ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Saturday, January 7, 2012

ආණ්ඩුව සියලු එකඟතා කඩකරලා - 16 සිට ක්‍රියාමාර්ග - සරසවි ඇදුරෝ අනතුරු හඟවති

Dr. Nirmal ranjith dewasiri
     සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් එළඹෙන ජනවාරි 16වැනිදා සිට යළිත් රජයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

     ජනවාරි මස 06 සිකුරාදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව රැස්වූ බවත් එහිදී මේ සම්බන්ධයෙන් තීරණය කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි. පසුගිය වසරේ ජුලි මස 21 වැනිදා රජය සමඟ පැවති සාකච්ඡාවලදී එළඹූනු එකඟතාවයන් සියල්ල ආණ්ඩුව පාර්ශ්වයෙන් උල්ලංඝණය කර ඇති බවත් විශ්වවිද්‍යාල සම්බන්ධ තීරණ ගැනීමේදී ආචාර්ය සමිති සම්මේලනයත් සමඟ සාකච්ඡා පැවැත්විය යුතු බවට වූ එකඟතාවයද උල්ලංඝණය කරමින් ආණ්ඩුව විසින් සිය හිතුමනාපයට පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනඒමට උත්සාහ දරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

      මේ සියලු කාරණා සැළකිල්ලට ගනිමින් එයට විරෝධය පළකිරීමක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට තම සම්මේලනය තීරණය කළ බවද දේවසිරි මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව එළඹෙන 18 වැනිදායින් ඇරඹෙන සතියේ සිට සංකේත වර්ජනයක් පැවැත්වීමට සිය සම්මේලනයේ විධායක කමිටුව තීරණය කළ බවද ඔහු අනාවරණය කර සිටි‍යේය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි