ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, September 14, 2011

වෛද්‍ය සභාවේ නිර්දේශ ඕනෑ නෑ- නීතිපති දෙපාර්තමේන්තු නියෝගයකින් වෛද්‍ය උපාධි පිළිගත හැකියි - එස්.බී

මේ වනවිට ආණ්ඩුව විසින් දැඩි උත්සාහයක් දරමින් පිළිගැනීමක් ලබාදීමට සැරසෙන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අඩු පාඩු සම්පූර්ණ කරන තෙක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවයට ඇතුළත් වීම සඳහා විදෙස් වෛද්‍ය උපාධිධාරීන් පෙනී සිටිය යුතු විභාගය (ඊ.ආර්.පී.එම්) සඳහා පෙනී සිටීමට සිදුවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එම පෞද්ගලික වෛද්‍ය ‍විද්‍යාලයේ අඩු පාඩු සපුරාලීම සඳහා මාස 18ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය තුළ ඇතුළත් වන සියලු සිසුන්ට ඉහත විභාගයට පෙනී සිටීමට සිදුවන බවද දිසානායක මහතා වැඩිදුරටත් පවසයි. එහෙත් එම කාලයෙන් අනතුරුව ඇතුළත්වන සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකින් පිටවන සිසුන් හා සමානව පිළිගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

එමෙන්ම දැනට පවතින තත්ත්වය මත එම ආයතනයේ අධ්‍යාපනය හදාරන සිසුන්ට සිය වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සඳහා විදේශ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සිදුවන බවද පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ එම සිසුන්ගේ උපාධිය පිළිගැනීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කළද ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවනු ඇති බවයි. නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නියෝගයක් අනුව එම සිසුන්ගේ උපාධි පිළිගැනීමට හැකියාවක් ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටී.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

1 comment:

  1. නීති උපදේසේ මොකක්ද කියා ඇස්බී දැන්මම දන්නවාද?

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි