ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, December 22, 2010

අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව ලොවපුරා තරුණයින් සහ ශිෂ්‍යයින් පෙළ ගැසේ

     ශ‍්‍රි ලංකාව ඇතුලූ ලොවපුරා රටවල ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී සහ අත්තනෝමතික පාලනයන්ට විරෝධය පලකිරීමට සහ නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා ලොවපුරා කරනු ලබන අරගලයන්ට සහය පල කිරීමට මෙවර පැවැති 17වන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ හා ශිෂ්‍ය උළෙලේදී ලොවපුරා රටවල තරුණ හා ශිෂ්‍ය සංවිධාන ගිවිසගත් බව එහි ශ්‍රී ලංකාවේ ජාතික සූදානම් කිරීමේ කමිටුවේ ලේකම් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
 
     ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ හා ශිෂ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන තරුණ උළෙල මෙවර පැවැත් වූයේ 17 වන වරටය. පසුගිය 14දා දකූණු අප‍්‍රිකාවේ ප‍්‍රිටෝරියා නගරයේදී ආරම්භ විය. ලොව පුරා රටවල් 100කට අධික ප‍්‍රමාණයක් නියෝජනය කරමින් තරුණ තරුණියන් 15000ක් පමණ එයට සහභාගි විය විවිධ කලාප සහ රටවලට අදාල වන ප‍්‍රශ්න මෙන්ම ගෝලීය වශයෙන් බලපාන පොදු ප‍්‍රශ්න රැසක් එහිදී සාකච්ඡාවට ලක්විය.
 
     පලස්තීන ජනතාවගේ සහ බටහිර සාරා ජනතාවගේ නිදහස් අරගලයන්ටත් උතුරු කොරියානු,වියට්නාම් සහ කියුබානු ජනතාව වෙත සහෝදරාත්මක සහාය පල කිරීමටත් සියලු දෙනා පෙලගැසී සිටි අතර ඒ වෙනුවෙන් සංවිධානය වූ වැඩ සටහන් හැරුණුවිට කාගේත් වැඩිම අවධානය දිනාගත් පොදු ගැටලුව වූයේ අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සංවිධානය වූ වැඩ සටහන්ය.
 
     ශී‍්‍ර ලංකාවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම් කරු උදුල් ප්‍රෙමරත්න පිලිගැනීම සදහා පැවති සහයෝගිතා වැඩසටහන නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා පැවති පා ගමන සහ රැලිය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්නා ලදි.
 
     උළෙල අවසානයේ ඉදිරිපත්වන සමාප්ති සටහන සදහා ශ‍්‍රි ලංකාවේ ප‍්‍රගතිශිලි තරුණ ව්‍යාපාරයන් ජාතික සමගිය වෙනුවෙන් කරගෙන යන අරගලයට සහයෝගය පලකිරීමේ යෝජනාවක් එක්කීරිමට ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරුණ සංවිධානය එකග වූ අතර ශ‍්‍රි ලංකාව ඇතුලූ ලොවපුරා රටවල ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී සහ අත්තනෝමතික පාලනයන්ට විරෝධය පලකිරීමට සහ නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා ලොවපුරා කරනු ලබන අරගලයන්ට සහය පල කිරීමටත් එම යෝජනාවලියේ ප‍්‍රමුඛත්වය දී ඇත.
 
 
 

10 comments:

  1. මම හිතන්නේ මට ගණන් බැරුව ඇති. මේ පින්තූර වල 15000ක් තියා 150කවත් නෑ නේ මචෝ.

    අනික අන්තිම පින්තූරේ තියෙන්නේ දෙමළ අතුරුදන් වූවන් ගැනනේ. ඒන කොහොමද අධ්‍යාපනයට අදාළ වෙන්නේ.

    උඹල ඉතින් සුදු කොඩි කලවැද්දගේ ගෝලයෝනේ. නේද මචෝ. ලොකෙට ගිහින් අපේ රටට කෙළ කරපන්.

    ReplyDelete
  2. එතනදි කතාකරල තියෙන්නෙ අධ්‍යාපනය ගැන විතරක් නෙමේ. යාලුව සම්පූර්ණ කාතාවම කියවුවෙ නෑ වගේ නේද? මොකක්ද කියලවක් දන්නෙ නැතිව කමෙන්ට් දමන්න එපා යාලුව

    ReplyDelete
  3. x3 library kiyana jeppa porn site ekakuth karanawalu
    balapan uge profile eka.jepponta giya kalak,aneda kiyanne

    http://x3library.blogspot.com/

    ReplyDelete
  4. X3 library කමෙන්ටි එකක් දාලා තියෙනවා.ඒක හරි.එතකොට කවුරුහරි කමෙන්ට් එකක් දැම්‍මොත් ඌ ජෙප්පෙක්ද?'හෙට අනිද්දාට මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ කියලා කමෙන්ට්ස් දැම්මොත්(උන් තමයි මේ රටේ හොදම පෝන් ස්ටාර්ස්ලා)උනුත් ජෙප්පොද? .බැරි වෙලාවත් ඇත්තටම පෝර්න් සයිට් එකකින් කමෙන්ට් එකක් දැම්මෝත් ඒකත් ජෙප්පෙක්. මට තේරෙන්නේ නෑ බන්.ලහිරු පොඩිඩක් පැහැදිලි කරනවාද ඒක කොහොමද වෙන්නේ කියලා?????

    ReplyDelete
  5. ලංකාවෙ මිනිස්සුන්ව එකතු කරගන්න බැරි හින්දා වෙන්න ඇති සුද්දන්ට කියන්න යන්න ඇත්තේ. අනේ කවුද හිතුවේ ජෙප්පන්ට මෙහෙම වෙයි කියලා.

    ReplyDelete
  6. ජාත්‍යන්තර සංවිධාන එක්ක සම්බන්ධ වෙන එකට පලගැටියන් කියන්නේ සුද්දන්ට කියන්න යනවා කියලා නම් ,ඇත්තටම පලගැටියන්ට පිළිතුරු දෙන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ.ඒ වෙන මොනවත් හින්දා නෙමේ.කථා කරන්න ඕන,සංවාද කරන්න ඕන සාධාරණව කථා කරන ම්නිස්සු එක්ක මිසක් හැම දේටම මුව හමකට තලන උන්ට නෙමේ.

    ReplyDelete
  7. පලගැටියෝ,ඔතන තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා ලෝකයේම තරුණ සංවිධානයක්.ඒකට නාමල් රාජපක්ෂ එක්ක තවත් 150 කට වැඩිය රු මිලියන 40 වැඩිය වියදම් කරගෙන ගියා.ඒකට මොකද කියන්නේ????????????????????????????

    ReplyDelete
  8. මේ බ්ලොග් එක කරන මනුස්සයාට මම කියන්නේ.ඇත්තටම මට ගොඩාක් දුකයි මචං.මම ගොඩක් ආසාවෙන් මේකට කමෙන්ට්ස් දාන්නේ.සංවාද වලින් තමයි වැරදි නිවුරදි කරගෙන යන්න පුලුවන්.ඒත් මචං පලගැටියනගේ ඒවාට කමෙන්ට්ස් දාලත් බෑ,නොදාත් බෑ.මම වහ ටිකක් බොනවා බං මැරිලා යන්න.මුං එක්ක ඉන්නවාට වැඩිය ‍හොදයි මැරෙන එක.

    ReplyDelete
  9. මේකනේ උඹලා කොච්චර කෑ ගහල කිව්වත් මේ රටේ මිනිස්සු උඹල කියන දේවල් අහන්නේ නෑ. ඒකනේ ඇත්ත. ඉතින් වහ ටිකක් බීල මැරිලයන එක නම් මේ රටට කරන ලොකුම සේවයක්.

    ReplyDelete
  10. බලපන් බං උඹ ආයෙත් කියන එක.මම කිව්වේ එකක්.උඹ කියන්නේ තව එකක්.මාතෟකාවට අදාලව කථා කරපන් බං.එපා වෙනවා බං.ඇත්තටම කියන්නේ.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි