ඒවා කළ යුතුය. එය කළ හැකිමය”. ඒ ආදරණීවිරු සිසු සොහොයුරකු වූ එස්. එම්. නිෂ්මි සහෝදරයා 80 දශකයේදී අපේ රටේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපන අයිතිය අහිමි කිරීමට කළ උත්සාහයට එරෙහිව සිදු කළ අරගලයකදී පැවසූවකි. ඔව්, දැන් අපට ඇත්තේ එක් මඟකි. ඒ නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කිරීම යන “හොඳ” නමුත් “අසීරු” ඉලක්කයයි. එය අපට ජයග්‍රහණය කළ හැකිය. මන්ද යත් ඒ හොඳ කටයුත්තක් නිසාය.



අසංග වික්‍රමසිංහ
කැඳවුම්කරු
අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

36 comments:

  1. වෛද්‍ය උපාධිය හැර​ අනිකුත් සියලුම උපාධි පෞද්ගලික විශ්වවිද්‍යාල වලදි ලබා ගත හැක​. වෛද්‍ය උපාධිය ඇයි වෙනසක්?
    sliit අසාර්ථක​ද?

    ReplyDelete
  2. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන ඔය වගේ දහසක් හේතු තියෙන්න පුලුවන්. ඒ තර්කෙ වලංගු වෙනව පිටරට ඩිග්‍රි නැති එක දොස්තර කෙනෙක් වත් වෛද්‍ය සභාවෙ නැත්තන්. ඉන්දියාවෙ ඔහොම වුනාට එංගලන්තෙත් ඔහොමමයි කියල ඔබ කියා නැත්තෙ ඇයි? මොකද අ.පො.ස. (උ/පෙ) සී තුනක් වත් නැති අය එංගලන්තෙ ගිහින් ඩිග්‍රි ගහල යස අපූරුවට ලංකාවෙ බෙහෙත් කරන්නෙ.....

    ReplyDelete
  3. අනික අනුර වීරසිංහ සර් කැලණියෙන් අයින් වුනේ එතන වැඩ ගැන කලකිරීමෙන් මිසක් මාලබේ යන්න ඕන කමකට නෙවෙයි. මමත් කාලයක් රාගම තමයි වැඩ කරේ. මම දන්නවනෙ එතන වෙන දේ. ඕකට කියන්නෙ " ගහ නොදන්න මිනිස්සුන්ට මැජික් පෙන්නනව වගේ "කියල

    ReplyDelete
  4. Why don't you shout against private hospitals,private prctices while on duty,
    trips and money get from drug agents,
    unethical demands and strikes,requesting all unnecessary reports when having minor health problems.While you are students you are trying to be heros by these kind of activities. But after passing out you are running after money.
    you people are jealous!
    For Gods sake don't be against the opportunities of others.

    ReplyDelete
  5. තව ප්‍රශ්නයක් තියෙනව...සල්ලි ගෙවල එන රොගීන් පුහුණු පරීක්ශා වලට කැමැත්ත දීම සැක සහිතයි...ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට එන රෝගීන් ඉත සිතින් මහත් ඕනෑ කමින් පුහුණු පරීක්ශා වලට ඉඩ දෙනව...යකාගෙ රෝගීන් ටිකක් නෙ නිකන් බෙහෙත් ගන්න එන්නෙ...ඒ කතාවෙන් තේරෙන්නෙ ආණ්ඩුවෙ රොහල් වලට එන රෝගීන්ව කැමැත්තෙන් හරි බලෙන් හරි වෛද්‍ය ශිෂ්‍යයො පුහුණු පරීක්ෂා කරනව, සල්ලි ගෙවල ආවම අකමැති නම් කරන්න වෙන්නෙ නැහැ කියල...මානව හිමිකම් ගැන නඩුවක් දාන්න වටින කතාවක් නෙ ලියල තියෙන්නෙ...හොඳයි..සල්ලි ගෙවන්නෙ නැතිව ආන්ඩුවෙ ඉස්පිරිතාල වලට එන රෝගීන් පුහුණු පරීක්ෂා කරන්වට අකමැති වුනත් මොකද කරන්නෙ ?

    ReplyDelete
  6. මේ වගේ පොර ටෝක් දෙන්න කලින් උබලට හිතුනද කවදහරි ඇයි මේ රටේ මිනිස්සු සමස්තයක් විදිහට උබලට ඔච්චර අකමැති කියලා. ඉස්සෙල්ලා ඒවා හදාගෙන මේවා ගැන කතා කරානම් අඩු ගානේ මිනිස්සු උබලා වෙනුවෙන කතා කතා කරාවි..
    උබල තරම් කුහක, ආත්මර්තකාමි, පටු අදහස් තියෙන, උද්දච්ච අයනම් වෙන කිසිම ෆැකල්ටි එකකින් එන්නේ නෑ.
    පවුද්ගලික වෛද්‍ය විද්යාල එපා කියන අය..පවුද්ගලික රෝහල්වල වැඩ කරනවා. ආන්ඩුවේ සල්ලි වලින් ඉගෙන ගෙන..ආන්ඩුවෙන්ම ශිශ්ශත්ව අරන් රට ගිහින් එහෙ නතර වෙනවා. ඈත දුශ්කර පලාතකට වැරදිලාවත් යන්න ලෑස්ති නෑ.
    ඇටිටියුඩ් එක හොස්ස ලගින් මැස්ස යන්න බැරි තරම්. සමහර උන් රාජකාරි වෙලාවේ පවුද්ගලික සේවයේ.
    ඔහොම වෙලා තියෙන්නේ උබලගේ එතික්ස් උගන්වන එකත් පවුද්ගලික විශ්වවිද්යාලයකට ගිහින්ද? නැත්නම් උබලට ඔයවගේ දේවල් පවා උගන්නවන්න වෙන තරම් උබලා දක්ශ නිසාද?
    එහෙමත් නැත්නම් උබලාගේ හදවත කියන එකයි මොලය කියන එකයි නැතිවෙලා තියෙන නිසාද?

    ReplyDelete
  7. you guys only concentrating on minor facts n those won't necessarily valid in this case. When you had a seveve disease don't you go for a Doctor who having degree MBBS(Ceylon). Be honest befor hitting others !!!!
    The reason is Sri Lankan Medical Faculties maintain quality of their degree in higher standards than those bloody PMCs.

    ReplyDelete
  8. I agree with Lahiru. Yes.. we go to government hospitals if there is any serious health problem. First reason is we don't have money to go to Singapore,USA,or India. That is not because private hospitals have good doctors and equipments.They too having MBBS Docs.

    Second reason is if go to a private hospital,have to spend all our wealth on that.These greedy MBBS Docs too supporting them to rob money from poor patients as they are getting some percentage.

    Third....Do you think those who are working at Govt. hospitals are MBBS docs from Sri Lanka? How many Russian and Chinese medical degree holders working there? The director of National Hospital too is a Russian degree holder.

    How can you predict the quality of the doctors in another 6 years those who studied from pvt universities? If you have a real concern on patients why don't you implement "Dr. Bibile's" policy for drugs?

    ReplyDelete
  9. “නමුත් සියළු පහසුකම් සහිතව පෞද්ගලික රෝහල් යෙහෙන් වැජඹේ. “

    ද්වේෂ සහගත ලෙස ඔහොම කිව්වට, තමුන්නැහේලත් MBBS එක ගහලා අවුට් වෙනකොට ඔය පෞද්ගලික රෝහලක ප්‍රැක්ටිස් කරන්න චාන්ස් එකක් ලැබුනොත් “මගෙ බල්ලටවවත් එපා“ කියලා අහක දානවද?

    ReplyDelete
  10. Hv to say smthng abt "lankafriend's" comment

    As you first mention If u hv money u go to Singapore,USA,India or whatever the place u lyk, bt u always go for the best places n do you think z that easy to hv an appointment or job for a just MBBS degree holder from those hospitals? Exactly not. They need SKILL what those most private universities cant afford due to various reasons. Therfore those private hospitals also having GOOD doctors lyk who are passing out frm state medical faculties.

    Second thing, you saying that greedy doctors, as you said, receiving an cut or portion from the patients who admitting to private hospitals. That may b true bt nt proven n Do you knw dat MOST f da doctors who work @ private sector in mornings r unqualified o banned o those who r nt having registration from SLMC?

    Third rsn z saying dat NHSL director z Russian degree holder, true he z. Bt dnt 4gt dat he's denoting da administrator sector f da MBBS degree holders, they r not effiently o completely practising Medicine!!! They are just controlling people. Do U really think that a person really need a huge talent in medince to do so, I dnt think so !!!

    V cnt predict abt future bt v cn correct existing errors 'coz those erros worth human lifes. Thats y v r again n again saying that the skillfull doctors r so valuble!!!

    And I think Prof. Senaka Bibile's drug policy z another issue n implementation z beyond our hand,those things cn do to admin sector!!!
    V R just curative body !!!

    Please try to understand the real issue !!!

    ReplyDelete
  11. Dis z for Pravin Indranam

    paudgalika rohalaka practise karala beheth karala leddunge jeewitha bera geneemay, leddu maragena kemay athara wenasa thamunnehe hondata wataha ganna ona !!!!

    ReplyDelete
  12. u know?student who r from other counntries & PMC's .they have not clinical exposure with pediatrics,gynaecology & stetrics.they hv not even senn a labour romm there so hv can they serve our people?what r the experiances thry hv to treat our people ?r they going to teach from our people by suffering then?

    ReplyDelete
  13. මගේ අම්මේ මොන බාසාවෙන්ද මේ ලියලා තියෙන්නේ නිකන් අර ගමේ වතුවල ඩිස්පැන්සරියේ දොස්තර මහත්තයගේ බෙහෙත් සීට්ටුවල තියෙන වචන වගේ..
    අපි ඉතින් ඔය වගේ හරඹ දන්නේ නෑනේ..ඉතින් වෙලා ගියා කියවගන්න.
    ඔය ඒරොප්පේ රටවල ඇම්.බි.බි.ඇස් අයව ඉස්පිරිතලවලට ගන්නේ නෑ කියලා අහල තියෙනවා...අඩුගානේ ඇම්.ඩි එකක්වත් ඕනෙලුනේ.
    කලුවලහා මහත්තයා මොනවා කියන්නද මංදා...පලිවෙනි චේදෙම කියලනවා පෞද්ගලික විස්වවිද්යාල වල ඉස්කිල් නෑ කියලා කියලා.ඊට පස්සෙ කියනවා එකෙනුත් හොද ඩොස්තරල එනවා කියලා. අනේ ලෙඩ්ඩුන්ටත් ඔය විදිහටම බෙහෙත් කරොත් මොනවා වෙයිද දන්නේ නෑ.

    ගිහාන්:
    ඔයා පිටරට ඉගෙන ගෙනද කතා කරන්නේ..චුට්ටක් සිලබස් එකක බලල කතා කරමු නේද...සමහර ලෙඩ නම ඉතින් අහුවෙන්නේ නෑ තමා. නමුත් ඔයා කියන ඔක්කොම පුරුදු වෙනාවා.

    මම පෞද්ගලිකව කිසිමදෙයක් සල්ලි වලට ඉගෙන ගන්න එකට විරුද්හ්ඩ නෑ. ඔයාලගේ මෙතුවක් වැඩ දැක්කම ඒක හරියි කියල මිසක් වැරදියි කියලා හිතෙන්නෙත්න් නෑ.

    ReplyDelete
  14. grey mahaththayo.........

    Obathumata wage hondata sinhala me enghlish keyboard eke apita type kora ganna beri wenna puluwan.....eth

    game waththe dosthara mahaththayay Lanka hospital eke dosthara mahaththayay dennama egena gaththe ekama facultiye ekama pahasukam yatathe kiyana eka obathuma amathaka karala wage.

    Beheth seettuwey loku ispirital walin liyana prescription walay me thak durata leddu marana tharam wenas beheth liyawune ne honde !!!!

    Ekath den me Malmbe PMC ayay FMGs lay ekathu wela kannay hadanne !!!

    Paudgalika mudalata niweradi deyak niweradi widiyata igena gannawata api kawruwath wirudda ne, Eth me yakku eka minis jeewitha ekka sellam karana mattamata path karana kam apita balan innath be !!!

    ReplyDelete
  15. අනේ නෑ..මම වලහට කිව්වේ සිංහල ගැන නෙවෙයි...සිංහලත් නොවෙන..ඉන්ග්‍රිසිත් නොවෙන අමුතුම බාසාව ගැනයි මම කතා කරේ.. අර Hv,abt,lyk,rsn වගේ අමුතුම වචන තියෙන බාසාව ගැන..අර වත්තේ දොස්තර මහත්තයා අර පොඩි කොලේ බෙහෙත් ලියන්න ගන්නේ ඔය වගේ වචන ටිකක් කියලා තමා මට හිතුනේ..
    මම හොදටම දන්නවා දෙන්නම ඉගෙන ගත්තේ එක ෆැකල්ටියේ කියලා..මම නැතෙයි කිව්වයැ..
    අපොයි ඔය බෙහෙත් සිට්ටුගැන මොන කතාද.. අපේ ආච්චිට ගැස්ට්‍රයිටිස් වලට බෘෆන් දුන්නේත් ඔය ෆැකල්ටියේ අය තමා දොස්තර මහත්තයෝ..කරුමෙට මගේ නෑදැයොත් මහ ගොඩක් ඉගෙන ගන්නවනේ ඔය ඉලව්වේ.
    අනික ඔය අහින්සක ලෙඩ්ඩු ටිකට දොස්තරෙක් නැතුවෙනවට වඩා හොදයිනේ ඔය PMC දොස්තරෙක්වත් ඉන්න එක. මොකෝ ඔච්චර ඕකට බය...ලෙඩ්ඩුන්ට තියෙන ආදරේ නිසාමයි කියලා ශුවර්ද?
    ඔන්න ඔහේ නිකන් ඉන්න එකේ ගෙවල් ගාව තියෙන විස්සවිජ්ජාලෙට ගිහින් දොස්තර මහත්තැන් කෙනෙක් උනාට මොකෝ වෙන්නේ...
    අනික වැඩේ කියන්නේ මේක පටන් ගන්නත් කලින් කොහොමද හරියට උගන්වනෙනෙ නෑ කියන්නේ..
    ඔය දොස්තර මහත්තයලා ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න ලෙඩේ තීරනය කරන්නෙත් ඔහොම වෙන්ටෑ.
    අනිච්චේ!!!

    ReplyDelete
  16. ඔව්නේ සම්පත් මහත්තයෝ..අපි ඉතින් ඔයාලවගේ විස්සවිජ්ජාලේ ගියේනෑනේ..ඔබතුමාල ඉතින් රටේ ඉන්න ඉහලම බුද්ධිමත්තුනේ නේද?
    ඒකනේ අර 2-3 වසරල ලමයි වගේ නර්ස් නෝනලා එක්ක පැටලෙන්නේ හැම වෙලේම..අර කොළම ඉස්කෝලවල ළම්යි අර කිරිකැට් තරග දවසට ගැනු ඉස්කෝලවලට පනිනවා වගේ ලගදි UGC එකටත් පැනලා තිබ්බේ.
    දැන් ඔය මහත්තැන් අතර නෑනේ කවුරුත් 3 පාරක් A\L කරලා දොස්තරෙක් වෙච්චී..ඔක්කොම පලවෙනි පාරම ඇතුලට ගිය අති දක්ශ අයනේ..
    අම්මපා අර කන්නන්ගර මහත්තයට පිං සිද්ද වෙන්න.. වත්තේ කංකානම්ගේ බදුවලින් නිකන් ඉගෙනගෙන..රට යන්න හදන්නේ පඩි මදි කියලා රෙදි ඇදගෙනද මහත්තයෝ?
    අනික ඔය ඇම්.බි.බි.ඇස් එක ඒරොප්පේ ගනන් ගන්නේ නැතිලුත් නේද?
    අපොයි ඔව් PMC, Private Practice දෙකක් තමා..කන්න ඕනේ උනාම කබරයත් තලගොයා වෙනවලුනේ..
    අපි ඉතින් ඔය මහත්තැන් තරන් දන්නේ නෑ..අපි ඒක පිලිගන්න ලැජ්ජත් නෑ..ඔය උඩ ඉන්න සමහර මහත්තුරු වගේ දන්නවා කියලා අනුන්ට කියන්නේ මක්කටෙයි..
    අනික ඔය මහත්තයගේ වල්ගේ මෙහෙට්ට දික්කරේ ඇයි පෑගෙන්න..

    ReplyDelete
  17. 3.2 Says who?
    There are lot of twining programs for medicine from leading unis of all around the world. If you want I can give examples
    3.2.1 Can you please name few countries which has good reputation for medicine other than SL..so I can give list of unis which offer twinning programs.
    3.2.3 First link is going nowhere..
    We also say the same in second link.yes..upon arrival to SL, you have to sit for the exam just like all other foreign students do.

    3.3 Simple question:
    Can you measure the standards from success rate? You gotta be kidding me

    4.1 Business issue.. not relavent directly to the topic

    4.2 This does not need permission from UGC, as this is a private business entity. Just like IDM conduct Australian degrees locally.

    4.3 So if SLMC doesn't approve they can work in Russia or any country for that matter.

    4.4 Evidance and source please. If this is true, which is really bad and need proper investigation and legal measures.

    5.1 Not good. Either he has to do that, else students will fail the exam and he will get couple of law suits from parents.

    5.2 Whats the problem..Is it foreign graduates or the basic degree? Or is it the fact that only one Prof. Still compared to no students and profs, this seems ok.

    5.3 Who deicde usual and un-usual departments?

    6
    6.1.1 bloody hell..these guys are Russian grads..
    6.1.2 So you say so..and you think so..who else think so?

    6.2.2 Health tourism is about Ayurveda not about MBBS grads.. those guys got better docs than SL MBBS people.

    6.2.3 Rather than healing patients in Libya, don't you have to solve health issues in SL first?

    6.2.4 N/A
    6.2.5 N/A

    6.3
    Infrastructure is something to work on. All other stuff are bullshit.

    6.4.1 True

    6.4.2 Yeah..siya ratade siri sepa de

    6.4.3 lol...

    7.1 Something wrong with foreign degrees?

    8.1 Higher IQ for meds. shall we do a cut off test for medical students and check the IQ and then say they can't be docs unless IQ is greater than somemark.

    ReplyDelete
  18. http://www.gmoa.lk/pressrelease/001.jpg?PHPSESSID=2e637ec26378ce70e3bacbd5687d494c

    ReplyDelete
  19. Grey මහත්තයො ඔබතුමා කියනව පිටරට ඩීග්‍රී SLMC එක අනුමත කලේ නෑති උනාට පිටරට M.B.B.S ඩීග්‍රී තියෙන අයට රුසීයාවෙ හරි අනිත් ඔන රටක ගිහිල්ල වෑඩ කරන්න කරන්න පුලුවන් කියල. එහෙනන් මොකද රුසියවේ ඩීග්‍රී එක උස්සගෙන ල0කාවට ඈවිල්ලා Act16 පාස් වෙන්න බෑරුව දුක් විදින්නෙ. එකෙන් තෙරෙනවා ඩීග්‍රී එක දුන්න රටවත් ඒක පිලිගන්නේ නෑ කියන එක නේද

    ReplyDelete
  20. @ලක්චරිත:
    මෙච්චරයි Act16 පාස් වෙන්න බැරි නම් ලංකාවේ වැඩ කරන්න බෑ. මම ඒකට විරුද්ද නෑ. නමුත් පාස් කරොත් වැඩ කරාට කමක් නෑනේ.
    ඒක නිසා ඔයාලට බය වෙන්න දෙයක් නෑ.
    අනික ඔය රටේ සල්ලි වලින් ඉගෙන ගෙන ඒවගෙන්ම රට යන්න දගලන සමහර දොස්තරලය තේරුනේ නැති උනාට පිටරට ගිහින් එන සමහර අයට ලංකාව හොදයි..ඒකයි ලංකාවට එන්නේ. නැතුව පිටරට වැඩ කරන්න බැරුව නෙවෙයි..
    පොඩ්ඩක් හොයල බලලා ඔයිට වඩා ටිකක් තර්කානුකුලව කතා කරමු නේද?

    ReplyDelete
    Replies
    1. thread එක කියෙව්වේ පුදුම ආසාවකින්. හැබැයි හදිස්සියේ දැක්ක මේ comment ඇහැට කඳුලකුත් අවා. ලංකාවේ අයට නොතේරුනාට පිටරට ගිහින් ලොවෙත් නැති කටු කාගෙන ඉගෙන ගන්න අපි තමයි දන්නේ ලංකාව ගැන අපේ හිතේ තියෙන ආදරයේ තරම. එක නම් කාටවත් බොරුයි කියල ඔප්පු කරන්න බැහැ ,

      Delete
  21. Ayyo grey !!

    oya mata Bana kiwwata methatna Vishwavidyalata wissavidyale kiyalath thiyenawane !!
    Anika sure, Gastritis wage api danne nethi sinhala wachanath grey mahaththaya liyala !!

    Ane manda Ewa kohe Sinhalada kiyala !!!

    Anith eka mama hari asay ara achchita thibuna kiyala kiwwa gastitis eka gena dena ganna. Mr.grey ge neyo godak me MALA ILAWWE da mokeda innawa kiwwane.

    Ane api ahinsaka leddu nikan pisso athin meranawata eththatama kemathi ne!! anika methana oya piliaragenath thiyenawane lankawata dostharala aduy kiyala !! Ithin gre mahaththayage deshapalana yaluwek ehemawath nedda me anduwe WISSAWIJJALA walata ganna lamay gana wedi karann kiyala kiyaganna.
    Api kiwwata ahannema nene. Ethakota ara lakuna deka adu wela pita rata yana ayatath honday ne !!!

    Anika nikan parawal gane rasthiyadu gaha gaha inna hema ekawama meka ethulata genath dapu ewun hinda thamay mewa winasa une !!!

    Ayyo Grey obathuma danne nethuwata Malambe PMC eka patan aran avuru ekahamarak yannath kalin batch thunakma aragena.

    poddak nikan inna eke owath hoyala balannako!!!

    Api nam danna widiyata awuruddakata parak thamay campus walata lamay ganne . mokada awuruddak ethulatha maha godak dewal thiyenawa ne igena ganna.
    Den palaweni batch ekata clinical deganna beruwa dagalanawa kiyanne !!!

    Leddunta beheth denna api theeranaya karana heti hoyanna kalin oya mahaththaya thawa poddak meka gena hoyala beluwoth neda honada begal desa banne nethuwa!!

    ReplyDelete
  22. @වලහා:
    මම ඉතින් ඔබතුමාලා වගේ උගත් පොරක් නෙවෙයිනේ, ඉතින් අපේ සිංහල වල වැරදි තියෙනවා. දුර ඇත ඉදන් අපු අයනේ. ඉතින් ඔය විස්සවීජ්ජාලෙට ගිහින් නෑ. අඩු ගානේ බෝර්ඩ් ලෑල්ලක්වත් දැකල නෑ හරියට කොහොමද ලියන්නේ කියල. බොහොම ඉස්තුතියි දැනුවත් කරාට. මම හරි වචනයෙන් ලියන්නම් මිට පස්සේ.
    අපි වගේ අය දන්නේ කොහෙද මහත්තයෝ මන්ත්‍රීලව..
    ගැස්ට්‍රිටිස් වලට සිංහලෙන් කියන්නේනම් ආමවාතය කියල..නමුත් ඉතින් ඔය ශබ්දකෝෂ දිග ඇරන් ඕව හොයනවට වැඩ තේරෙන්න අපි එදිනෙදා පාවිච්චි කරන වචනේ ලිව්වා. අපිව ඔච්චරම පහලට දන්න එපා. අපේ ගම්පලාතේ අයත් ඔය ඉංග්‍රීසි වචන ටිකක්වෙන්න දන්නවා. හැබැයි අපේ උන් ලියනකොට බෙහෙත් සීට්ටු ලියනවා වගේ ඉංග්‍රීසි ලියන්නේ නෑ. කොහොම හරි ඕවගෙන් වැඩක් නෑ.
    ඔබතුමා එච්චර කැමති නැති ඇති. නමුත් මම කොහෙත්ම කැමති නෑ අහිංසක ලෙඩ්ඩු පිස්සෝ අතින් මැරෙනවට. ඒ පිස්සන්ට අර ලෙඩ්ඩුන්ව අපෙට තියාගෙන වර්ජන කරන දොස්තරත් ඇතුලත්. අනික ඕක ගැන ඔයාලගේ අර මොකක්ද එකකින් කරලා තියෙන වාර්තාවට පිළිතුරක් උඩින් දීල ඇති. ඒවගේ වාර්තාවක් අම්මප මහත්තයෝ අපේ ගම්පලාතේ 10 වසරේ ළමයෙක් ලියයි.. විශේෂයෙන් ඔයිට වඩා හොදට පිළිවෙලට.

    විශ්වවිද්‍යාලයට ගන්න පුළුවන් ප්‍රමාණය වැඩිවෙනවානම් ගොඩක් හොදයි.. නමුත් එකෙයි මේකෙයි සම්බන්දයක් නෑ. මේක ව්‍යාපාරයක්.. ඒකට විරුද්ද වෙන්න හදන්නේ ඔයාලගේ දැනුම ගැන එක්කෝ ඔයාලට විශ්වාසයක් නෑ. නැත්නම් ඔයාලව වෙන කණ්ඩායමක් ඉත්තෝ කරගෙන. ලංකාවේ ඉතින් අවුරුද්දට එක පාරක් ගත්තට ඔය ඔයාල මහලොකුවට හොදයි කියන ගොඩක් පිටරට විශ්වවිද්‍යාලවට අවුරුද්දට දෙපාරක් ගන්නවා. අනික අවුරුද්දට දෙපාරක් නෙවෙයි කීපාරක් ගත්තත් ඒ අය නියම කාලේ විශ්වවිද්‍යාලයේ ඉන්නවා. පොඩ්ඩක් හොයල බලල කතාකරනම් හොදයි නේද.
    අනික පාරවල් ගානේ රස්තියාදු වෙන උන් කියල කියන එකෙන්ම පේනවා ඔයාගේ තියෙන අනිත් ආකල්ප. අපිනම් විස්වාස කරන්නේ හොදට ලකුණු ගන්න පුලුවන්නම් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කියල මිසක් පාරවල් ගානේ රස්තියාදු වෙන ඒකට යන්න බැහැ කියල නෙවෙයි. අනික ඔයාම එතන පිලිගන්නවා ඉගෙන ගන්න තැන සවුත්තු වෙලා කියල.
    නිකන් ඉන්නවා කියන එකෙන් අදහස් කරේ මොනවද කියල මට හරියටම කියන්න තේරෙන්නේ නෑ. නමුත් මම ඇදුමක් ඇදගෙන බය නැතුව මේ කියන්නේ...රටට නය නැති නිසා...අපි ඉගෙන ගත්තු දෙයින් රටට වැඩක් කරලා අනිත් යටත් පුළුවන් විදිහට උදවු කරගෙන ඉන්න නිසා. අපි අනුන් ඉගෙනගන්නවට විරුද්ද වෙලා නෑ. වෙන්නෙත් නෑ. සල්ලි ගෙවල හරි ඉගෙන ගන්න එක හොදයි..කවද හරි ඕකෙන් එන අයට අර මොකක්ද විභාගයක් තියෙන එක නතර කරොත් අන්න එදාට අපි විරුද්ද වෙන්නම්...
    අනික අර බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ කවුරුවත් කිව්වට පිළිගන්න එපා..හොයල බලල සිහිබුද්දියෙන් තීරණය කරන්න කියල..පොඩ්ඩක් එක හිතේ තියන් අර සම්පත් දාල තියෙන වාර්තාව කියවල රටේ ලෝකේ තත්වේ ගෙනත් හිතල..ඊට පස්සේ තීරණය කරන්න.. තමුන්ගේ හිනමානෙයි....ඉගෙන ගත්තු දැනුම ගැන තියෙන සැකෙයි වහගන්න හදන්නේ නැතුව.

    ReplyDelete
  23. ග්‍රෙය්...
    ඔයා පටන් ගත්තු තෙනම වරදදගෙන නෙ
    මොකද්ද මන්දා අර ඉන්ගිරිසි පන්තියෙ @ අකුරක් තියෙන්නෙ?
    ගනන් ගන්න එපා සින්හල යුනිකොඩ් වල හෑටිනෙ !!
    බාශාව ප්‍රශ්නයක් කරගන්න එපා කියපු එකට බොහොම ස්තුතිය් !!
    මොකද මාත් තාම යුනිකොඩ් ඉගෙන ගන්නවා.

    දුර ඈත ඉදන් ග්‍රේ අවා කිව්වට අම්මප හොදට මෙ විශ්වවිද්යාල වල වෙන එවා දන්නව නෙ!!! ඔය මොකක් හරි සන්ගමේ කවත් ඉන්නවඩ මන්දා ?

    මම මේ නිකමට වගේ ඈහුවෙ අදුනන දේශපාලන මිත්‍රයො ඉන්නවද කියලා! මොකද නෑත්තන් ඔච්චරටම මේ තරම් උනන්දු කියලා!!

    ග්‍රේ මහත්තයගෙ ගම මොකදද අම්මප!!! අච්චර උගත් මහත්තයල ටිකක හදපු වාර්තවක් ගමෙ එව්වො හදය් කියන තරමට පහතට වෑටුනෙ!!! ඊලග පර මහ බෑන්කු වාර්තවත් ගමෙන්ම හදා ගමු එහෙනන් ගමටම කියලා!!

    ඔකට කියන්නෙ ග්‍රෙ කුහක කම කියලා ඒක ගමෙ එව්වො ලන්ගය් නගරෙ එව්වො ලන්ගය් අඩු වෑඩියෙන් තියෙනවා!!
    දෑන් මෙතන ඔයාම පිලි අරගෙන තියෙනවා නේද මෙක වියාපාරක් කියලා එවායේ මූලික අරමුන ලාබ ලෑබීම කියලා අපි අහලා තියෙන්නේ??
    මේ වෙද කඩෙත් කරන්නෙ හදන්නෙ එකමය් කියාල අම්මප ග්‍රේ මහත්තයට නොතෙරෙන හේටි !!

    ඇවුරුද්දට දෙපාර නෙමෙය දහ පාරක් ගත්තත් අපි කියන්නෙ අවුරුද්දක් එතුලත ඔය කවර් කරන්නෙ කොහෙ උගන්නන මෙඩිසින් ද කියලා
    අපේ රටෙ නම් විභාග ෆ්ල් වෙන එවුන් රිපිට් වෙනවා උන්ට අයෙත් හොදට ඉගෙන ගෙන ලියන්න වෙනවා. එහමය් කොලිටිය තියගෙත්තෙ??
    එත් ඔයා කියන විඩියටම මෙවා බිස්නස්. හොද එව්වොය් නරක එව්වොය් ඔක්කොම අවුරුදු පහෙන් එලියෙ !!
    මොකද උන්ව තියගන්න ගන්න වියපාරෙ බිදවෙටනව...
    හෙම තිස්සෙම ග්‍රෙය් කියන මෙ අපෙ ඉගෙනුම ගෙන අපිට තියෙනව කියන සෑකෙ මොකද්ද කියල මටනම් තෙරෙන්නෙ නෙ...අපෙ සෑක දුරු කරන්න හොන්ද ප්‍රවීන ආචර්ය මන්ඩලයක් ඉන්නවා....අනිච්චෙ අර මලම්බේ දරුවො ටිකට අහුවෙලා තියෙන කට්ටිය ගෙන කවර කතාද??

    අනික ග්‍රේ මම සම්පත් දපු වාර්තාව කීප සෑරයක්ම කියෙව්වා. එකට ඔබතුමා දපු කමෙන්ට්සුත් බෙලුවා....
    මට අපහු කියන්න තියෙන්නෙ හොද සිහිබුද්දිය් එක කියවන්න කියලා..ත්මගෙ හීනමනෙ අපි පිටින් දාල අසරන ලෙඩ්ඩු මරන මේ පාප කර්මෙට දයක වෙන්න එපා...
    බුද්දාගමේ කියපු හින්ද පොඩි උපදෙසක් දෙන්නම්
    කරපු පව් පස්සෙ එලවන්නේ ගොනා බෑන්දපු කරත්තෙ රොදෙ උගෙ පස්සෙ කෑරකෙනව වගෙය්ලු !!!

    ReplyDelete
  24. මම ඉන්නේ කොහෙද මොනවද කරන්නේ කියන එක ගැටළුවක් කරගන්න එපා. එකම දේ මම රට ගැන සහ රටේ වෙන දේවල් ගැන හොද අවධානයෙන් ඉන්නවා. ඒ වගේම ඒවා ගැන පැත්තක් ගන්නේ නැතුව හිතනවා. පාට කන්නාඩි දාගෙන ප්‍රශ්න දිහා ග්‍රේ කවදාවත් බලන්නේ නෑ.
    ඔය වාර්තාවේ තත්වේ පහතයි කියන්න සරලම හේතුවක් දෙන්නම් ලියල තියෙන කරුණු අමතක කරමුකෝ. ඒවගේ තත්වේ ගැන මම උත්තරයක් ලියල ඇතිනේ. වාර්තාව අරන් බලන්න තුන්වැනි පිටුවේ අන්තිමට 'Executive summary' කියල ලියලා එක පටන් අරන් තියෙන්න හතර වෙනි පිටුවේ මුල ඉදන්. හරිහමන් වාර්තාවක් ලියනකොට තියෙන වැදගත්ම අංගයක් කඩවෙනවා. දීල තියෙන අන්තර්ජාල අඩවි වලට යන්න බැහැ. ඔයවගේ දේවල් අපි නම් ඉස්කෝලේ යනකොටම ඉගෙන ගත්ත හරියට කරන්න.
    මේක ගැන උනන්දු වෙන්න මට විශේෂ උවමනාවක් නෑ. නමුත් වැරැද්දට වැරැද්ද කියන්න මම පැකිලෙන්නේ නෑ.
    මම පිලිගන්නවා අරමුණ ලාබ ලැබීම ලියල නැත්නම් ඉතින් කරලා වැඩක් නැනේ. එක මට තේරුම් ගන්න කොහෙත්ම අමාරු නෑ. මම එක ප්‍රශ්නයක් කරගන්නෙත් නෑ. මම කියන්නේ එකේ වරදක් නැහැ කියල සහ ඔයාලට කලබල වෙන්න එපා කියල. මොකද තමන් උගත් ශිල්පය ගැන සැකයක් නැත්නම් ඔයාලට පුළුවන්නේ බය නැතුව තරග කරන්න. අනික අර 'ACT16' කියන එක සමත් නොවී මේ අයට ඉගෙන ලංකාවේ වැඩ කරන්නත් බැහැනේ. ඉතින් මොකාටද බය වෙන්නේ.
    අනිත් එක තමයි ඔය කතා කරන්නේ කිසිම ව්‍යාපාර දැනුමක් නැති ගානට. ඕනෙම ව්‍යාපාරයකට ඕනේ වෙන දෙයක් තමා තමන්ගේ සන්නාමය ඉහල පිළිගැනීමක් ඇතිකිරීම. එකට හැම එකාවම සමත් කරලා බැහැ. නියම ප්‍රමිතියක් අවශ්‍ය වෙනවා. එක කරේ නැත්නම් ව්‍යාපාරයට සාර්ථක වෙන්න බැහැ. ඔය වගේ සරල දේවල් ගැන හිතන්නේ නැතුව හැමෝම සමත් වෙනවා වගේ තර්ක ගෙන්න එපා. ඔයිට වැඩ පොඩ්ඩක් හිතල තර්කනුකුලව කතා කරමු.
    මම පිලිගන්නවා ඔයාටල දක්ෂ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා කියල. පහසුකමුත් තියෙනවා කියල. ප්‍රශ්නේ තියෙන්නේ තමන් ගැන විශ්වාසයක් ඇතිවෙන්න ඒ ටික ඇතිද කියල. ඔයාල ගොඩක් අයට.. හැමෝටම නෙවෙයි බයක් තියෙනවා. එලියට ආවම මට සාර්ථක වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන්ද, හොද ඉස්පිරිතලයක් ලැබෙයිද, මගේ දැනුම 100% නිවැරදිද ඔය වගේ කතා ගොඩක්. මම මේ කියන්නේ ඔයාල වගේ විශ්වවිද්‍යාල සිසුන් ගොඩක් එක්ක කතා කරලා. ඊට අමතරව පොඩි ඉරිසියාවක් තියෙනවා පිටරට ඉගෙන ගෙන එන අය ගැන. මොකද ඔයාල මහන්සි වෙලා විබාග කරලා ඉගෙන ගෙන දොස්තර වෙනකොට S3 ගත්ත එක්කෙනත් චීනෙන් ඇවිල්ල දොස්තර වෙලා. පුලුවන්නම් මේක හිතට එකගව බොරුයි කියන්න?
    සම්පතේගේ වාර්තාව කියෙව්වනම් මගේ ප්‍රතිචාරත් කියෙව්වනම් මට කියන්න මොනවද මම වැරදියට කියල තියෙන්නේ කියල.
    අපි ඒවා ගැන කතා කරමු. එහෙම නැතුව උගුරට හොර බෙහෙත් බොන්නේ නැතුව. අනික බොහොම ඉස්තුතියි උපදෙසට ග්‍රේ බුද්දාගමේ කියල කොහෙවත් කියල නෑ, නමුත් ධමමපදේ යමක වග්ගයේ කවි මට හොදට මතකයි. ඒවගෙන් උපදෙස් ගන්න කියන්න ඕනේ නෑ. කොහොමත් ගන්නවා.

    ReplyDelete
  25. illegal operation of the Malabe Private Medical College and its implication on students
     Establishment of private universities in Sri Lanka is a government and public decision and does not have any purview for GMOA. But when it comes to standards of medical education and doctors we have a direct concern and responsibility over them.
     This malabe medical college is a fraud from its inception.
    1. No approval from BOI
     Though it has gained approval to establish a private university as a project of BOI, it has never gained BOI approval to establish a private medical college attached to it.
    2. No approval from SLMC
     Dr. Nevile Fernando, chairman of the medical college says that the students who are going to graduate from his faculty need to sit for ACT 16 examination to practice in Sri Lanka.
     To sit the ACT 16 exam one should obtain a medical degree from a medical faculty recognized by Sri Lanka Medical Council (SLMC).
     SLMC has repeatedly informed Dr. Nevile Fernando in writing and the public through newspaper advertisements that, SLMC has not recognized the medical degree awarded by malabe medical college and the students who pass out will not be eligible to sit the ACT 16 exam. (Annexure 1,2,3,4)
     Even in India where private medical colleges already exist, have clear guidelines to establish a private medical college. They have gone a step further and prepared separate guidelines for medical colleges where they enroll 50 students per year, 100 students per year and 150 students per year.
     Knowing that needs Dr. Nevile Fernando had given an undated letter to Sri Lanka Medical Council promising to establish a 400 bed hospital with all the facilities for his students to practice their clinical training which is a fraud and has deceived SLMC again. (Annexure 5)
     Therefore malabe medical college does not pose requirements to provide quality medical education and that is the rationale behind getting rejected by SLMC.
     Even with this background Dr. Nevile Fernando continues to recruit students deceiving the public, without mentioning the fact whether they have SLMC recognition or not.
     According to GMOA this is a financial fraud done by Dr. Nevile Fernando by deceiving and concealing the truth from the public and he should be arrested by the police, done similarly with “Sakvithi Ranasinghe” who committed a similar financial fraud.
     GMOA further notice the public that we will not encourage or facilitate to recruit such students in to government medical colleges on sympathetic grounds once they realize the deception and strongly recommend the public to be more vigilant and not to get caught in traps set by businessmen.

    ReplyDelete
  26. Sorry mate. I believe I answered those questions earlier.
    So please give proper questions/arguments if you are wiling to continue..

    ReplyDelete
  27. අනේ මන්ද සම්පත්,
    ඔබතුමාට තර්කනුකුලව කට කරනවට වඩා හීන දකින්නයි, චිත්ත රුප මවගන්නයි පුළුවන් වගේ. බොහොම හොද අනාගත වෛද්‍යවරයෙක් බිහිවෙන ලකුණු තියෙනවා දැනටම.
    අනික සම්පත් උගත් උන පලියට බුද්ධිමත් වෙන්නේ නෑ. එකනේ අපි අතර උගත් මෝඩයෝ ගොඩක් ඉන්නේ. සමහරු වෛද්‍ය විද්‍යාලවලත් ඉන්නවා ඇති.
    අර සිංදුවකුත් තියෙන්නේ... "මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී..." වෙන කියන්න ඕනේ නෑ නේ.
    තොරතුරු තියෙනවනම් අපි මෙහෙම සංවාදයක් කරමු.. වටේ පිටේ කියවන අයටත් බලාගන්න පුළුවන්නේ.
    අපි වගේ පුත්තු රටට බරක් නෙවෙයි... මහජනයාගේ මුදලින් ඉගෙනගෙන මහජනයාට සේවය කරන්නේ නැතුව, උන්ව ඇපේට තියන්, පිස්සෝ වගේ හැසිරෙන දොස්තරලා නම් රටට බරක්.

    ReplyDelete
  28. "පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යනු අවස්ථා වැඩි කරන ඵලදායී ක්‍රමයක් නොව අසාධාරණ ලෙස දක්ෂයින්ට අවස්ථාවන් අහිමි කරවන අධ්‍යාපනය වරප්‍රසාද ලත් පංතියට පමණක් සීමා කරන විනාශකාරී ක්‍රමයක් බව බටහිර විද්වතුන්ගේ අළුත්ම පිළීගැනීමය."

    ඔබලාගේ බටහිර ගැති ස්භාවය මෙයින් මැණවින් පිළිබිබුවේ...

    ReplyDelete
  29. උපුටා ගැනීම
    "එබැවින් මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම පෞද්ගලික රෝහල් වලට ඇතුළත් වන රෝගීන් මෙම සිසුන්ගේ පුහුණු කටයුතු සඳහා ඔවුන් පරීක්‍ෂා කිරීමට කැමැත්ත ලබා දෙන්නේද යන්න සැක සහිතය."

    මොන මොංගල් කතාවක්ද? නිකන් දෙන බෙහෙත් නිසා ලෙඩ්ඩු කැමති වෙන්න ඕනමද? අනික තමුසෙලා(තමුන් වහන්සේලා) ඉගනගන්නේ සල්ලී දාලානේ. (උඹලා ඉගන ගන්නෙත් ඒ මිනිස්සුංගේ බදු සල්ලිවලින් බව මතක තියාගනිල්ලා)

    ReplyDelete
  30. Most of these MBBS(SRI LANKAN) personnels are very selfish and greedy. when they young they do studies only ,nothing else. no sharing.we know by experience therefore they do not think about others.When they become doctors they do not allow any body to enter by near.that's why they closed down the RMP academy at KALUTARA and RMP service has been abolished.the places in rural hospt;for RMP's were grabbed. but before that in 1960ss they refused to serve in rural hospitals.

    ReplyDelete
  31. What is happening to Para Medical Degrees recently started, still they (GMOA Mafia)try to cripple that, pointing various bogus reasons.The very reason was these undergrads are second qualified to them to enter to medical faculties and if they being granted 4 year special degree,they are qualified for medical administration in Hospitals.Why the dons have refused to teach them in our teaching hospitals.Is this yours so called "JATHIYALAYA" Why the dons have refused to teach them in English medium ? Why they have been restricted to be used stethoscope ? at last they have been chased out of teaching Hospitals.Is this the way of improving the medical education in srilanka, which main object of this faculty.Are you the owners of the government hospitals ? No those are of Health Department. You(govern;undergrads) should pay for your clinical in government hospitals? Professors has no right to bully the patients for their clinical.Patients are being harassed in Govern; hospitals for their studies. Then why don't they allow private MED colleges to do clinical in govern; hospitals. Everybody has a right to study what they eligible.Moreover the GMOA mafia is against offering degrees for Nurses. In other countries nurses are offered degrees and those are well recognized.But at last MBBSs over 50s are in favour of PMC. Why ?...they have children to be sent to PMC using there hard earn PP money.

    ReplyDelete
  32. Grey,දසුන් සමීර වීරසිංහ u have done ur job i totally agree with u congatz u fighting like a Hero

    ReplyDelete
  33. boruwata ke gahana eka nawattala hodata igena ganilla lebena sampath walin,nikanne lebenne, nettam rata igena gena meheta en ewun hodata wada karama mehe boruwata ke gaha gaha irisiyawen saken inna undelata rata yanna tama wenne..p

    ReplyDelete
  34. සහතික ඇත්ත සහෝදරයා දැන් හදන්නේ පේරාදෙණීය හන්තාන කන්දත් වනසන්න වගේ මුන් තියන්න වටින්නේ නෑ.මේ ඔක්කොම එකතු වෙන්න ඕනේ කාලේ විශේෂයෙන් ම මෙඩ්ඩෝ.සමහර මෙඩ්ඩොත් ඉන්නව මේවා ගානක් නෑ.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි