ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Saturday, March 31, 2012

සරසවි ඇඳුරන්ට දේශපාලනය වලකා චක්‍රලේඛයක්

     විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දේශීය සම්මන්ත්‍රණ සහ වැඩමුළු සඳහා සහභාගීවිමේදී උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමතය ලබා ගැනීම අනිවාර්ය කරමින් එම අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ. මීට පෙර විදේශීය සම්මන්ත්‍රණ සඳහා සහභාගීවීමේදී පමණක් මෙසේ අවසර ගතයුතු විය.

      මේ පිළිබඳව අදහස් දක්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ මෙමඟින් විශ්වවිද්‍යාල ආචාර්යවරැන් සතු ශාස්ත්‍රීය නිදහස සහ ‍පොදු සංවිධාන කාර්යයන්හි යෙදීමේ නිදහස සීමා කෙරෙන බවයි. දේශපාලන පක්ෂවලට සම්බන්ධ වී කටයුතු කිරීමේ නිදහසද මෙම චක්‍රලේඛය මඟින් උල්ලංඝනය කෙරෙන බව සඳහන් කළ දේවසිරි මහතා මෙය විකල්ප මතයක් ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව යෙදූ උපක්‍රමයක් බවයි.

      මෙම චක්‍ර‍ලේඛය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ අතිරේඛ ලේකම් පී.ජී. ජයසිංහ මහතා ප්‍රකාශ කළේ චක්‍රලේඛයට අදාළ උපදෙස් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු බවත්, එය විධිමත් ලෙස සකස් කොට විශ්වවිද්‍යාල වෙත යැමීව පමණක් අමාත්‍යංශය මගින් සිදුකළ බවත්ය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි