ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, December 23, 2011

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලාගන්නා තුරු සටන් වදිනවා - අ.වි.ශි.බ.ම

ලබන ජනවාරි මාසයේදී ගෙන ඒමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළා ගන්නා තුරු ඕනෑම මර්දනීය තත්වයක් යටතේ සටන් වැදීමට ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරයි.

      දෙසැම්බර් මස 21 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පැවැත්වූ විරෝධතාව දැඩි ආරක්ෂක රැකවල් යොදා නතර කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ බව ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ:

      උද්ඝෝෂණය වැළැක්වීම සදහා පොලීසියේ හා හමුදාවේ පිරිස් 1000වඩා වැඩි ප‍්‍ර‍්‍රමාණයක් සම්බන්ධ කළ අතර ඊට අමතරව පා ගමන සංවිධානය කිරීම වැලැක්වීමට හමුදාවේ ඉහළ නිලධාරීන් යොදවා සිසු නායකයින්ට මරණ තර්ජන පවා එල්ල කිරීම සිදු කළේය. ඊට අමතරව පා ගමන සංවිධානය කිරීම නිසා විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් කිරීමේ හා සිසු ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීම යන අභූත චෝදනා යටතේ මේ වන විට ප‍්‍රජාතත්ත‍්‍ර විරෝධී අයුරින් සියලූ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට ද ආණ්ඩුවේ මැදිහත්වීම මත පරිපාලනය කටයුතු කර ඇත.

      එසේම මෙම ශිෂ්‍ය පා ගමනට විරුද්ධව රජයේ ආරක්ෂක අංශය පමණක් නොව නොනිල මැර පිරිස් ද යොදාගෙන තිබුණි. එස්.බී. ඇමතිවරයා තම ආසනයේ අහිංසක මිනිසුන්ගේ සමෘද්ධි හා පිංපඩි සහනාධාර කප්පාදු කරන බවට තර්ජනය කරමින් සරසවිය ඉදිරිපිටට බලහත්කාරයෙන් ඔවුන් ගෙනවිත් උද්ඝෝෂණයක්ද පවත්වන ලදි.

      මේ අනුව පෙනී යන්නේ ශිෂ්‍ය පා ගමනට ආණ්ඩුව බොහෝසේ බියපත්ව ඇති බවයි. මේ සියලූ මර්දනීය මැදිහත්වීම තුළ එකී යථාර්ථය මැනවින් පෙන්නුම් කරයි.

      අද මෙම පා ගමන නතර කළ ද පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව සිදු කරන අරගලය කිසිදු හේතුවක් මත හකුලූවා නොගන්නා බවත්, ඕනෑම මර්දනීය තත්වයක් යටතේ වූව පසු නොබැස මෙම පනත පරාජය කිරීම දක්වා අරගලය කරන බවත් හා කිසිලෙසකින්වත් නිදහස් අධ්‍යාපනය වැනකසීමට ඉඩනොදෙන බවත් ප‍්‍රකාශකර සිටිමු.

1 comment:

  1. pl read this

    http://meeghaya.wordpress.com/2011/12/25/වෙළඳපල-අර්ථක්‍රමයේ-ජනතා

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි