ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, January 3, 2012

වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස කාලෝ ෆොන්සේකා වැඩ බාරගනී

Dr. Carlo Fonseka
     ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික මද්‍යසාර හා දුම්වැටි පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වන මහාචාර්ය කාලෝ ‍‍‍ෆොන්සේකා මහතා ජනවාරි මස 02 වැනිදා උදැසන සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

     අතීතයේ නිදහස් වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය රැකගැනීම සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව සටන්කර පරාජය කිරීම වෙනුවෙන් මැදිහත්වීඇති ඒ මහතා පසුගිය වකවානුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පෙනීසිටිමින් ජනතා විරෝධී දේශපාලනික ව්‍යාපෘති සමාජගතකිරීමට සෘජුවම දායක විය.

     අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය ද ඇතුලු විවිධ ක්ෂේත්‍රවලට අයත් පාර්ෂවයන්ගෙන් ඒල්ලවූ විරෝධයද නොසලකා වත්මන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත.


     මේවනවිට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එරෙහිව විශාල බාධකයක්ව පැවත් ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ක්‍රියාකාරිත්වයටද සෘජුවම සිදුවන මෙවැනි දේශපාලන මැදිහත්වීම් දැඩි පිලිකුලෙන් යුතුව හෙලාදකිමු.
 

1 comment:

  1. මේකටත් කස්ටිය විරුද්ද වෙලානේ....

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි