ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, January 25, 2011

රුහුණ වෛද්‍ය පීඨ නේවාසිකාගාර ගැටලූව නැවත උණුසුම් වේ

     රුහුණ විශ්වවිද්‍යාලයේ සියලූම නේවාසිකාගාර සිසුන්ගෙන් අසාධාරණ ලෙස නේවාසිකාගාර ගාස්තු අයකිරීමේ වැඩපිලිවෙලක් මේවන විට ක‍්‍රියාත්මකවෙමින් පවතී.

     විශේෂයෙන් වෛද්‍ය පීඨය තුල පවතින නේවාසිකාගාර වලින් එම නේවාසිකාගාරවල විදුලිය ජලය සඳහා සහ පීඨයේ අනෙකුත් සුභසාධන කටයුතු සඳහා වැයවන මුදල නේවාසිකාගාර සිසුන්ගෙන් අයකිරීමට එම පීඨ පරිපාලනය සැලසුම්කර තිබේ. මේවනවිට එම නේවාසිකාගාර සිසුන් නියම්ත අධ්‍යයන වර්ශය සඳහා නේවාසිකාගාර වල ලියාපදිංචි වී ඇතත් පීඨ පරිපාලනය කියාසිටියේ නව සංශෝධිත ගාස්තු ගෙවා නිමකර නැවතත් ලියාපදිංචිවන ලෙයයි. නමුත් සිසුන් එයට විරෝධය පලකර එකම කාලසීමාවක් තුල එකම නේවාසිකාගාරයේ දෙවතාවක් ලියාපදිංචිවීම ප‍්‍රතික්ෂේප කලේය.

     2010.12.06 දින පැවති 3rd MBBS part 1 විභහගයේ ප‍්‍රතිඵල මේවන විට නිකුත්කර ඇතත් නේවාසිකාගාර සිසුන්ගේ එම විභහගයේ ප‍්‍රතිඵල අත්හිටුවා ඇත. මේහේතුවෙන් වෛද්‍ය පීඨයේ ඉතා උනුසුම් කාරී වාතවරණයක් නිර්මාණය වී ඇත.

     මෙම නේවාසිකාගාර කුවේට් රජයේ ආධාරයක් ලෙස ලැබූවක් වන අතර ඊට පෙර වෛද්‍ය සිසුන්ගේ නේවාසිකාගාර ලෙස භාවිතාරන ලද්දේ කරාපිටිය අවට පිහිටි පෞද්ගලික නිවාසය. මේසඳහා වෛද්‍ය පීඨය මගින් එක් නේවාසිකාගාරයක් සඳහා මසකට කුලිය රු 30 000 -  50 000 ක් අතර මුදලක් ගෙවන ලදී. මෙලෙස මසකට බාහිර නේවාසිකාගාර සඳහා රු ලක්ෂ ගනනින් ගෙවූ මුදල් දැන් ඉතිරිව තිබියදීත් මෙම නේවාසිකාගාර සඳහා නැවතත් සිසුන්ගෙන් මුදල් අයකරනුයේ කුමක් සඳහාදැයි සිසුන් ප‍්‍රශ්නකරමින් සිටී.

     වත්මන් ආණ්ඩුව මගින් විශ්වවිද්‍යාල තුල දිගින් දිගටම සිදුවන ප‍්‍රතිපාදන කප්පාදුව හේතුවෙන් ඒවායේ ඇතිවන සියලූ අර්බුද සිනුන්ගේ කරමත පැටවීම විශ්විද්‍යාල පරිපාලනය විසින් සිදුකරමින් සිටී. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකරමින් නිදහස් අධ්‍යාපනයට විනකරමින් සිටින එස් බී දිසානායක මහතා ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ පවතින විශ්ව විද්‍යාල පද්ධතිය සුරක්ශිත කරනවායැයි දොඩවන පුරසාරම් මේවනවිට විහිලූවක්ව ඇතිබවට මෙය කදිම උදාහරණයකි.

1 comment:

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි