ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, April 27, 2012

මාළඹේ උපාධි කඩයට එරෙහිව වෛද්‍ය සිසුන් වීදිබසී

     මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සැබෑ තත්වය කමිටු වාර්තාව මගින් අනාවරණය වී ඇති නිසා වහාම එය වසා දමන ලෙස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව විසින් අද දින (26) උද්ඝෝෂණ පාගමනක් පැවැත්වීය. කොළඹ ජාතික රෝහල අසල සිට අරලියගහ මන්දිරය දක්වා මෙම උද්ඝෝෂණ පාගමන සංවිධානය කර තිබිණි. 

     මෙම උද්ඝෝෂණ පාගමන සඳහා සහභාගීවීමට පැමිණෙමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් රැුගත් බස් රථ 6කට සහ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් රැඟත් බස් රථ 2කටද නිට්ටඹුව හා වත්තල ප‍්‍රදේශවල දී පොලීසිය විසින් බාධා එල්ල කර තිබේ. 

     උද්ඝෝෂණ පාගමන සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පීඨි ශිෂ්‍ය කි‍්‍රයාකාරී කිමිටුවේ කැඳවුම්කරු නිලාන් ප‍්‍රනාන්දු සහෝදරයා, 

     ‘‘මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මෙතෙක් කාලයක් සඟවා සිටි ඇත්ත කාරනා සියල්ල දැන් හෙළිදරව්වෙලා තියෙන්නේ. උසස්පෙළ අසමත් සිසුන් පවා ඉතා වංචාකාරී ලෙස එහි අධ්‍යාපනය ලබනවා. වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපි දිගින් දිගටම මේ ඇත්ත තත්ත්වය පෙන්වල දුන්න. උද්ඝෝෂණ, පාගමන් පංති වර්ජන වගේ විරෝධතා කි‍්‍රයාමාර්ග අපි දියත් කළා. යන්න පුළුවන් හැම ආයතනයකටමත් නිලධාරීන්වත් මුණ ගැහුණා. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න කිව්වෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය බවයි. මේ විදියට ප‍්‍රතිපත්ති හදන්නේ ආණ්ඩුව නිසා තමයි අපි උද්ඝෝෂණ පාගමනින් අරලියගහ මන්දිරය දක්වා පාගමනින් ඇවිත් ජනාධිපතිවරයාට සංදේශයක් බාරදෙන්න තීරණය කළේ. ආරම්භයේ සිටම අපිට බාධා එල්ල වුණා. ඒක එදත් අදත් වෙනසක් නැහැ. නමුත් අපි නිදහස් අධ්‍යාපනය රැුකගන්න ඕනම කැපකිරීමක් කරන්න සූදානම්. තවදුරටත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකරන්න අපි ඉඩතියන්නේ නැහැ. හෙට දිනයේම මෙම උපාධි කඩය වහාම හකුළාගත්තේ නැතිනම් ඉතා ඉක්මනින් සියළුම විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම මේ රටේ ජනතාව ද එකතුකරගෙන අපි නිදහස් අධ්‍යාපනය රැුකගැනීම වෙනුවෙන් ඉදිරියට එනවා’’

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි