ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, September 8, 2011

පෞද්ගලික උපාධි කඩ වලට අවසර දීමට එරෙහිව පේරාදෙණිය සිසුහු වීදි බසියි...

     පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් 2011/09/07 දින මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විද්‍යාලය ඇතුලූ ආණුඩුවේ අධ්‍යාපන සංහාරයට එරෙහිව ගලහ මංසන්ධියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන ලදි.

      ආණ්ඩුව තම ආර්ථික නොහැකියාව හමුවේ රටේ ජනතාවට බොරු සංවර්ධනයක් මවාපාමින් අධ්‍යාපනය විකිණීමට කටයුතු කර ඇති බව එහිදි එම උද්ඝෝෂණයට සහභාගී වු සිසුන් පවසා සිටියේය. එහිදි අදහස් දැක්වු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහේශ් ලංකා සහෝදරයා පවසා සිටියේ ආණ්ඩුව අධ්‍යාපනය විකිණිම උදෙසා දැවැන්ත උත්සහයක නිරතව ඇති බවත්, ඒ සඳහා ආණ්ඩුව මේ වන විට ඉදිරි පියවර කිහිපයක් කිසිදු පැකිලීමකින් තොරව තබා ඇති බවත්ය. වර්ථමානය වන විට වෛද්‍ය උපාධි පවා ආණ්ඩුව විකිණීමට කටයුතු කිරීම යුගයේ කේදවාචකයක් බව පවසා සිටියේය. ආණ්ඩුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මාලඹේ වෛද්‍ය විද්‍යාලයට උපාධි ප‍්‍රදානය කිරීමේ අයිතිය ප‍්‍රධානය කිරීම හරහා අධ්‍යාපන අයිතිය මුදල් මත තීරණය කිරීමට අවස්ථාව ලබා දීම සුවහසක් මිනිසුන් ගේ අයීතීන් උල්ලංඝණය කිරීමක් බවද සදහන් කර සිටියේය. මෙයට අමතරව ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාලව උපාධිය පවා මුදලට විකුණන බවත් ඒ මගින්ද ආණ්ඩුව අධ්‍යාපනය ලභා උපයන වෙළෙදපල අවස්ථාක් කරගන්නට ප‍්‍රයත්න දරන බවත් සඳහන්කර සිටියේය. කෙසේ වෙතත් ආණ්ඩුව විසින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ගන්නා වු සෑම උත්සහයක්ම පරාජය කිරීමට නොපැකිලිව ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරිපත්වන බව පවසා සිටියේය.



3 comments:

  1. මේක කවදාවත් විසඳෙන්නෙ නැති ප්‍රශ්නයක්. 1965 වසරේදී කොලඹ වෛද්‍ය පීඨයට තිබුනු අයිතිවාසිකම් පේරාදෙනියට දුන්න කියල කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්යයන් පාරට බැස්ස. ඊරියගොල්ල ගොනා ගොනා කියල මමත් ඒකාලෙ පෙලපාලි ගියා. ඊරියගොල්ල මහත්මයගෙ පුතාත් (දේවා ඊරියගොල්ල මහත්මයා ) පවා ඒවට සහයෝගය දුන්නා. මහාචාර්ය රාජසූරිය, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වාගේ වියතුන් පවා ඒවාට සහාය දුන්නා. දැන් තියෙන ප්‍රශ්නයෙත් එදා තිබුන ප්‍රශ්නයෙත් ඇති වෙනසක් මට නම් පේන්නෙ නැහැ.අන්තර් ජාතික මට්ටමෙන් අපි ඉන්නෙ බොහොම්ම පහලින්,

    ReplyDelete
  2. අපි නොදන්න මෙඩ්ඩෝ!

    ReplyDelete
  3. අපේ රට නොදියුනු මට්ටමකට තියෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපේ රටේ තෘතියික අධ්‍යාපනය ලබන ප්‍රමාණය 2% මට්ටමක තියෙන එක.. සාමානයෙන් ලෝකේ දීයුනු රටවල මේ ප්‍රමාණය 20% විතර වෙනවා. අසල්වෙසි ඉන්දියාවේ 12 % යි. මම මේ කියන්නේ සාක්ෂරතාවය ගෙන නෙවේ අපේ සාක්ෂරතාවය 90% ට ඉහල එත් සාක්ෂරතාවයෙන් කියන්නේ ලියන්න කියන්න තියෙන හැකියව මිසක්, එක නවීන ලෝකේත් එක්ක තරග කරන්න පුළුවන් දෙයක් නෙවේ. රටක් දියුණු වෙන්න ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් තෘතියික අධ්‍යාපනය ලැබිම අතයවශය්යි...
    අනෙක් අතට ලෝකේ ඕනෙම රටක S3 තමයි අවම සුදුසුකම විශ්ව විද්‍යාල උපාධියක් ගන්න. ශිෂත්වය pass වෙන්නේ නැති සමහර ළමයි OL හොදට pass වෙනවා
    O/L හොදට pass වෙන්නේ නැති සමහර ළමයි AL හොදට pass වෙනවා
    A/L ලාවට pass වෙලා campus ආව සමහර ළමයි degree ය ඉහලින්ම කරනවා
    degree ය ලාවට කරන සමහර ළමයි Phd ය ඉහලින්ම කරනවා
    අවශ්‍ය වෙන්නේ තමන් කරන දෙය කරන time frame එක ඇතුලේ හොදට කරන එක මිසක් කලින් කරපු exam වල results නෙවෙයි...

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි