ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, March 22, 2012

මාලඹේ වෛද්‍යවිද්‍යාලය රජයට පවරාගන්න

පා.ම. අනුර කුමාර දිසානායක මහතා
     මාලඹේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය රජයට පවරා ගන්නැයි ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානාක මහතා ඊයේ (20) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. එම ආයතනයේ දැනට මතුවී තිබෙන ගැටලුකාරී තත්වය විසදීමට ගන්නා පියවර කුමක්දැයි එහිදී මන්ර්‍ත්‍රීවරයා විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. එහෙත් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා එයට පිළිතුරක් නොදී පාර්ලිමේන්ත්‍රවෙන් පිටවී ගොස් තිබේ. එම ප්‍රකාශය පහත පළවේ.

     සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලජි ඇන්ඩ් මෙඩිසින් (ප්‍රයිවට්) ලිමිටඩ් (SAITM) ආයතනය හෙවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආශ්‍රිතව පැනනැගී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව මේ ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමතියි.

     මෙම ආයතනය ආරම්භ කිරීමේ කි්‍රයාවලිය අතිශය අවිධිමත් හා සැක කටයුතු ආකාරයට සිදුවී තිඛෙනවා. මෙම ආයතනය 2009 ජූනි 01 දින රුසියාවේ නිශ්නි නොවගෝර්ඩ් විශ්වවිද්‍යාලය සමග ඇතිකරගන්නා ලද ගිවිසුමක් අනුව ආරම්භ කර තිඛෙනවා. උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ප්‍රකාශ වුවද එය ආරම්භ වී ඇත්තේ, සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ ආයතනයක් ලෙසයි. ගිවිසුමට අනුවද ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ, වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් ලෙස ලියාපදිංචි වී නොසිටි බැවින් එයට රුසියානු විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ලෙස පෙනී සිටිය නොහැකි වුණා. ඒ නිසාම රුසියානු විශ්වවිද්‍යාලයේ පුහුණුව සඳහා සිසුන් යැවීමේ හැකියාවක්ද ඊට ඇත්තේ නැහැ. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ වගන්තියක් පාවිච්චි කරමින් උසස් අධ්‍යාපන ඇමතිවරයා මෙම ආයතනය මාස 06ක කාලයක් තුළ යම් යම් කාර්යයන් සැපිරීමේ පදනම මත ගැසටි පත්‍රයක් මගින් පිළිගනු ලබන්නේද 2011 අගෝස්තු 29 දිනයි.

     මෙම තත්වය පැවතියෙදීම ආයතනය 2009 සැප්තැම්බරයේ සිටම සිසුන් බඳවාගැනීමට කටයුතු කළා. ඒ අනුව 2009 වසරේ සිසුන් 35 දෙනෙකුද 2010 පෙබරවාරියේ සිසුන් 43දෙනෙක්ද 2010 සැප්තැම්බරයේ 53දෙනෙක්ද 2011 පෙබරවාරියේ සිසුන් 70දෙනෙකුද වශයෙන් කණ්ඩායම් 04ක් බඳවා ගත්තා. අමාත්‍යවරයා මෙම ආයතනය ගැසට් පත්‍රයේ පළකිරීමෙන් පසු 2011 සැප්තැම්බර් හා 2012 පෙබරවාරි වශයෙන් කණ්ඩායම් 02ක් බඳවා ගෙන තිඛෙනවා. අමාත්‍යවරයා ගැසට් පත්‍රයේ සඳහන් කරන්නේ, ඔහුගේ නියමය බලාත්මක වන දිනයෙන් පසුව ආයතනට ඇතුළත් වන සිසුන්ට පමණක් උපාධි ප්‍රදානය කිරීමේ බලය අදාල ආයතනයට හිමිවන බවයි. කෙසේ වුවද අමාත්‍යවරයා මේ දක්වා එය බලාත්මක කරන දිනයක්ද සඳහන් කර නැහැ.

     මේ තත්වය තුළ මහාචාර්ය ඒකක ඉදිකිරීමේ කාර්යය සඳහා යයි කියමින් ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 600ක ණය මුදලක් මෙම ආයතනයට මුදාහැර තිඛෙනවා. ඒ බව රජයේ ගැසට් පත්‍රය මගින්ද තහවුරු කිරීම මගින් ආණ්ඩුව මෙම පෞද්ගලික ව්‍යාපාරයේ වගකීමක් ගෙන තිඛෙනවා. රටේ උසස් අධ්‍යාපන අවස්ථා විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් විය යුතු බවට බලවත් මහජන ඉල්ලීමක් පවතිනවා. එම ඉල්ලීමට මුවාවී අධික ලාභ ලැබීමේ ජාවාරමක් ලෙස අධ්‍යාපන ව්‍යාපාර ඇරඹීමට ඉඩදිය යුතු නැහැ. අධ්‍යාපනය මුදල් හැකියාව අනුව ලබාගත හැකි සුපිරි වරප්‍රසාදයක්ද විය යුතු නැහැ. මේ මාලඹේ වෛද්‍ය ආයතනය මේ වන විට උපාධි ලබාදෙන බව ප්‍රකාශ කර රවටමින් ශිෂ්‍ය කණ්ඩායම් 6ක් එනම් මුළු ශිෂ්‍යයන් 369 දෙනෙක් බඳවා ගනිමින්ද තවදුරත් ජනතාව රැවටීමට ලක් කරමින්ද සිටිනවා. ආයතනය මෙම සෑම ශිෂ්‍යයෙකුගෙන්ම ලක‍ෂ 50 - 65 බැගින් වන මුදලක් කූට ලෙස අයකර ගෙන තිඛෙනවා. මෙය නතර කළ යුතුයි. මෙම ආයතනය සතු සම්පත් පාවිච්චි කර වෛද්‍ය අධ්‍යාපනයට ඇතුළත් වීමට අපේක‍ෂා කරන මේ රටේ තවත් සියයකට වැඩි සිසුන් සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකියි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය 1987දී මෙවැනි අර්බුදකාරී තත්වයක් හමුවේ රජයට පවරා ගැනුණා. මේ සියලූ තත්වයන් සලකා බලමින් සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වහාම රජයට පවරා ගත යුතු වෙනවා. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ වන අධ්‍යාපන ආයතනයක් කිරීමෙන් මිස මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකියි.

     ආණ්ඩුව දිගින් දිගට පුරාෙජ්රු ඉදිරිපත් කළෙA ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 500 අතරට අපේ විශ්වවිද්‍යාල ඇතුළත් කරන බවයි. ඒවායේ පහසුකම් ඉහළ නංවීමෙන් තොරව මෙබඳු බංකොළොත් පෞද්ගලික අධ්‍යාපන ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩදීමෙන් එසේ කළ නොහැකි බව පැහැදිලි වෙනවා.

     එහෙයින් මෙම ආයතනය රජයට පවරාගැනීම පිළිබඳ කටයුතු කිරීමට ගරු අමාත්‍යතුමා ගන්නා පියවර මෙම ගරු සභාව හමුවේ තබනු ඇතැයි අපේක‍ෂා කරනවා.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි