ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, January 12, 2012

හික්මුණු නිහඩතාවය බිදීමට අප තීරණය කළේ ඇයි?

     ජනවාරි 11 බදාදා දින කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේද උද්ඝෝෂණයක් පැවැත්විණි. ඒ නීති පීඨ සිසුන්ට හිමි අයිතිවාසිකම් ලබා නොදීම හා පීඨ ශිෂ්‍ය සභාව නිල වශයෙන් පත්නොකිරීමට විරෝධය පළකරමිනි.


     ඒ සම්බන්ධයෙන් නීති පීඨ ශිෂ්‍ය සභාවේ නියෝජිතයෙකු විසින් පහත පුවත් වාර්තාව සහ ඡායාරූප අප වෙත යොමුකර තිබුණි.

එය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.


      "2012-01-11 දින කොළඹ විශ්ව විද්‍යලයේ නීති පීඨය විසින් පීඨ පරිශ‍්‍රය තුළ නීති පීඨ ශිෂ්‍ය සභාව ස්ථාපනය නොකිරීම සම්බන්ධව විරෝධතාවයක නිරත විය. ඔබ සැම දන්නා පරිදි 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 112 වගන්තිය අනුව සෑම විශ්ව විද්‍යාලයකම සෑම පීඨයක් තුළම ශිෂ්‍ය සභා ස්ථාපනය කල යුතුය.නමුත් මෑත ඉතිහාසය තුළ අපගේ පීඨ පරිපාලනය නීති පීඨ ශිෂ්‍ය සභාව ස්ථාපනය කිරීම දිගින් දිගටම පැහැර හැර තිබේ.


      ශිෂ්‍ය සභාවක් නොමැතිව සිසුන්ගේ ගැටලු දුෂ්කරතා සහ සුබසාධන කටයුතු පිලිබද සැලකිලිමත් වීමට යාන්ත‍්‍රණයක් නොපවතින බව කිවමනාය. නීති පීඨයේ සිසුන් දෛනිකව විවිධ ගැටලු හා දුෂ්කරතා වලට මුහුණ දෙන අතර ශිෂ්‍ය සභාවක් නොමැතිකමින් අදාල ප‍්‍රශ්න විසදුම් ලබාදීම සදහා ඉදිරිපත් වන්නේ කලාතුරකිනි.මේ නිසා ශිෂ්‍ය සභාව ස්ථාපනය කිරීම නීති ශිෂ්‍ය ප‍්‍රජාව අතර දැවෙන අවශ්‍යතාවයක් වී තිබේ.


      මෙම අධ්‍යයන වර්ෂය (2011-2012) සදහා නීති පීඨ ශිෂ්‍ය සභාව ස්ථාපනය කරන බවට පීඨාධිපතිවරයා අවස්ථා කිහිපයක දී අපහට වාචික පොරොන්දු ලබා දී ඇත.ශිෂ්‍ය සභාව පත්කිරීමේ සම්මත පටිපාටිය වනුයේ නිලවරණයකින් එය පත්කිරීම සදහා නාම යෝජනා කැදවීම වුවද ශිෂ්‍ය සභාවට පත්වන නියෝජිතයින්ගේ නාම ලේඛනයක් පීඨාධිපතිවරයා විසින් අපගෙන් ඉල්ලා සිටින ලදී.නිලවරණයකින් තොරව ශිෂ්‍ය සභාව ස්ථාපනය කිරීමට එයට පත්වන නියෝජිතයන්ගේ නාම ලේඛනයක් ලබාදීම සම්මත ක‍්‍රමය නොවූවද සිසුන් හට ශිෂ්‍ය සභාවක ඇති දැවෙන අවශ්‍යතාවය සලකා එසේ කිරීමට අපි පීඨාධිපතිවරයා සමග එකග වූයෙමු.

     ඉන් පසුව ශිෂ්‍ය සභාව පත්කිරීමට නම් පීඨයේ සිසුන් බහුතරයකගේ කැමැත්ත ප‍්‍රකාශ කරමින් අත්සන් ලේඛනයක් ලබාදෙන ලෙස පීඨාධිපතිවරයා ඉල්ලා සිටින ලදී.කෙතරම් වෙහෙසකර කටයුත්තක් වුවද දින දෙකක් තුල සියලුම වසර නියෝජනය කරමින් සිසුන් 700 කගේ පමණ අත්සන් ලබාගෙන පීඨාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට අපි ක‍්‍රියා කලෙමු.ඉක්බිති පීඨාධිපතිවරයා විදේශගත වූ අතර නැවත ලංකාවට පැමිණීමෙන් පසුව ශිෂ්‍ය සභාව ස්ථාපනය කරන බවට ඔහු අප තුළ විශ්වාසයක් ඇති කළේය. මෙම කල්මැරීමේ ක‍්‍රියාවලිය නිසා නීත්‍යනුකූලව දෙසැම්බර් මාසයට පෙර ශිෂ්‍ය සභාව ලබාගැනීමට අපට නොහැකි විය. දැන් පරිපාලනය ප‍්‍රකාශ කරන්නේ නියමිත කාලය ඉක්මවා ගොස් ඇති බැවින් සහ නිලවරණයකින් තොරව ශිෂ්‍ය සභාව පත්කිරීම නීත්‍යනුකූල නොවන හෙයින් ශිෂ්‍ය සභාව ලබාදිය නොහැකි බවක.

      එලෙස නිලවරණයක් නොමැතිවූයේත් කාලය ඉක්මවා ගියේත් ශිෂ්‍ය අපගේ වරදකින් නොවන අතර එහි සම්පූර්ණ වගකීම පීඨාධිපතිවරයා භාරගත යුතුය. සිසුන් වෙත ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් මෙලෙස ලබානොදීම අපි දකිනුයේ පසුගිය කාල වකවානුව තුළ පීඨය තුළ පැවැති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පරිසරයේ තවත් එක් අවස්ථාවක් ලෙසය. පසුගිය වසරේ ප‍්‍රසන්න විතානගේ සිනමාකරුවාගේ සහභාගීත්වයෙන් සිනමාව පිලිබද සංවාදයක් අප විසින් සූදානම් කල අතර එම සංවාදය පැවැත්වීමට පරිපාලනය විසින් අවසර ලබා දුන්නේ නැත. භාෂණයේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබද සිසුන්ට උගන්වන පීඨයක් තුළ කලා සංවාදයක් හෝ පැවැත්වීමට අවසර නොදීම මෙම පරිසරයේ ඇති අත්තනෝමතිකත්වය විදහා පායි. එමෙන්ම ඉංග‍්‍රීසි මාධ්‍ය සිසුන් සංවිධානය කිරීමට සූදානම් වූ විද්වත් සාකච්ඡා මාලාව සදහා ද අවසර නොලැබුණි.
     පසුගිය නවක අභිනන්දන උළෙල පැවැත්වීමට අවසර ලබාගැනීමේදීද මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවූ අතර ඒ සදහා අවසර ගැනීමට පමණක් මාස තුනක කාලයක් රස්තියාදු වීමට සිසුන්ට සිදුවිය. මෙම සියලු කරුණු අරඹයා මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විණ."

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි