ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, September 2, 2011

පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය නීත්‍යනුකූල කළොත් රජයේ වෛද්‍යවරු සටනට

     මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පියවර ගත හොත් එදින සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්‌ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යමකාරක සභාව ඉකුත්දා ඒකමතිකව තීරණය කර තිබේ.

     නිසි සුදුසුකම්හා පහසුකම් නොමැති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ව්‍යාජආයතනයක්‌ බවත් එම ආයතනයට නීත්‍යනුකූලභාවය ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවක්‌ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පැවසීය.

     මෙම ආයතනයට නීත්‍යනුකූලභාවය ලබාදීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කරගෙන යනුයේ එම කොමිෂන් සභාවේ සිටින යම් යම් පුද්ගලයන්ගේ සහයෝගය මත බවද වෛද්‍ය ගුණසේකර මහතා කීවේය.

     රුපියල් ලක්‍ෂ 65ක්‌ පමණ ගෙවමින් වෛද්‍ය අධ්‍යාපනය සඳහාසිසුන් බඳවා ගනු ලබන ඇඳන් 1002 කින් සමන්විත බව කියන අදාළපෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවන වෛද්‍ය උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ කිසිවකුට වගකිව නොහැකි බවද වෛද්‍ය ගුණසේකර මහතා අවධාරණය කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ ඊයේ (01දා)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණුඅනාවරණය කළේය.

2 comments:

  1. කාලකණ්නි ඉරිසියා කාරයෝ..
    ලංකාවේ campus වල ඉඩ තිබුනා නම් SSS තිබුනත් medicine යන්න පුලුවන්.එතොකොට SSS තියන ‍ළමයෙක් medicine කරන්න සුදුසු නෑ කියන්නේ තනිකරම කුහක කමට.එලියේ job market එකේදී private campus වලින් පිටවන අයත් එක්ක තරග කරන්න තියන බය තමා මේත.මොකද දැන් hospital ඇතුලේ මෙඩ්ඩෝ ලෙඩ්ඩුන්ට දාන පොර පාට් එතකොට දාන්න බැරි නිසා.
    අපිට ලකුණු 20-30ක් මදි වෙලා Z එක දශම ගාණකින් අඩු වුනේ අපි වැඩ නොකරපු නිසා නෙවේ. එ හන්දා gov campus වල මෙඩ්ඩෝ මොනා කිව්වත් private campus මේ රටේ ඇරෙනවා තව.එතකොට gov campus වල මෙඩ්ඩොන්ට ලෙඩ්ඩුන්ගේ ඇගිල්ල වෙනුවට අත කපලා උනට පාචනේට දෙන බෙහෙත් දීලා ලෙඩ්ඩු මරලා shape වෙන්න හම්බෙන්නේ නෑ.එතොට medicine field ඒකේ පොර ටෝක් දිලා විතරක් ඉන්න බෑ.ලෑස්තිවෙලා ඉදපල්ලා.අධිකරන වෛද්‍යවරයත් private campus එකකින් ආව එකෙක් උබ න දවසට උඹලා ඔය යට ගහන ගහන විදිහිට ලෙඩ්ඩු මරලා shape වෙන්න දෙන්නේ නෑ.ඒ හන්දා වැදි බන නොකියා faculty වල ඉගෙන ගනිල්ලා.මොකද අපි අපේ සල්ලි වලින් ඉගෙන ගත්තට උඹලා ඉගෙන ගන්නේ අපි බදු ගෙවන සල්ලි වලින්.ඒ නිසා උඹලත් වැ‍ඩ්ඩෝ විදිහට campus වලින් එලියට ඇවිත් කෙලින් හිට ගනිල්ලා.අනාගතේ ඉන්නේ වැඩ්ඩෝ විතරයි.පොර ටෝක් කාරයෝ නෑ එදාට.

    ReplyDelete
  2. "වෛද්‍යවරු සටනට" බලපල්ලකෝ ඒක කියන ලස්සන නිකං මේ ආත්ම ගානකින් සටන් කරනවා වාගේ ලෙඩ්ඩු මලත් ස්ට්‍රයික් කරන දොස්තරලා කන්ඩායමට ඉරිසියා ඇති තමන්ට උඩින් එකෙක් එකන එක ගැන ..

    පොදු ජනතාවගේ සල්ලි වලින් කැම්පස් ගිහිල්ලා ඒකට අලුතින් එන එවුන්ව එලවන්න රැග් දීලා . ඒකේ ඇතුලේම කුලල් කාගෙන අන්තිමේට එලියට එන්න පුලුවන් ..මේව තමා ඉවසන්න බැරි මුන්ට

    කවුද බං කියන්නේ සල්ලි වලට උපාධි දෙනවා කියලා ..? කොහේ ගියත් තැන තියෙන්නේ දක්‍ෂයාට ..

    බලහංකෝ ඉරිසියාව මුංට කාලා ඉන්න බෑ ..

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි