ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, January 4, 2012

සිසු විරෝධය හමුවේ පේරාදෙණි ශිෂ්‍ය සංගම් තහනම ඉවතට

     පසුගිය දෙසැම්බර් මස 21 වන දින තහනම් කරන ලද පේරාදෙණිය වි.වි. මහා ශිෂ්‍ය සංගමය සහ සියලු පීඨ ශිෂ්‍ය සංගම් 2012 ජනවාරි මස 02 වන දින සිට යලි පිහිටුවීමට විශ්ව විද්‍යයාලීය පාලක සභාව තීරණය කර තීබේ.

      විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් කිරීම හා විශ්ව විද්‍යාල ප්‍රජාව අනාරක්ෂිත කිරීම යන චෝදනා මත මහාශිෂ්‍ය සංගමය හා සියලු පීඨ ශිෂය සංගම් තහනම් කරවීමට පේරාදෙණිය විශ්ව විද්‍යල පාලක සභාව තීරණය කරන ලදී.

      කෙසේ වෙතත් මෙම තහනමට සරසවි ආචාර්යවරුන් අතුළු බොහොදෙනෙකුගේ විරෝධය එල්ල වූහ. එමෙන්ම අසාධාරණ හා අභූත චෝදනා ප්‍රතික්ෂේප කරමින් අත්තනෝමතික ලෙස ශිෂ්‍ය සංගම් තහනමට එරෙහිව සිසුන් අඛණ්ඩ පංති වර්ජනයක යෙදුනහ. එම ශිෂ්‍ය විරෝධය හමුවේ දින 10 ක් ඇතුලත පාලනාධිකාරියට සිය අත්තනොමතික තීන්දුව මෙලෙස හකුලාගැනීමට සිදුවූ බව මහා ශිෂය සංගමයේ සභාපති මහේස් ලංකා මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි