ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, January 12, 2012

පනත හකුලාගන්නා තුරු, මර්දනය නතර කරන තුරු සටන ගෙන යනවා - රුහුණේ සිසුන්

     ආණ්ඩුවෙන් කුමන බාධා එල්ල වුවද යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළා ගන්නා තුරු සහ ශිෂ්‍ය මර්දනය නවතනතුරු තම සටන අත් නොහරින බව රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුහු පවසති.

     ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙසත් උසස්පෙළ විභාග ප‍්‍රතිඵල අවුල් කිරීමටත් එරෙහිවත් ජනවාරි 11 වන බදාදා එම විශ්වවිද්‍යාලයේ සිසුන් සංවිධානය කළ දැවැන්ත විරෝධතාවේදී සිසුහු මේ බව පැවසූහ.

     මෙම විරෝධතාව සඳහා සිසුන් 5,000 කට අධික පිරිසක් සහභාගීවී සිටි අතර එය අද මධ්‍යහන 12 ට රුහුණ විශ්වවිද්‍යාලයේදී අරම්භ විය. උදෑසන සිටම විශ්වවිද්‍යාලය අවට පොලීසිය, හමුදාව හා නිළ නොලත් මැරයන් විසින් කඩු පොළු රැගෙන සිසු උද්ඝෝෂණයට පහරදීමට සූදානම් සිටියහ.

     ඉංජිනේරු පීඨයේ සිසුන්, වෛද්‍ය පීඨයේ සිසුන් හා සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සිසුන් ඒකාබද්ධව හපුගල සිට විරෝධතා පාගමනින් ගාල්ල නගරයට පැමිණෙන විට පොලීසිය ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. මෙහිදී තුවාල ලැබූ ඉන්ජිනේරැපීඨ සිසුන් තිදෙනෙකු කරාපිටිය ක්ෂික්ෂණ රෝහලද ඇතුලත්කර ඇත.

     එමෙන්ම වැල්ලමඩම පරිශ‍්‍රසේ සිට මාතර නගරයට විරෝධතා පාගමනින් පැමිණීමට පැමිණි සිසුන්ද විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ගේට්ටුව අසලදී පොලිස් මාර්ග බාධක යොදා අවහිර කෙරිණි. පොලීසිය හමුදාව මෙන්ම නිළ නොලත් මැරයන් විසින් උද්ඝෝෂනයේ පැමිනි සිසුන්හට මරණීය තරජන එල්ල කල අතර පොලීසිය විසින් ශබ්ද විකාශන යන්ත‍්‍රද භාවිතා කරමින් ද සිසුන්හට තරජනය කෙරෙනි. උද්ඝෝෂණ භූමියට අධි පීඩන ජල ටැංකි හා කැරළි මර්දන ඒකකයක්ද කැඳවා තිබිණි.

      සියළු තර්ජන ගර්ජන හමුවේ නොසැළි සිසුන් විසින් පැය 3 ට අධික වේලාවක් සටන් පාඨ කියමින් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීමට බලකරන හා උසස්පෙළ විභාග ප‍්‍රතිඵල අවුල් කිරීමට එරෙහිව විරෝධය පළකරහ.

      සැබෑ ප‍්‍රශ්න වලට සිසුන්ගෙන් හා ජනතාවගෙන් නැගෙන විරෝධයට මුහුණදීමට නොහැකි මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් කරනු ලබන මෙවැනි ආකාරයේ නිවට ක‍්‍රියා තරයේ හෙලාදකින අතර පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලාගන්නා තුරු, ශිෂ්‍ය මර්දනය මුළුමනින්ම නවතන තුරු සටන අත්නොහරින බව සිසූහු ප‍්‍රකාශකර සිටියහ.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි