ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Sunday, May 20, 2012

උසස් අධ්‍යාපනයට රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න - මහීම් මෙන්ඩිස්

     උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

     උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වරින්වර ගන්නා අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් සිසු දරුවන් දුෂ්කරතාවට පත්ව ඇති බව එහි ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා සඳහන් කරයි. අධ්‍යාපනය සම්බන්ධව රජයට පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති බව ද ඒ මහතා පවසයි.

     මානව සහ භෞතික සම්පත් වර්ධනය කිරීමේ වැඩසටහනක් ‍රජයට නොමැති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

     දක්ෂතා ඇති මෙරට දරුවන්ට විශ්ව විද්‍යාල වරම් අහිමි කර ඇති රජය මහජන මුදලින් විදේශීය සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් ව ඇති බවට ද මහීම් මෙන්ඩිස් මහතා චෝදනා කරයි.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි