ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, January 13, 2012

කුමන නමකින් ගෙනාවත් උපාධි කඩ නීතිගත කරන පනතට ඉඩ නෑ- සංජීව බණ්ඩාර

     කුමන නමකින් ඉදිරිපත් වුවද යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ පනත ඉවත්කරගන්නා තුරු උද්ඝෝෂණ අත්නොහරින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (12 බ්‍රහස්පතින්දා) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

      "කවුරු විරුද්ධ උනත්, පෞද්ගලික විශ්විද්‍යාල ආරම්භ කරන බවට, වහසිබස් දොඩපු ආණ්ඩුව දැන් කියනවා පෞද්ලික විශ්වවිද්‍යාල පනතක් ගේන්නේ නෑ කියල. මේ ප‍්‍රකාශය මුලූමනින්ම බාරගන්න සූදානම් නැතත්, අද ආණ්ඩුවට අඩියක් පස්සට ගන්න වෙලා තිබිම ගැන අපි සතුටු වෙනවා. මොකද මෙහෙම කියන්න වෙලා තියෙන්නේ නිකන් නෙවෙයි. අපි කරපු උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක් විදිහට, හැබැයි අපි දන්නවා මේ හදන්නෙ කොලේ වහල ගහන්න තමයි කියල. ඒ නිසා අපි කියනවා තව මොකක් උනත් පෞද්ගලික විශ්වවිද්‍යාල නීති ගතකරන්න නම් පනත ගේන්නෙ, අපි අපේ උද්ඝෝෂණ අඩියක්වත් පස්සට ගන්නෙ නෑ.

      ඒ නිසා මේ දැන් ගෙනල්ල තියෙන පනත, නමින් පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් නොවුනට යොජනා අතිශය භයානකයි. මේ පනත අකුලගන්න. එතකොට අපිට උද්ඝෝෂණ ගැන කල්පනා කරල බලන්න පුලූවන්.

      ඒ වගේම දැන් දැන් ආණ්ඩුව පරණ පුරුදු න්‍යාය ආදේශ කරන්න පටන් අරගෙන තියෙනවා. මැරිච්චි කොටි හමට තඩිබෑමේ න්‍යාය, ශිෂ්‍යයෝ උද්ඝෝෂණය කරද්දි ඒ උද්ඝෝෂණ වලට කොටි ලේබලය අලවන්න හදනව, මේ තුළින් පේන්නෙ වෙන මොනවත් නෙවෙයි ආණ්ඩුවේ බංකොලොත්කම. මෙවැනි බොරු චෝදනා එල්ල කරන රාජ්‍ය මාධ්‍යන්ට සහ සියලූ පාර්ශ්වයන්ට එරෙහිව අපි ඉදිරියේදී නීතිමය කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි කියනවා උද්ඝෝෂණ නවත්වන්න නම් පනත හකුලගන්න. විශ්වවිද්‍යාල ගැටලු විසඳන්න, ඒ හැර වෙන විකල්පයක් නෑ

      ඒ විතරක් නෙවෙයි, උසස් පෙළ ප‍්‍රතිඵල මුළුමනින්ම වැරදියි කියල ඔප්පු වෙලා ඉවරයි. සූත‍්‍රය හදාදීපු මහාචාර්ය වරයා කියනවනම් ගණනය කරපු ක‍්‍රමය වැරදියි කියල තව මොනවද? සංඛ්‍යාන විද්‍යාව ගැන විශේෂඥයො නොවන ඊනියා කමිටුව දෙන නිර්දේශ අපි භාරගන්නේ නෑ.

      උසස් පෙළ සිසුන්ට සටනක් තියෙනවා. අපි සූදානම් ඒ සටනට නායකත්වය දෙන්න. දෙමව්පියන්ට අපි ආරාධනා කරනවා ඉදිරියට එන්න කියලා.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි