ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, April 19, 2012

රාජ්‍ය විශ්වවිද්‍යාල දියකර හැරීමේ කුමන්ත්‍රණයක්

      රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ කිරීමේ රජයේ උත්සාහයට තම සංගමය දැඩි විරෝධය පළකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පෙරේදා (17වැනිදා) ලිඛිතව දැනුම් දී ඇත.

      රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන කපා හරිමින් තිබෙන බව ද මෙතෙක්‌ විශ්වවිද්‍යාල මගින් පාලනය වූ සමහර අරමුදල් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඇතැයි ද සඳහන් කර ඇති සම්මේලනය ඒ සඳහා උදාහරණ කිහිපයක්‌ ද පෙන්වා දී ඇත.

      උසස්‌ අධ්‍යාපනයට අදාළව සිදු කෙරෙන ප්‍රතිසංස්‌කරණවලදී ආචාර්යවරුන් සහභාගි කර ගත යුතු බවට සම්මේලනය මීට පෙර ප්‍රකාශ කර සිටි නමුත් ඒ පිළිබඳ සැලකිල්ලක්‌ නොදක්‌වා මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණව සිටින බව ද සම්මේලනය සඳහන් කර තිබේ.

      තවද වෙනත් රටවල් අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයකට වැඩි ප්‍රමාණයක්‌ වෙන් කරන විට ආණ්‌ඩුව පසුගිය වසරටත් වඩා අඩු ප්‍රමාණයක්‌ මෙවර වෙන් කර ඇතැයි ද එහි සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි