ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, April 19, 2012

නීතිවිරෝධී රෝහලට වෛද්‍යවරුන්ගේ විරෝධය

     උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අනුග්‍රහය යටතේ ලංකා බැංකුවෙන් ලබාදෙන රුපියල් මිලියන 600ක ප්‍රතිපාදනවලින් ඉදිකෙරෙන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලීය රෝහල නීතිවිරෝධී බව රජයේ වෛද්‍යවරුන් පිරිසක් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

     මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භකිරීමද නීතිවිරෝධී ආකාරයෙන් සිදුකර ඇති බවට ''පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්''ගේ සංවිධානය විසින් මෙයට පෙර අනාවරණය කර තිබිණ. දකුණු ආසියානු තාක්‍ෂණික හා වෛද්‍ය විද්‍යා ආයතනය (SAITM) යනුවෙන් ආරම්භකර තිබෙන්නේ ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇති තාක්ෂණික විද්‍යාලයක් නීතිවිරෝධී ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බවට පත්කරමිණි.

      මෙය අයත් වන්නේ නෙවිල් ප්‍රණාන්දු නම් වෛද්‍යවරයෙකුටය. මොහු එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිසදහස් පක්ෂ ආණ්ඩු බලයේ සිටින අවස්ථාවන්හිදී පක්ෂ මාරුකළ පුද්ගලයෙකි. ඔහු විසින් ආරම්භකර තිබෙන මතභේදයට තුඩුදී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව විශාල ජනමතයක් නිර්මාණය විය. එයට බදවාගත් මුල් සිසුන් කණ්ඩායමට සායනික පුහුණුව සදහා රජයේ රෝහල් ලබා නොදීම හේතුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝග මත ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 600ක් ලබාදී රෝහලක් ඉදිකෙරෙමින් පවතී. රජයේ වෛද්‍යවරුන් විසින් පෙන්වාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව එය නීතිවිරෝධීව ඉදිකෙරෙන බවයි.  

     මේ අතර රජයේ වෛද්‍ය විද්‍යාලවලට අයත් රජරට වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් ලබානොදීමෙන් එම සිසුන්ගේ අවසන් වසර අධ්‍යනකටයුතු බිදවැටෙන තත්වයක පැවතියදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රුපියල් මිලියන 600ක් ලබාදීම විශේෂත්වයකි. එමෙන්ම මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ මවුපියන් පිරිසක් විසින් එම වෛද්‍ය විද්‍යාලයේ පාලන අධිකාරිය එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවසා ඇත.

2 comments:

  1. අන්තර් විද්‍ය ක්‍රියාකාරි කමිටුවට වචනයක්
    ඔබලාට ඇත්තේ ඉගෙනීමටය.රජයක් ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්ති සෑදීමටය.ඔබලා රජයේ කාර්යයන් කිරීමට ගියහොත් එය බල්ලාගේ වැඩේ බුරුවා කලා මෙන්ය.
    මෙරටේ ජනතාව බහුතර චන්දයෙන් රජයක් පත් කර ඇත්තේ රාජ්‍ය පාලනය සඳහාය.
    පෞද්ගලීක සරසවි තිබීමේ ඇති වරද කිම?ඒකාධිකාරයක් එක දිගටම පවත්වා ගෙන යාමටද?ලෙඩුන් ප්‍රාන ඇපයට ගැනීමටද?
    ඔබලා හොඳින් මතක තබා ගත යුතු කරුනක් ඇත.ඔය වෛද්‍ය විද්‍යාලයේත් ඉගෙන ගන්නේ මේරටේ ජනතාවගේ දූ පුතුන්ය.ඔවුනුත් රජයට බදු ගෙවයි.රජයේ වෛද්‍ය විදුහල්,රෝහල් ආදි මේ හැමෙකක්ම නඩත්තු වන්නේ ජනතාව ගෙවන බදු මුදලෙනි.එසේත් නොමැතිව හඳෙන් බිමට වැටෙන මුදලකින් නොවේ.
    මාලඹේ දරුවන්ටද රජයේ රෝහල් වලින් සිය ඉගෙනීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුනුව ලබා ගැනීමට 200% ක ඓතියක් තිබේ.එවැන්නකට හරස්වන අනු නීතියක් වේ නම් ඒවා වෙනස් කල හැකිය.
    කෙසේ වෙතත් එම දරුවන්ට සායනීක පුහුනුව ලබා ගැනීම සඳහා රෝහලක් ගොඩනඟන විට එයටද විරුද්ධ වෙයි. මොන කුහක කමක්ද?
    මගේ මතයට අනුව තව වෛද්‍ය විදුහල් 50ක් වත ලංකාවේ ඇති කල යුතුය.

    ReplyDelete
  2. වෙන කාටත් වැඩියෙන් වෛද්‍ය අධ්‍යාපනයේ උන්නතිය පිළිඹද වගකීමක් වෛද්‍ය ශිෂ්‍යයන්ට ඇත . පාලකයන් තම වගකීම හරි හැටි ඉටු නොකරන විට වෙන ඇත්තේ කවර විකල්පයක් ද ? ලංකාවේ අනෙක් ක්ශේත්‍ර එකින් එක බිදවැටෙද්දී සාධනීය මට්ටමින් තවමත් ඉතිරිව ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සල්ලිකාර අධ්‍යාපනයේ සුදුසුකම් නොපිරූ පිරිසකට විනාස්හ කිරීමත ඉඩදී ඇස් කන් පියා සිටීමට අප සූදානම් නැත

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි