ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, August 17, 2012

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව පෙනීසිටි වෛද්‍යවරයකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල පිහිටි නිවසට අද (16) පෙරවරු කාලයේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇත. වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා යනු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව හඬ නැගූ ක්‍රියාකාරිකයෙකි. ආණ්ඩුවේ සහයද ඇතිව නීතිවිරෝධි අන්දමින් මාලඹේ ප්‍රදේශයේ පවත්වාගෙන යනුලබන වෛද්‍ය උපාධිය පිරිනමනු ලබන ආයතනය සඳහා ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගැනීමට රජයෙන් විවිධ බලපෑම් එල්ලවී තිබින. එහිදී පැවති ඡන්ද විමසීමකදී නීති විරෝධි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඒ මහතා කටයුතු කොට තිබේ.

එමෙන්ම මීට පෙර අවස්ථා ගණනාවකදීම වෛද්‍ය සභාවේ වෛද්‍යවරුන්ට තර්ජන එල්ලවූ බවද එම ක්‍රියාකලාපයන්ට විරෝධය පෑම සඳහා හෙට (17) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ. 

මේවන විට අධ්‍යාපන පෞද්ගලිකරණය සිය ප්‍රතිපත්තිය බවට පිලිගෙන ඇති වත්මන් රජය, පෞද්ගලික වෙද්‍ය විද්‍යාල ඇතිකිරීම සඳහා එයට එරෙහිව හඬනගන බලවේගයන්ට එරෙහිව ගෙනයන මර්දනය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අප දැඩි පිලිකුලෙන් යුතුව හෙලාදකිමු.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි