ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Saturday, January 7, 2012

Z අගය වැරදියි - Z නිර්මාතෘ මහාචාර්ය රුපල් ඔ. තටිල් මහතා

     නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ විශ්විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් මගින් ඉදිරිපත් කර ඇති ක‍්‍රමවේදය දෝෂ සහිත බවත්, එමගින් Z ස්කෝර් ලකුණේ වැරදි සිදුවිය හැකි බවත් Z ක‍්‍රමය ලංකාවට හඳුන්වා දුන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යාමිතිය පිළිබද මහාචාර්ය රුපල් ඔ. තටිල් මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කොට ඇත්තේ පුවත්පතකට විශේෂ ප‍්‍රකාශයක් ලබාදෙමිනි.

     උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවට මහාචාර්ය තටිල් මහතාගේ නම ඇතුළත් කර නොමැත. එම විද්වත් කමිටුවට තටිල් මහතා පත්නොකිරීම පිළිබදව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෙකම් සුනිල් ජයන්ත නවරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා සමග තටිල් මහතාගේ ඇති අමනාපයක් නිසා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඔහු නොකැඳවූවා විය හැකි බවය.

     මෙම විද්වත් කමිටුවේ සිටින සාමාජිකයන්ගෙන් දෙදෙනෙකු තමාගේ ශිෂ්‍යන් බව පවසන මහාචාර්ය තටිල් මහතා මෙවැනි වැරුද්දක් සිදුවූ විට තමා දැනුවත් නොකළේ ඇයිද යන්න තමාටද ගැටලූවක් බව පවසයි.

     කෙසේ වුවද නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ Z අගය ලබාගැනීම සඳහා එම අගයන් දෙක එකට එකතු කළ ක‍්‍රමයේ වරදක් ඇති බව මහාචාර්යවරයාගේ අදහසයි. මෙහිදී Z ලකුණු ලබාගැනීම සඳහා විචල්‍යතාවය (VARIANCE) සහ මධ්‍යන්‍ය අගය (MEAN) ගණනය කර ඇති බවත්, නව නිර්දේශ හා පැරණි නිර්දේශය වෙන වෙනම ගණනය කර කිසියම් විදියකට මෙම අගයන් දෙක එකට එකතු කර එකක් සාදා එමගින් අපේක්‍ෂකයන් දෙකොට්ඨාශයටම එක Z අගයක් සෑදීම වැරදි බව තටිල් මහතා පවසයි.

     නැවත පරීක්‍ෂාවට ලක් නොකරම Z අගය ගණනය කිරීමෙන් ප‍්‍රතිඵල දෝෂ සහිත විය හැකි බව ඔහුගේ අදහසයි.

     අන්තිම සමීකරණ දෙකෙන් අලූත් මධ්‍යන්‍යක් සාදා පළමුවැනි සමීකරණය සමග එකට එකතු කර ඇති ආකාරයද වැරදි බවත්, එය සම්බන්ධ කළ පදනම මෙහිදී සඳහන් නොවන බවත්, මහාචාර්ය තටිල් මහතා පවසයි.

     එයට අමතරව සංඛ්‍යාන පදනමේ (STATISTICAL BASE) වැරදී ඇති බවත් සම්බන්ධීකරණ සමීකරණ දෝෂ සහිත බැවින් ලබාගෙන ඇති Z අගයන්වල වැරදි සිදු විය හැකි බවත් ඔහු පවසයි.

     විභාග දෙපාර්තමේන්තුව මෙම විභායගට අදාළ දත්ත ලබාදෙන්නේ නම් මෙහි සිදුවී ඇති වැරුද්ද සම්පූර්ණයෙන් ප‍්‍රකාශ කළ හැකි බව මහාචාර්ය තටිල් මහතා පවසයි.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි