ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Sunday, January 1, 2012

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් සිසුහු ඉවත් වෙති. වන්දි ඉල්ලා නඩු

     මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දස දෙනෙකුට වැඩි පිරිසක් එම වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වී ඇතැයි වාර්තා වේ.

     විවිධ වසරවල ඉගෙනුම ලැබූ සිසුන් පිරිසක් මේ ආකාරයෙන් මාළඹේ වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත්ව ගොස් ඇත්තේ එහි ගුණාත්මකභාවය දිගින් දිගටම අභියෝගයට ලක්වීමේ හේතුවෙනි.

     මේ අමතරව වෛද්‍ය විද්‍යාලය තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අයකරගත් මුදල් නැවත ලබාගැනීම හා ඔවුන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනවාරි මාසයේදී අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද පැවසේ.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි