ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, December 28, 2010

මහජන මුදලින් එතෙර ගිය එස්. බී.ගේ ගෝලයෝ දකුණු අපි‍්‍රකාවෙදී නිරුවත් වුණා - උදුල් පේ‍්‍රමරත්න

     

     පසුගියදා දකුණු අප‍්‍රිකාවේ පිටෝරියා නගරයේ පැවති ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සහ ශිෂ්‍ය සංවිධානයේ 17 වැනි තරුණ සමුළුව සඳහා මහජන මුදල් කෝටි දෙකකට ආසන්න ප‍්‍රමාණයක් වැය කරමින් ආණ්ඩුව සහභාගී කරවූ 180ක් වූ පිරිසෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සිටියේ 11 දෙනෙක් පමණක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

     ඊයේ නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ  එම පිරිස නියෝජනය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරුන්, වෘත්තීය සමිති නායකයින් සහ නිදහස් ශිෂ්‍ය සංවිධානයේ පිරිසක් බවයි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

     ‘‘ලොකුම විහිළුව තමයි, අධ්‍යාපන පෞද්ගලී කරණයට එරෙහිව පැවති සමුළුවට අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන ඊට පිඹුරුපත් සකසන ආණ්ඩුවේ නියෝජිතයින් පිරිසක් සහභාගී වීමයි. මේ සමුළුවේදී මම අප රටේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් අනෙක් රටවල සහෝදරවරු දැනුවත් කිරීමට කථාව ආරම්භ කරන විට අපේ රටෙන් ගිය SB ගේ ගෝලයෝ මට දිගින් දිගටම බාධා කළා. ඒ බාධාවන් නිසා සියළුදෙනා තේරුම් ගත්තා අපේ රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය ඇත්තටම මොකක්ද වෙන්නෙ කියලා. ඒ නිසා ඔවුන්ගේ බාධාවන් නිසා අපේ අදහස් වැඩි දෙනකුට සම්පේ‍්‍රෂණය කරන්න හැකි වුණා. ඒ නිසා ජාත්‍යන්තරය තුළ ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව මතයක් නිර්මාණය කරන්න, ඒ හරහා අපට ප‍්‍රිටෝරියා නගරයේදී එම පිරිසේ සියල්ල එකතු කර දැවැන්ත උද්ඝෝෂණයක් හා පාගමනක් පවත්වන්න අපට හැකි වුණා."
මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

      ‘‘මේ සමුළුවට සහභාගී වු S B ගේ ගෝලයෙක් සමුළුව ආමන්ත‍්‍රණය කළේ සිංහලෙන්.  ඒ නිසා රටවල් 136ක පිරිසට කිසිම දෙයක් තේරුණේ නැහැ.  එහිදී ඔහු කීවේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කරනවායි කියලා. මේකෙන් පැහැදිලි වෙනවා SB ගේ දෙබිඩි පිළිවෙත. ඒ වගේම අපි SB ඇමතිවරයාට කියනවා ජාත්‍යන්තර සමුළුවකට ‘මෙගා සයිස්’’ කට්ටිය යනකොට අඩුගානේ ඉංග‍්‍රීසියෙන් අදහස් ප‍්‍රකාශ කරන්න පුළුවන් එක් කෙනෙක් හරි යවන්න කියලා. මේ සමුළුවට SB ගේ කථාවක් තිබුණට ඔහු ඒකට ආවේ නෑ. ඔහු ඒක මගහැරියා. ලංකාවෙදී පාළුගෙයි වළං බිඳිනවා වාගේ වාචාල කතා කීවාට ජාත්‍යන්තරයේ එහෙම කරන්න බැහැ."
 
      මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ උදුල් පේ‍්‍රමරත්න මහතා පැවසූයේ අධ්‍යාපනය පෞද්ගලීකරණය සඳහා විවෘත සංවාදයකට SB ඇමතිවරයාට අභියෝග කරන බවයි. ලබන අපේ‍්‍රල් මාසයේදී පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන බවට ආණ්ඩුව පැවසුවත් ඒ සඳහා කිසිම අවස්ථාවක් ලබා නොදෙන බවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි හිමියෙන් සටන්කරන බවත් පේ‍්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

13 comments:

  1. ඉතා හොඳින් කඩේ යන්නට වාසනාව ලැබේවා...

    ReplyDelete
  2. ඔබ සංගමය හිතනවද ජනතාව ඔබලා වෙනුවෙන් පෙලගැහෙයි කියල. ඔබලා කොයිතරම් අහිංසක මිනිස්සුව සුරකනවද? ෆාමසි , හදවත් සැත්කම් වලට දාන පොඩි ගැජට් කඩවලින්,කොමිස් ගහනව, පඩියට සරිලන්න රජයේ සේවයේ නොයෙදන , සුරකාපු සල්ලි වලින් මහජන තාව මත බදුබර පටවා විශාල වටින වාහන ගෙන ඒව නඩත්තු කරන්න තව තව සුරකන එක නවත්වන ඔනි. අනිත් උපාධි හෝ උගතුන්ට වඩා මේ අය සමානයි ඇමැතිලාට.
    බස්කොන්දොස්තරලා වෙනුවෙන් මිනිස්සු අනුකම්පා කරන්නේ නැත්තේ කෙසේද ඒ සමානව දොස්තරලාටද එය ලැබේ

    ReplyDelete
  3. ඉන්දිට උත්තර දෙන්න මම යන්නේ නෑ.දිගින් දිගමට පදනමක් නොමැති ප්‍රකාශ කිසි විටෙකත් සැලකිය යුතු වන්නේ නෑ.

    කුරාම්......මේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව.ඉන්නේ ලංකාවෙම වෛද්‍ය ශිෂ්‍යයෝ.‍‍‍ඹෞෂධ ගෙනවන්නේ වෛද්‍ය ශිෂ්‍යයෝ නෙමේ,සෞඛ්‍ය අමාත්‍යාංශය. සේනක බිබිලේ ඹෞෂධ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙල ගැහෙන අපිට ඉහත ප්‍රකාශය කිසිසේත්ම අදාල නැත.
    නිදහස් අධ්‍යාපනය ,නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් පෙල ගැහෙන ‍වෛද්‍ය ශිෂ්‍යයන්ට දිරි දීම වෙනුවට අපහාස කර කකුලෙන් ඇධිමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි සද්ද නැතුව ඉන්නම්.අනිත් එවුන්ටත් කියන්නම් කෑ ගහන්න එපා කියලා.එතකොට ඔබ බලාපොරොත්තු වෙන මහජනතාව සූරා නොකන සමාජය හැදෙයිද?අපි කෑ ගහන හින්දද සූරා කන්නේ.පිලිතුරු දෙන්න.............

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මේ දිනවල රටේ තියන ලොකුම ප්‍රශ්නය විදිහට මාධ්‍ය හා දේශපාලන ක්‍රියාකාරීන් පුම්බන පුද්ගලික වෛද්‍ය විද්‍යල ප්‍රශ්ණය මට හිතෙන්නේ මේරටේ බහුතර ජනතාවට නම් ලොකුප්‍රශ්නයක් නොවන බවයි පෙනෙන්නේ.

    මොකද මේ රටේ ජනතාවගෙන් යැපිල ඉගෙනගෙන බහුතරයක් ඉතා කුහක විදිහට මිනිස්සුන්ව හුරකනව.දෙවිවරු වගේ දොස්තර මහත්වරු ඉන්නවා ඉතා ස්වල්පයක්.


    ඔය පෞද්ගලික මෙඩිකල් රෙෆ් කෙනෙක් ගෙන් ඇහුවාම දොස්තලාගේ පැටිකිරිය හොදට අහගත්තැකි. ඉස්සර මෙඩිකල් රෙෆ්ලා ඔය තුන්ඩු පැඩ් එකක්, ඔරලෝසුවක් , පොඩි ගැජට් එකක් දිලා පුරුදු කරපු අල්ලස් දැන් ගුවන් සවාරි , කාර් , එතකොට ඔය මාසික වාර්ශික හමුවලට මිලියන ගනන් ගෙවන මට්ටමට ඇවිල්ල පුරුදු කරපු දැන් නොකලාට ඔබ සංගමයේ හිටපු අය දැන් කරනව.ඔබලාට කිසි දිනක මහජන සහයොගයක් ලැබෙන්නැ. මොකද දොස්තරලා සුරකනව කියල ඕන කෙනෙක් දන්නව. පුලුවන්නම ස්වාධින සමිශනයක් කරල බලන්න මිනිස්සු කොච්චර කලකිරිමෙන්ද ඉන්නේ කියල. ඉස්සල්ලම ඔබලාගේ ජේෂ්ඨයන්ට කියන්න ප්‍රයිවට ඉස්පිරිතාල වල වැඩ කරන එක නවත්වන්න කියල. මොකද ඒවගේ කොලිටිය ෂුවර් නැනේ. මහත්තයෝ මේරටේ මිනිස්සුන්ට ඉගෙනගන්න තියෙන නිදහස නැතිකරන්න එපා තමන්ට කෙලෙවෙයි කියල හිතල. ඔබාලා නිකං ඉගෙන ගෙන විදින වරප්‍රසද අනිත් උපාදිධාරීන් සමග සසදා බලන්න. වෙන රටවල උගත් වියත් පිරිස එක සමුහයක් විදිහට වැඩකලත් මෙහෙ ඔබලා ඉන්නේ වෙනම ඒ නිසා ප්‍රශ්නවලදී ඔබලා හුදකලා වෙනව.

    ReplyDelete
  7. සේනක බිබිලේ ඹෞෂධ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙල ගැහෙන අපිට ඉහත ප්‍රකාශය කිසිසේත්ම අදාල නැත.
    නිදහස් අධ්‍යාපනය ,නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් පෙල ගැහෙන ‍වෛද්‍ය ශිෂ්‍යයන්

    කියල කිව්වට ඔය කියන ශිෂ්‍යයන් වෛද්‍යවරු වූ පසු ඔය කියන ප්‍රතිපත්ති වලම ඉන්නවාද කියන එක තමයි ගැටලුව.

    ReplyDelete
  8. පුද්ගලික විශ්ව විද්‍යාල ආ විට විශ්ව විද්‍යාල අතර තරගකාරිත්වයක් ඇති වෙනවා. ඉහළ පෞරුෂයක් ඇති, හොද දැනුමක් හා සන්නිවේදන කුසලතා ඇති උපාධිදාරීන්ට පමණයි රැකියා වෙළදපොළ විවෘත වන්නේ. ඒ සදහා රජයේ හා පුද්ගලික විශ්ව විද්‍යාලවලට හා එහි සිසුන්ට ඒ වෙනුවෙන් වෙහෙසෙන්නට වනවා. ඒ කියන්නේ විශ්ව විද්‍යාල සිසුන් දේශපාලන අතකොලු කරගත්ත අයට කෙළවෙන්න පටන් ගන්නවා. ඇයි සිසුන් ඒවාට යොමු නොවන නිසා.
    අනිත් එක උසස් පෙළ සමත් වූ පමණින් තමන් මහා දක්ෂයෙක් යැයි සිතා විශ්ව විද්‍යාලයේ පිස්සු කෙලින අයටත් කෙළ වෙනවා.

    ReplyDelete
  9. මෙන්න මේකත් කියවලා ඉන්නකෝ

    http://sanskhara.blogspot.com/2010/12/blog-post_29.html

    ReplyDelete
  10. පුද්ගලික විශ්ව විද්‍යාල හා දිනෙන් දින අගාධයට ඇද දමන රජයේ විශ්ව විදයාල අතර තරගය හාවාගෙයි ඉබිබගෙයි අගර තරගෙට සමානයි. තරග ඇති කරන්න දෙපැත්තටම සමාන තත්ත්ව තියෙන්න ඕන.දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඕක.දැනටමත් රජයේ විහ්ව විද්‍යාල වලට කරලා තියෙන දේ ‍පේනවා ඇතිනේ.තරගයේ අවසානය රජයේ විශ්ව විද්‍යාල වලට නියත පරාජය.පටන් ගන්න කලින් කියන්න පුලුවන්.ඒ කිය්නනේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න බැරි සල්ලි නැති බහුතරයක් එවුන්ට පරාජය.සල්ලි තියෙන සුළුතරයකට ජය.තරගය සාධාරනද???දැන දැන පරදින්න අපි සූදානම් නෑ.සාධාරන තරගයකට අපි ඕන වෙලාවක ලෑස්තියි.හැබැයි ඒ තත්ත්ව ඇති කරන්න ලංකාවේ ගොඩාක් කල් යයි.ඒ කියන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල මේ තත්ත්ව යටතේ හීනයක්ම තමයි.

    ReplyDelete
  11. දිනෙන් දින අගාධයට යන රජයේ විශ්ව විද්‍යාල????
    මොරටුවේ පමණක් පසුගිය සිව් වසර තුළ විශාල ගොඩනැගිලි 5කට වඩා ඉදිවුනා. තවම ගොඩනැගිල්ලක්වත් නැති පුද්ගලික විශ්ව විද්‍යාලහමුවේ දැනටත් විශාල සමාජීය පිළිගැනීමක් තත්වයක් තිබෙන ඔබ පරාජය බාරගන්නේ ඇයි?
    භෞතික සම්පත් අවශ්‍ය බව ඇත්තයි. නමුත් වැදගත්ම දේ පුද්ගලයාගේ පෞරුෂය හා ආත්මවිශ්වාසයයි. ටියුෂන් යන්න තියා පාසලට පොතක් පතක් ගන්න බැරි එවුන් විභාග පාස් වෙන්නත්, දහස් ගණන් වියදම් කරලත් විභාග අසමත් වන්නෙත් ඒ නිසයි. හැබැයි ඒ දුප්පත් කොල්ලවත් ටියුෂන් වලට විරුද්ධව පාරට බැස්සුවා නම් ඌට තාමත් හුලං තමයි.
    විශ්ව විද්‍යාලයේ නොමිලේ පවත්වන ඉංග්‍රිසි පාඨමාලාවට යන්නේ නැතුව එහෙමත් නැත්නම් නොමුලේ ලැබෙන අන්තර්ජාලයෙන් ඉංග්‍රිසි වැඩිදියුණු කරගන්නේ නැතිව අපට අවස්ථා නෑ කියන්න තියන සාධාරණ අයිතිය මොකද්ද?

    ReplyDelete
  12. කතාව ඇත්ත ගොඩක් දොස්තරලා බෙහෙත් ලියන්නෙ එකෙන්. සේනක බිබිලෙ ප්‍රතිපත්තිය කඩකලේ ඔය ඉස්සර වෛද්‍ය ශිෂ්‍යයෝ වෙලා හිටපු අද දොස්තරලා වෙලා ඉන්න අයමයි.

    ඉතින් අද කෑ ගහන ඔයගොල්ලත් හෙට දොස්තරලා වෙලා සේනක බිබිලෙ ප්‍රතිපත්තිය කඩකරන හෙන්චයියෝ වෙන බව අපට ඉරහඳ වගෙ විශ්වාසයි.

    මොකද අපි කැම්පස් යන කාලේ මෙඩ්ඩො අනිත් පීඨ වල සරසවි සිසුන් උන අපිට කිසිම සහයෝගයක් නුදුන්නත් අපිට තියෙන කැසිල්ලට ද කොහෙද අපි උන්ට සප් එක දුන්න උන්ගෙ ප්‍රශ්ණ විසදගන්න. ඒත් අපේ ප්‍රශ්ණ විසදගන්න උන් උදවු කලේ නෑ. උන් අපිට වඩා අවුරුද්දක් කැම්පස් ඒකෙ ඉන්නවා කියල සහ තව තව හේතු කියල මග ඇරිය.

    එහෙම කරපු අයගෙන් පැවත එන ඔයාල ඒ අයටත් වඩා සවුත්තුයි. කවදවත් අනුන්ගෙන් ගන්න මිසක් අබ ඇටයකවත් දෙයක් දෙන්න පුරුදු අය නෙවෙයි මෙඩ්ඩො කියන්නෙ.

    Doctors and the Medical students are the most selfish professionals in the world.

    ReplyDelete
  13. කතාව ඇත්ත ගොඩක් දොස්තරලා බෙහෙත් ලියන්නෙ Trade Name එකෙන්. සේනක බිබිලෙ ප්‍රතිපත්තිය කඩකලේ ඔය ඉස්සර වෛද්‍ය ශිෂ්‍යයෝ වෙලා හිටපු අද දොස්තරලා වෙලා ඉන්න අයමයි.

    ඉතින් අද කෑ ගහන ඔයගොල්ලත් හෙට දොස්තරලා වෙලා සේනක බිබිලෙ ප්‍රතිපත්තිය කඩකරන හෙන්චයියෝ වෙන බව අපට ඉරහඳ වගෙ විශ්වාසයි.

    මොකද අපි කැම්පස් යන කාලේ මෙඩ්ඩො අනිත් පීඨ වල සරසවි සිසුන් උන අපිට කිසිම සහයෝගයක් නුදුන්නත් අපිට තියෙන කැසිල්ලට ද කොහෙද අපි උන්ට සප් එක දුන්න උන්ගෙ ප්‍රශ්ණ විසදගන්න. ඒත් අපේ ප්‍රශ්ණ විසදගන්න උන් උදවු කලේ නෑ. උන් අපිට වඩා අවුරුද්දක් කැම්පස් ඒකෙ ඉන්නවා කියල සහ තව තව හේතු කියල මග ඇරිය.

    එහෙම කරපු අයගෙන් පැවත එන ඔයාල ඒ අයටත් වඩා සවුත්තුයි. කවදවත් අනුන්ගෙන් ගන්න මිසක් අබ ඇටයකවත් දෙයක් දෙන්න පුරුදු අය නෙවෙයි මෙඩ්ඩො කියන්නෙ.

    Doctors and the Medical students are the most selfish professionals in the world.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි