ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, January 13, 2012

රජරට සිසුන් 06 කගේ ශිෂ්‍ය භාවය අත්හිටුවයි

     රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් හය දෙනකුගේ ශිෂ්‍ය භාවය දෙවසරකට අත්හිටුවා තිබේ.නොවැම්බර් මස 28 වැනිදා මෙම සිසුන් 06 දෙනාට සති 05 ක පන්ති තහනමක් පැනවූ අතර, ඔවුන්ගේ එම තහනම අවසන් වූයේ ඉකුත් දෙවැනිදාය.  යළිත් මෙම සිසුන්ගේ ශිෂ්‍යභාවය වසර දෙකකට අත්හිටුවනු ලැබු ඇත්තේ ඉන් අනතුරුවය.

     තමන් වෛද්‍යවරයෙක් වීමේ අපේක්ෂාවෙන් විශ්වවිද්‍යාලයට පැමිණියත් වෛද්‍ය සිසුන් සදහා අවශ්‍ය මහාචාර්ය ඒකකයවත් නොමැතිව තමන් මහත් පීඩණයකට ලක්ව ඇති අතර වසර කිහිපයත් තිස්සේ වි.වි. පරිපාලනය සමගත්, ආණ්ඩුව සමගත් සාකච්ඡාකලද මේවන තෙක් එහි වැඩකටයුතු ආරම්භකර නොමැත. රාජ්‍ය විශ්විධ්‍යාලවල පවත්නා මෙවැනි ගැටලු විසඳනවා වෙනුවට, මීට එරෙහිව හඩනගන ශිෂ්‍යයින් සහ ශිෂ්‍ය නාකයින්ගෙන් මෙ‍සේ අසත්‍ය චෝදනා එල්ලකර මර්ධනය කිරීම අප ඉතා පිලිකුලෙන් යුතුව හෙලාදකිමු.



No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි