ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, January 13, 2011

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව

ඉහලට නැගුණු ඉනිමග ඇත මට             පහල
ඉනිමග කපද්දී කෙලෙසක වෙමි            නිසල
එය රැුකගන්න බැතියෙන් යනු මිස        පහල
විලිබිය ඇති ව මට ඉනු නොහැකිය         ඉහල

පිනෙකින් ලැබුණු දේ වනසති         බලවත්තු
මනුදම් කෙලෙසමින් විලසින්          වනසත්තු
විරු පරපුරක උරුමය හද                රැකගත්තු
පිබිදී වරෙව් කොඳු ඇට පෙල ඇති         පුත්තු

ලද හැම දෙයම හෙටදින වෙනුවෙන්     රකිනු
එය වනසනා උන් හැමදෙන පිටු            දකිනු
මුගුරක් අවසි නැත මුගුරක් ගෙන      නැගෙනු
වරදට කිපෙනු සටනට වැද ජය             ලබනු

විරු සොයුරන් නිරතුරු සිහිපත්             කරමු
උන්ගිය මගෙහි උන්ගේ පසුපස          වැටෙමු
යහපත් අරමුණක් වෙනුවෙන් පෙල    ගැසෙමු
සටනට වැදෙමු එක්වී හිද ජය                 ලබමු

හෙට දින උපදිනා අපගේ සොහෝ          යුරූ
වෙනුවෙන් රැුකගනිමු මේ තැන ඇතිව     ගරූ
සටනට වැදී ඉමු දැක දැක වුවද                මැරූ
ජයගෙන එකතුවෙමු අහසට විලස            තරූ

විසිවසරක් තුල දස මර                        සේනා
කල වෙහෙසක එක මොහොතක්         පේනා
පෙර ලෙසටම ගමු දුනු හී                      මානා
සුරකිමු අප සම්පත                          අසමානා


ජනක චන්දන
වෛද්‍ය පීඨය

3 comments:

  1. අතීතයට අයත් ඇත්තෝ අතීතයේම වෙලෙති..ඔවුන්ට යමක් නැති තැන මහා හිස් තැනක් පෙනෙයි...

    ReplyDelete
  2. ඇයි උඹලා ඔචිචර කෑ ගසන්නේ
    නුඔලා මීටර් කියලාද හිතන්නේ
    මීටර් කෙසේ වෙතත් ඇමීටර් බව පෙනෙන්නේ
    උපාධ්ය අරන් මාරැ වනු මගේ මිතුරනේ

    ( මම කියන්නේ ඔවට විරුද්ධ වෙවි ඉන්න ගියොත් ඔබලාගේ අධ්‍යාපනයට මයි පාඩු වෙන්නේ!!)

    ReplyDelete
  3. umla AHS ekata ochchara wirudda ai kiyapalla.digree ekak aragena hosp walata yana nutsla mlt phy kattiyata sirla kiyanna wena nisada.dostharala thama lankawe inna arthmarthakamima jathiya.balapiyau slit wage privet eng ayathana thiyanawa eng aya wiruddada kiyala poddak hithla balapalla.umbala wagema anek eunuth hadanne keeyak hari hoyagena jeewath wennai.tikak adu z ekak thiyana ekek AHS yai e umbalagema panthiwala ekata hitapu un neda poddak hithala balapiyau.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි