ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, September 21, 2011

රජරට සිසුන්ගේ වෛද්‍ය උපාධියට වසර 7ක් ගතවෙන ලකුණු

     රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයෙන් බිහිවීමට නියමිත ප්‍රථම වෛද්‍ය කණ්‌ඩායම සිය උපාධිය සම්පූර්ණ කරගැනීම සඳහා වසර හතක්‌ කල් ගත වීමේ තර්ජනයකට මුහුණ දී සිටින බව එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කරයි.
     එම ශිෂ්‍ය සංගම් නියෝජිත ඒ. ඩී. පී. බණ්‌ඩාර ශිෂ්‍යයා පැවසුවේ රජරට සිසුන් සමඟ 2006වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍යපීඨයට ඇතුළත් වූ සිසුන් මේ වනවිට වෛද්‍ය උපාධිය අවසන් කරසිටින අතර එම වසරේදී රාගම, කොළඹ, යාපනය යන වෛද්‍ය පීඨයන්ටඇතුළත්ව සිටින සිසුහු ලබන දෙසැම්බර් මාසයේ දී උපාධිය සම්පූර්ණ කර ඇති බවයි.     රජරට වෛද්‍ය සිසුන් මෙම ගැටලුවට මුහුණ දී සිටින්නේ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොලැබීම නිසාය.2006 වසරේදී එම වෛද්‍ය පීඨය ආරම්භ කළද අවසන් වසර සිසුන්ගේඅධ්‍යයන කටයුතු සඳහා අත්‍යවශ්‍ය මහාචාර්ය ඒකකයක් ‌පිහිටුවීමට මෙතෙක්‌ කටයුතු කර නැත. ඔවුන්ගේ මහාචාර්ය සායනික පුහුණුව ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පසුගිය මැයිමස 9වැනිදාය. එහෙත් එම සායනික කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැඟිල්ල ඉදිකර අවසන් කිරීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් මාසයේදීය. නොවැම්බර් මාසයේදී ඉදිකර අවසන්වුවහොත් එම ඒකකය සඳහා හෙද හෙදියන් අවම වශයෙන් 150 දෙනකු අත්‍යවශ්‍යය. එහෙත් එම ඒකකය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමතකර ඇත්තේ හෙද හෙදියන් 50ක්‌ පමණයි. මෙම තත්ත්වය යටතේදසිසුහු දැඩි අපහසුතාවට ලක්‌ව සිටිති.
මෙවර අවශ්‍ය හෙද හෙදියන් ප්‍රමාණය මහාචාර්ය ඒකකයට නොලැබුණහොත් යළි හෙද හෙදියන් අනුයුක්‌ත කිරීම සඳහා වසර 2 ක්‌ ගතවන බව බණ්‌ඩාර ශිෂ්‍යයා පැවසීය. මෙවර අවශ්‍ය හෙද හෙදියන් ප්‍රමාණය නොලැබුණ හොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි