ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, December 21, 2011

රාජ්‍යනොවන විශ්ව විද්‍යාල පනතින් කුඩුමුදලාලිලාට අධ්‍යාපනය හැසිරීමේ බලය දෙනවා - නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජනතා ව්‍යාපාරය

     කුඩු මුදලාලිලාට හෝ කළුකඩ මුදලාලිලා අතට මේ රටේ උසස් අධ්‍යාපනය හැසිරවීමේ සියළුම බලය ලබාදීමට ආණ්ඩුව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පනත ගෙනඒමට සූදානම් වන බව ''නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජනතා මධ්‍යස්ථානය" පෙන්වා දෙයි. දෙසැම්බර් 20 දින පෙරවරුවේ කොළඹ ජාතික පුස්තකාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව හෙළි කලේය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවූ එම මධ්‍යස්ථානයට සම්බන්ධ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය ඉදුනිල් විජේනායක, ලංකා ගුරුසේවා සංගමය නියෝජනය කරමින් ධම්මික අලහප්පෙරුම, සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාසැල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සාමාජික ආයුර්වේද වෛද්‍ය නන්දන වීරසිංහ යන මහත්වරු සහභාගී වූහ.

     මෙහිදී මුලින්ම අදහස් දැක්වූයේ එම ජනතා මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතාය.

     රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අභිබවාගිය රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබද තීරණ ගන්නා බල සම්පන්න ආයතනයක් පිහිටුවීමට සැලසුම්කරඇති බව පැවසීය. මෙම බලසම්පන්න ආයතනය පිහිටුවන්නේ අධ්‍යාපන කළුකඩ මුදලාලිලා සහ ඇමැතිවරයාගේ අවශ්‍යතාව මත පත්කරන නිලධාරීන් විසින් බව හෙළිකලේය. මෙම බරපතල තත්වය පරාජය කිරීමට මේවනවිටත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් දැනුවත් කරමින් සිටින බවද මාධ්‍යවේදීන් හමුවේ තොරතුරුහෙළිකර සංවාදයක් ගොඩනගන බව හෙළිකලේය.

     මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ රාජ්‍යනොවන විශ්වවිද්‍යාල පනත යනුවෙන් ගෙනඑම මෙම පනත මගින් ජනතාවට කොලේ වහා ගසන අතිභයානක පනතක් බවය.

     නිදහස් අධ්‍යාපනය පෞද්ගලික අංශයට විකුණාදැමීම සදහා ගෙනඑන ඉතිහාසයේ භයානකම පනත මෙය බව හෙළි කලේය. රාජ්‍යනොවන විශ්ව විද්‍යාල යන ලාභ නොලබන පුණ්‍යායතන බවත් පෞද්ගලික විශ්වවිද්‍යාල යනු හුදු ලාභ ලැබීමේ අරමුනින්ම පවත්වාගෙන යන කළු කඩයක් බවත් හෙලි කලේය.

     ''ලෝකයේ සමහර රටවල පෞද්ගලික විශ්ව විද්‍යාල නීතියෙන්ම තහනම් කර තිබෙනවා. ග්‍රීසිය එයට උදාහරණයක්. එංගලන්තේ තියෙන්නෙත් එක් පෞද්ගලික විශ්ව විද්‍යාලයක්. ඕස්ට්‍රේලියාවේ තිබෙන්නෙත් දෙකයි. සිංගප්පූරුවේ එකයි. මේවගේ තත්වයක් යටතේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ලේබලය යටතේ අධ්‍යාපනය විකිණීමට ආණ්ඩුව ගෙනියන ප්‍රෝඩාව අපි සම්පූර්ණයෙන් පරාජය කරනවා." යැයි පැවසීය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි