ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, May 9, 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 1600ක හිඟයක්

     මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විද්‍යා, ඉංජිනේරු, නීති සහ කළමණාකරණ වැනි ප්‍රධාන විශයන් මෙන්ම තවත් විෂයන් කිහිපයක් සඳහා 1600 කට අධික ආචාර්යවරුන්ගේ හිඟයක් පවතින බව වාර්තාවේ.

      විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට ලැබෙන වැටුප් සහ දීමනා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඒ සඳහා විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් වෙනත් ආයතනවලට සිය සම්පත් දායකත්වය ලබාදීමට පෙළඹීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. මීට අමතරව පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගතවන මෙරට උපාධිධාරීන් නැවත මෙරටට නොපැමිණීමද හේතුවෙන්ද සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ හිඟයක් මතුවී තිබේ.

      එනිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙත පොරොන්දුවී ඇති වැටුප් වැඩිවීම් සහ දීමනා වහා ලබාදී, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී.

1 comment:

  1. අනේ මන්දා බන් .....හොදට උගන්වන්නේ නැ ගොඩක් අලුත් ලෙචාලා

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි