ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, September 13, 2011

ආණ්ඩුවට ඕන විදිහට වැඩ නොකළොත් වෛද්‍ය සභාවත් විසුරුවා හරිනවා - එස්.බී.

     මාලඹේ ‍පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරීන් සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට පටහැනි තීරණයක් ලබා දුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැර අලුත් ‍වෛද්‍ය සභාවක් පත්කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

     රජයේ ප්‍රතිපත්තියට පටහැනි තීරණයක් වෛද්‍ය සභාව විසින් ලබාදුනහොත් වෛද්‍ය සභාවට පටහැනි තීරණයක් ලබාදීමට සෞඛ්‍ය ඇමතිවරයාට හැකියාව ඇති බව දිනපතා පුවත්පතකට ප්‍රකාශයක් දෙමින් ඔහු පවසයි. එබැවින් රජයේ ප්‍රතිපත්තියට ගැලපෙන තීරණයක් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදෙනු ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

     ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා පත්කරන්නේ ජනාධිපතිවරයා විසින් බවද රජයේ ප්‍රතිපත්තියට පටහැනි තීරණ වෛද්‍ය සභාවට ගත නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි