ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, December 30, 2011

කමිටු ප්‍රෝඩා එපා. විකෘති ප‍්‍රතිඵල අත්හිටුවා නිවැරදි ප‍්‍රතිඵල නැවත ලබා දෙනු !

      උසස්පෙළ විභාග සම්බන්ධව උද්ගතව ඇති ගැටලූ පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර ඇත. එම කමිටුව විසින් සිදු වූ අඩුපාඩු සෙවීම පමණක් නොව අනාගතයේ මෙවැනි තත්වයක් සිදුවීම වැලැක්වීම සහා ද නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

     උසස්පෙළ ප‍්‍රතිඵල ගැටලූව උද්ගත වූයේ පසුගිය 25 වනදා රාත‍්‍රියේ සිට වන අතර මුළු රටම කම්පනය කළ මේ ප‍්‍රශ්නය සම්බන්ධව ජනාධිපතිවරයා සංවේදී වී ඇත්තේ අදය. කෙසේ හෝ 26 වන දින එනම් ගැටලූ ඇති වුණු දිනයේ පත් කළ යුතුව තිබූ කමිටුවක් මෙසේ පත්කොට ඇත. හොරු ඇවිත් හත් අවුරුද්දකට පසුව බල්ලන් බුරන්නේ යැයි කියන කියමන මෙම කමිටුව පත්කිරීමත් සමගම අප කාටත් සිහිපත් වේ.

      කමිටුවක් පත්කිරීම හොමුත් පවත්නා විකෘති ප‍්‍රතිඵල අත් හිටුවීමකින් තොරව පත්කළ කමිටුව සිදු කරන්නට යන්නේ කුමක්ද? වෙනදා සිදු වූ අයුරින්ම ගැටලූවක අවසානයේ දී ජනාධිපතිතුමා මැදිහත්වුනායැයි කියා ලකුණු දමා ගැනීමට මිස ප‍්‍රශ්නය විසඳීමට නොවේ. මන්දයත් මෙවැනි කමිටු ඉතිහාසයේ පත්කළ පළමු අවස්ථාව මෙය නොවන අතර එසේ පත්කළ කමිටු පිළිබවත් ඉදිරිපත්කළ වාර්ථාවලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබවත් අපි ඉතා හොඳින් දනිමු.

      මෙයද එවන් වූ ප්‍රෝඩාවක් මිස අන්යමක් නොවේ. කමිටු මාස ගනණාවකින් පසු නිර්දේශ සහිත වාර්ථාවක් ඉදිරිපත් කරන අතර එය ද සුපුරුදු පරිදිම ජනාධිපතිවරයා විසින් හමස් පෙට්ටියට දමා වසනු ඇත. අසාධාරණයට ලක් වූ දහස් ගණනක් සිසුන්ට හෝ දෙමාපියන්ට ඉන් ඇතිවන ප‍්‍රතිලාභයක් නොමැත. සිදුවනු ඇත්තේ ආණ්ඩුව මේ වන විටත් කියමින් සිටින පරිදිම උසස්පෙළ විභාග ප‍්‍රතිඵලය තුළ කිසිඳුගැටළුවක් සිදු නොවූයේයැයි තහවුරු කිරීම පමණයි. එම නිසා මෙවැනි ප්‍රෝඩාවන්ට හසු නොවන ලෙස අප මේ රටේ දෙමාපියන්ගෙන් හා සිසුන්ගෙන් අප ඉල්ලා සිටිමු. එසේම බොරු සෝබන වැඩ නවතා පවත්නා විකෘති ප‍්‍රතිඵල අහෝසිකොට සියලූ ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණයක් කර නිවැරදි ප‍්‍රතිඵල නිකුත් කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කර සිටිමු.


ස්තූතියි.
කැඳවුම්කරු,
සංජීව බණ්ඩාර

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි