ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Monday, August 6, 2012

අධ්‍යාපනයේ ගැටළු සංයුක්තව වටහා ගන්න, මේක තමයි ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය

"අද අධ්‍යාපනයේ හැම ක්ෂේත‍්‍රයකම මතුවෙලා තියෙන විනාශය තනි තනි සිදුවීම් ලෙස විග‍්‍රහ කලොත් අපි මුලාවෙනවා. ඒ නිසා අපි මාධ්‍යවේදීන් ඇතුළු සියලූම ජනතාවගෙන් ඉලා සිටින්නේ මේක සංයුක්තව තේරුම් ගන්න කියලා. එහෙම කලොත් විතරයි අපිට මේ ප‍්‍රශ්න වලට සැබෑ හේතුව වගේම සැබෑ පිළිතුරක් සොයාගන්න පුළුවන් වෙන්නේ. එහෙම තේරුම් ගත්තොත් විතරයි 2011 උසස්පෙළ ප‍්‍රතිපල අර්බුදය කියලා අපි හඳුන්වන අවුල මින් දිරියට නොවෙන තැනට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඊළඟ වසර වටත් ඔයිට වඩා දේවල් වේවි” යි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නිලාන් ප‍්‍රනාන්දු සහෝදරයා පැවසිය.

ඒ බව ප‍්‍රකාශ වුයේ ජුලි 31 මරදාන සමාජ හා සාමුහික කේන්ද්‍රයේදී (CSR) පැවැත්වුණු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය. දිවයිනේ වෛද්‍ය පීඨ ගණනාවක නියෝජිතයන් සමබ්න්ධවුණු මෙම මාධ්‍ය සාකච්ඡාවේදී උසස් පෙළ අර්බුධය, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩ වර්ජනය, වෛද්‍ය උපාධිය කප්පාදු කිරීමේ තැන ආදී අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටළු පැන නගින්නේ කුමන අවශ්‍යතාවයක් නිසාද යන්න සාකච්ඡාවට ගැනුනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිලාන් ප‍්‍රනාන්දු සහෝදරයා,

"අපේ රටේ ඕනම අම්ම කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ ප‍්‍රධානතම හීනය තමයි තමන්ගේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීම. ඒක ලෝකයේ අනෙක් ඕනෑම රටකට වඩා මෙහෙදී වැඩියි. ඒක නිසා තමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොකා, නොබී, හරියට ඇඳුමක් පැළදුමක් නැතුව, දවසකට කිලෝමීටර් 20 ක් 30 ක් ගිහින් ඉගන ගන්නේ. ඒ හරියට ඉගන ගත්තොත් තමන්ට ඉදිරියට යන්න පුළුවන්, උසස් අධ්‍යාපනය ලබන්න පුළුවන් කියන විශ්වාසය ''නිදහස් අධ්‍යාපන ක‍්‍රමය" හරහා අපිට ලැබිලා තියෙන හින්දා. මේ කරන්නේ හිතාමතාම ඒ විශ්වාසය, අධ්‍යාපන ක‍්‍රමය ගැන තියෙන ලැදිකම බිඳ දමන ඒක. මොකද එහෙම විශ්වාසය බිඳ වැට්ටවීම හරහා තමයි ඉඩකඩක් විවර වෙන්නේ අධ්‍යාපන මුදලාලිලාට. උපාධි කඩවලට. ඒ සඳහා තමයි ආණ්ඩුව හිතාමතාම අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන අඩු කරලා සිසුන්ට, ආචාර්යවරුන්ට, අනධ්‍යන සේවකයන්ට යන සියල්ලටම මහා මගට බැස අරගල කිරීමට සිදුවන තත්වයක් නිර්මාණය කරන්නේ"

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ සහෝදරයා පැවසුවේ උසස් පෙළ ප‍්‍රතිපල අවුල කුමන ආකාරයෙන් විසඳුවත් එම සිසුන්ට පැමිණීමට ඇති සරසවි පද්ධතියත් විනාශ කරනමින් ඇති බවයි. මෙහි අවසන් අරමුණ අධ්‍යාපනයට වෙන් කරන ප‍්‍රතිපාදන අහෝසි කර එය මුළුමනින්ම වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම බව ජනතාව වටහා නොගත හොත් මෙම අධ්‍යාපන සංහාරය පාලයකයින් තව දුරටත් ඉදිරියට රැගෙන යන බව ප‍්‍රකාශ කළේය. වෛද්‍ය උපාධිය කප්පාදු කිරීම වැනි අමන යෝජනා ගෙන එන්නේද මෙහි ප‍්‍රතිපලයක් ලෙස බවද ඒ මහතා විස්තර කළේය.

ඊට පෙර අදහස් දැක්වූ කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති නජිත් ඉන්දික සහෝදරයා උසස් පෙළ අර්බුධය, වෛද්‍ය උපාධියේ විෂය කප්පාදුව හා විශ්ව විද්‍යාල අර්බුද එකම ගැටලූවක ප‍්‍රකාශන බව සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ නජිත් ඉන්දික සහෝදරයා,

"ඉතිහාසයේ පළමු වතාවට එකම විභාගයට ප‍්‍රතිපල තෙවරක් නිකුත් කළා. තෙවරක් ශිෂ්‍යන්ට බලාපොරොත්තු දුන්නා. මේ ගැටලූව මෙතරම් දුරදිග ගියාට පසුවත් ආණ්ඩුව තමන්ගේ උද්ධච්චකම පැත්තකින් තියලා වගකීම් සහගතව හැසිරුනේ නෑ. ඒක හොඳම හේතුව තමයි ශේෂ්ඨාධිකරණයේ ගොනු කර නඩුවේ තීන්දුව දෙනතුරු බලධාරීන් කලින් නිකුත් කල ප‍්‍රතිපල නිවැරදි බව ප‍්‍රකාශ කරමින් සිටියා මිසක, තමන්ගේ වැරදීමක් වෙලා තියෙනවා කියල හිතන්නවත් කැමති උනේ නැහැ. අචාර්ය, මහාචාර්යවරු ප‍්‍රශ්න පත‍්‍ර ටික හරියට හැදුවා. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හරියට උත්තර ලිව්වා. ගුරුවරු ඒ ප‍්‍රශ්න පත්තර හරියට එකතු කරලා ඒවායේ පිළිතුරු බැලීමේ කටයුතු නිවැරදිව සිදු කළා. එහෙම කරලා ලකුණු ටික දුන්නට පස්සේ මේ ආණ්ඩුවට බැරි උනා ඒක විශ්ලේෂණය කරගෙන ප‍්‍රතිපල නිවැරදිව නිකුත් කරන්නේ කොහොමද කියන ප‍්‍රශ්නය ගැන හිතන්න ඕන උත්තර බලලා ඉවර උනාම නෙවෙයි. විෂය නිර්දේශ හදද්දී‍"

අනෙක් පසින් විශ්ව විද්‍යාල ආචාර්ය වරු සති 3 ක් තිස්සේ දෙවන වරටත් වැඩ වර්ජනයක. ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම් තමයි "වසර 2 ක් තුල අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප‍්‍රතිශතයක් වෙන් කර මේ බිඳ වැටෙන අධ්‍යාපනය නගා සිටුවන්න, සරසවි වලට සිදුකරන දේශපාලන මැදිහත්වීම් නවත්වන්න, අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වලදී ඔවුන්ගේ මැදිහත්වීම් ලබාගන්න" වැනි ඉල්ලීම්.

ඊළඟට ගත්තොත් මේ වෙනකොට ආණ්ඩුවේ හෙංචයියන් ලවා ප‍්‍රකාශ කරලා තියෙනවා MBBS වෛද්‍ය උපාධිය කප්පාදුවකට ලක් කරන්න. MBBS කියන්නේ අද ශ‍්‍රී ලංකාවේ වගේම ලෝකයේ වෛද්‍ය පීඨ වල ලබාදෙන උපාධිය. මෙය කොටස් 2 කින් යුක්තයි. ආණ්ඩුව උත්සහ කරනවා විෂය කප්පාදුවට ලක් කරන්න. මේක දවල් හීනයක්. අපි අහනවා මේ රටේ කාට හරි හිතිලා තියෙයිද ගැටළුවක් විදියට දැන් බිහිවෙන වෛද්‍ය වරුන්ගේ දැනුම වැඩියි, ඕක අඩු කරන්න ඕන කියලා. නැහැ. මේ කරමින් යන්නේ තමන්ගේ සෘජු මැදිහත්වීමෙන් පෞද්ගලික උපාධි කඩ ඉදිකරන ගමන් රජයේ විශ්ව විද්‍යාල විනාශ කරන්න. අපි අභියෝග කරනවා. ඒ වගෙම එකේ අනිත් දේ වෙච්ච පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හකුලා ගන්නා තුරු අපි සටන් කරනවා.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි