ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Sunday, March 25, 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට සංකේත වැඩවර්ජනයකට

Dr. Nirmal Randith Devasiri
     විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ‍ගැටළුවට මේවන තෙක් විසදුම් ලබා ‍නොදීමට එරෙහිව යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තීරණය කර තිබේ. ඒ අනුව හෙට (26) වැනිදා සංකේත වැඩවර්ජනයකට අවතීර්ණවීමට එම සංගමය තීරණය කර ඇත.

     ශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයේදී 2012 අයවැයෙන් ඊට විසඳුම් ලබා දීමට මෙම ආණ්ඩුව පොරොන්දු වුවද ආණ්ඩුව දුන් පොරොන්දුව කඩ කරන ලදි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් තල සකස්කිරීම සඳහා ප‍්‍රතිපාදන කොමිසන් සභාව මගින් 2008 වසරේ මහාචාර්ය ජෙෆ්රි හා මහාචාර්ය මලික් සමරසිංහ යටතේ පත්කළ කොමිසම මගින් ඉදිරිපත් කළ යෝජනා ක‍්‍රියාත්මක නොකිරීම, 2011 වසරේ ආචාර්යවරුන්ගේ අරගලයට මූලික හේතුව වී තිබූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.

      2012 අයවැය මගින් අදියර කිහිපයක් යටතේ මෙම ගැටලූව විසඳීමට ආණ්ඩුව පොරොන්දු වුව ද එය ක‍්‍රියාත්මක නොවුණි. එමෙන්ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භයේදී මහාචාර්යවරුන්ගේ අදහස් විමසා ඒ පිළිබඳ සංවාදයක නිරතවීම වැනි එකඟතා ද මේ වනවිට බිඳ දමා ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

      දිගින් දිගටම‍ පොරොන්දු ලබාදෙමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රැවටීමට ලක්කිරීමට රජය කටයුතු කරන බවත් එය දැඩි පිළි‍කුලෙන් යුතුව හෙළා දකින බවත් ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි