ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, December 21, 2011

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අයුරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීම හෙළා දකිමු

     එළඹෙන ජනවාරි මාසයේදී ගෙන ඒමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීමට හා ශිෂ්‍ය මර්දනය නවතන ලෙස බලකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කොළඹ දක්වා පා ගමනක් අද දින මධ්‍යාහ්න 12.30 ට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිට සිසුන් 5000 කගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ කළ අතර එහිදී ආණ්ඩුව පොලිස් හා හමුදා බාධක යොදා උද්ඝෝෂණය ගලහ මංසන්දියේ දී නවතන ලදි.
 
     මේ සඳහා පොලීසියේ හා හමුදාවේ පිරිස් 1000 වඩා වැඩි ප‍්‍ර‍්‍රමාණයක් සම්බන්ධ කළ අතර ඊට අමතරව පා ගමන සංවිධානය කිරීම වැලැක්වීමට හමුදාවේ ඉහළ නිලධාරීන් යොදවා සිසු නායකයින්ට මරණ තර්ජන පවා එල්ල කිරීම සිදු කළේය. ඊට අමතරව පා ගමන සංවිධානය කිරීම නිසා විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් කිරීමේ හා සිසු ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීම යන අභූත චෝදනා යටතේ මේ වන විට ප‍්‍රජාතත්ත‍්‍ර විරෝධී අයුරින් සියලූ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට ද ආණ්ඩුවේ මැදිහත්වීම මත පරිපාලනය කටයුතු කර ඇත.
 
එසේම මෙම ශිෂ්‍ය පා ගමනට විරුද්ධව රජයේ ආරක්ෂක අංශය පමණක් නොව නොනිල මැර පිරිස් ද යොදාගෙන තිබුණි. S.B ඇමතිවරයා තම ආසනයේ අහිංසක මිනිසුන්ගේ සමෘද්ධි හා පිංපඩි සහනාධාර කප්පාදු කරන බවට තර්ජනය කරමින් සරසවිය ඉදිරිපිටට බලහත්කාරයෙන් ඔවුන් ගෙනවිත් උද්ඝෝෂණයක්ද පවත්වන ලදි.

      මේ අනුව පෙනී යන්නේ ශිෂ්‍ය පා ගමනට ආණ්ඩුව බොහෝසේ බියපත්ව ඇති බවයි. මේ සියලූ මර්දනීය මැදිහත්වීම තුළ එකී යථාර්ථය මැනවින් පෙන්නුම් කරයි.

      අද මෙම පා ගමන නතර කළ ද පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව සිදු කරන අරගලය කිසිදු හේතුවක් මත හකුලූවා නොගන්නා බවත්, ඕනෑම මර්දනීය තත්වයක් යටතේ වූව පසු නොබැස මෙම පනත පරාජය කිරීම දක්වා අරගලය කරන බවත් හා කිසිලෙසකින්වත් නිදහස් අධ්‍යාපනය වැනකසීමට ඉඩනොදෙන බවත් ප‍්‍රකාශකර සිටිමු.


ස්තූතියි. මාධ්‍ය ඒකකයඅන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි