ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, January 12, 2012

පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව විද්වතුන් පෙළගැසෙති

     "පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හා උසස් අධ්‍යාපනයේ අනාගතය" මැයෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ (11) සවස කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල සේවා ශ්‍රවණාගා‍රයේදී පැවැත්විනි. එය සංවිධානය කර ති‍බුනේ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයයි. එහි කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමි, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීන් මෙන්ඩිස්, සංවාදය සදහා ප්‍රජාතන්ත්‍රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්ය වරු සංවිධානයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දිලීප විතාරණ, ජාතික විද්වත් වෘත්තීක සංසදයේ ප්‍රධාන ‍ලේකම් ආචාර්ය රොහාන් ප්‍රනාන්දු, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි වෛද්‍යවරු සංවිධා‍නයේ කැදවුම්කරු වෛද්‍ය ඉදුනිල් විජේනායක, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස. ලංකා විදුලි සේවක සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.

     පෞද්ගලික විශ්ව විද්‍යාල පරාජය කිරීමේ වගකීමට සියළුදෙනාම කැපවිය යුතු බවත් ඒ සදහා තම ව්‍යාපාරය පුරෝගාමී කාර්ය භාරයක් කරමින් සිටින බව මෙම සංවාදයේදී අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමියන් පැවසූහ. "අපේරටේ පරම්පරා ගණනාවක ජනතාවට සමාජයේ ඉදිරියට පැමිණීමේ අවස්ථා ලැබුනේ නිදහස් අධ්‍යාපනය නිසා. එය දිවි හිමියෙන් ආරක්ෂා කිරීම අපේ වගකීමයි. ඇගළුම් කම්හල් සේවක සේවිකාවන් පෞද්ගලික විශ්‍රාම වැටුප් පනත පරාජය කලාසේ ගොවීන් සහ වෙළදුන් කූඩ සෙල්ලම පරාජය කලාසේ මෙරට සබුද්ධික විශ්ව විද්‍යාල අචාර්යවරුන්, ගුරු සංගම්, ශිෂ්‍ය සංගම් හා වෘත්තීය සංගම් එක්ව පෞද්ගලික විශ්ව විද්‍යාල පනත පරාජය කරන බව සිකුරුයි." යනුවෙන් පැවසූහ.
 
     විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශකලේ මානව ශිෂ්ඨාචාරයේ අභිවෘධිය සදහා ‍රාජ්‍ය විශ්ව විද්‍යාල රැකගත යුතු බවයි. වෙළදපල සදහා භාරදුන් සෞඛ්‍ය, ගමනාගමනය ආදී සේවාවන්හි අහිතකර ප්‍රතිඵල අද අපි භුක්ති විදිනවා. අධ්‍යාපනයත් වෙළදපලට භාරදුනහොත් සිදුවන්නේ ඒ ඉරණමමයි. රාජ්‍ය අංශය දුර්වලවී ඇත්තේ පාලකයන්ගේ වගකීම් විරහිත කම නිසයි. පාලක ප්‍රභූන් රාජ්‍ය දේපල තමන්ගේ බූදල් ලෙස සලකා කටයුතු කළ නිසා විනාශයට පත්වූ ආකාරයෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාල වලටද මේ ඉරණම අත්වීමට ඉඩදී ඇතැයි වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි