ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, May 8, 2012

අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සටනට

Dr. Mahim mendis
     අධ්‍යාපනය සඳහා වෙන්කරන ප්‍රතිපාදන කප්පාදුව වහා නතර කර ජාතික ආදායමෙන් සැලකියයුතු ප්‍රතිශතයක් අධ්‍යාපනය සඳහා වෙන්කරන ලෙස රජයට බලකරමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.

      ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සන්සන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා වෙන්කරන ප්‍රතිපාදන අවම මට්ටමක පවතින බව එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා සඳහන් කරයි.

      මේවන විට මෙරට අධ්‍යාපනය සඳහා වෙන්කරනුයේ ජාතික ආදායමෙන් 1 . 8%ක් පමණකි. නමුත් ඉතියෝපියාවේ එම අගය 4 . 5%ක් වන බවත් බංග්ලාදේශයේ ජාතික ආදයමෙන් 13%ක් අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන බවත් මහීම් මෙන්ඩිස් මහතා පෙන්වා දෙයි.

      ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය සඳහා වෙන්කරන ප්‍රතිශතය දිනෙන් දින කප්පාදුවට ලක්වෙමින් ඇති බවද පෙන්වාදුන් ඒ මහතා මෙම තත්ත්වය වහා නතර කිරීම සඳහා ජනතාව පෙළගැසිය යුතු බවද අවධාරණය කළේය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි