ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Monday, November 1, 2010

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ස්ථාවරය පැහැදිලි කිරීම

ජනමාධ්‍ය නිවේදනයයි.
 
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ස්ථාවරය පැහැදිලි කිරීම.


     පෞද්ගලික වෛද්‍ය විද්‍යල මෙරට තුල ස්ථාපිත කිරීමට රජය මෑතක දරණ උත්සාහයත් සමග ඒ පිලිබද විවිධ පාර්ශවයන් තම මතයන් ඉදිරිපත් කරමින් සිටී. දින කීපයකට පෙර එක්තරා වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යල ස්ථාපිත කිරිමට එකග බවට කල ප‍්‍රකාශයක් ජනමාධ්‍ය වල පලවිය. මේ සමග ලාංකික සමාජය තුල වැරදි මතයක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් රජයේ වෛද්‍යවරුන් නියෝජනය කරන වෘත්තීය සංගමයක් ලෙස අපගේ ස්ථාවරය නැවතත් පැහැදිලි කිරීමට සිදුව ඇත. ඉහත සදහන් ප‍්‍රකාශය රටේ සමස්ථ වෛද්‍ය ප‍්‍රජාවේ ස්ථාවරය නියෝජනය නොකරන්නක් බව අවධාරනය කර සිටිමු වෛද්‍යවරුන් නියෝජනය කරන වෘතිය සංගමයක් ලෙස අප මීට පෙර ප‍්‍රකාශ කර ඇති පරිදි රටේ පවතින වර්තමාන සමාජ ආර්ථික තත්වයන් යටතේ පෞද්ගලික වෛද්‍ය වීද්‍යල පිහිටුවීමේ කිසිදු ජාතික අවශ්‍යතාවක් නොමැති බව අපගේ ස්ථාවරයයි.

     1991 දී රාගම වෛද්‍ය පීඨය ජනසතු කිරිමේ දැවැනත ව්‍යාපාරයේදී එවක තිබූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඉමහත් දායකත්වයක් දැක්වූ බව අවධාරණය කරමු. ජීවිත පරිත්‍යාගයෙන් සිදුකල සටන් නිසා මහජනතාව සතුවූ එම වෛද්‍ය පීඨය මගින් නියමිත දැනුමින් සන්නද්ධ වෛද්‍යවරුන් 150 ක් පමණ වසරක් පාසා බිහිකරමින් සිටී. පෞද්ගලික වෛද්‍ය විද්‍යල ඇති කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇත්තේ කෝටිපති ව්‍යාපාරකයන්ට හා ආණ්ඩුවේ අවස්ථාවාදී දේශපාලකයින්ට මිස ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවට නොවේ. දක්ෂතාවයන් පිරිපුන් එහෙත් මුදල් නොමැති දහස් ගණනින් වන අප රටේ දරුවන් අපේක්ෂා භංගත්වයට ඇද දමමින් අතදිග හැර මුදල් වියදම් කලහැකි එහෙත් නියමිත සුදුසුකම් නොමැති පිරිසකට පිටුපස දොරින් වෛද්‍ය උපාධිය විකිණිම වෙනත් ආකාරවලින් සාධාරණිකරනය කිරීමට සුලූ පිරිසක් උත්සාහ දරමින් සිටී. විදේශ විනිමය මෙමගින් ඉතිරි කරගත හැකි යැයි පැවසුවද ඒ සදහා කිසිදු සහතිකයක් නොමැත. එමෙන්ම එසේ මුදල් ඉතිරි කර ගැනීමට සැබෑ අවශ්‍යතාවත් ඇත්නම් ඒ සදහා වෙනත්  ඕනැතරම් අවස්ථාවන් තිබේ. උදාහරණයක් ලෙස අප රට තුල නිවැරදි ඖෂධ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීමෙන් පමණක් විදේශයන්ට ඇදීයන ඩොලර් කෝට් ගණනක් ඉතිරි කරගත හැක.

      රජයේ වෛද්‍යපීඨ රැසකම දැනටමත් උග‍්‍ර ආචාර්ය මණ්ඩල හිගයක් තිබෙන අතර එය පෞද්ගලික වෛද්‍යපීඨ පිහිටුවහොත් තවත් උග‍්‍ර වී ඇතැම් විට එකින් එක වැසියන තත්වයට පත්විය හැක. එමෙන්ම ලෝකයේ ඉතා විශාල පිලිගැනීමකට ලක්වී ඇති අප රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයටද දැඩි තර්ජනයක් එල්ල විය හැක. දැනටමත් වෛද්‍ය සිසුන් සදහා පැවැත්වෙන පොදු බහුවරණ විභාගයේදී පරිසාදන ලකුණු මට්ටම මෙරට සිසුන් සදහා ලකුණු 50 ක් ලෙස සැලකිමේදි විදේශ උපාධිධාරීන් සදහා ලකුණු 40 ක් දක්වා අඩුකර ඇත. මේ ආකාරයට ගුණාත්මකභාවය පහල යෑම මහජනතාවගේ සෞඛ්‍යයට සෘජුවම බලපානු ඇත.

     ඇතැම් ධනවත් රටවල යම් ප‍්‍රමාණයකට පෞද්ගලික විශ්වවිද්‍යාල තිබෙන බැවින් එවැනි කි‍්‍රයාමාර්ගයකට අපත් යොමු වීමෙන් අප රට ධනවත් වන්නේ නැත. ඒ සදහා වංචාව දූෂණය නොමැති සැලසුම් ගත ආර්ථිකයක් ඇති කල යුතුය.

     අවසාන වශයෙන් මෙවැනි අර්බුදකාරී තත්වයක් යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල හා වෛද්‍ය පීඨ ඇති කිරීමට ඉමහත් වෙහෙසක් දරණ මුදලට බලයට ගිජුවූ දේශපාලකයන්ගෙන් හා සෙසු පිරිස්වලින් ඉල්ලා සිටින්නේ වර්තමානයේ අධ්‍යාපන කේෂත‍්‍රයේ ඇති සැබෑ අභියෝග වන සම්පත් බෙදී යාමේ අසමානතාවය, ගම්බද පාසැල්වැසී යාම, ගුරු හිගය, ළමුන් පාසැල්වලට ඇතුලත් කිරීමේදී ඇති අර්බුදය විභාග ප‍්‍රශ්න පිලිබද ගැටලූ පැල්පත් වාසී දරුවන්ගේ ගැටලූ, හා උසස් අධ්‍යාපන සිසුන්ගේ සුභසාධනය ආදී දහසකුත් එකක් ගැටලූ ගැන් අවධානය යොමු කරනවා මිස මිල මුදල් ඇති ඉතා සුලූ පිරිසකගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනටයත් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගූණාත්මක බවත් බිල්ලට දෙන අත්තනෝමතික කි‍්‍රයාමාර්ග නොගන්නා ලෙසය. එසේම නිදහස් අධ්‍යාපනය දිවිහිමියෙන් සුරකින බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි ආණ්ඩුවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට කිසිදු අයිතියක් නොමැති බව අවධාරණය කර සිටිමු.

සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය

2 comments:

  1. රජයේ වි.වි. වලින් එලියට එන හැම දොස්තරම හොදයි කියන්නත් බෑ නේ. සල්ලි පස්සේ දුවනවා ඇරෙන්න රටට වැඩක් කරන වෙදදුරන් කීයෙන් කීයද ඉන්නේ. ඒක නිසා පුද්ගලින් වි.වි. හරි දාලා මේ ක්‍රමය නැති කරන්න ඕනා.

    ReplyDelete
  2. සත්‍යය
    01.පෞද්ගලීක වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීම නිසා සිදුවන්නේ වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් බිහි වීමයි. එවිට වෛද්‍යවරුන්ගේ අතිරික්තයක් ඇතිවෙයි. වෛද්‍ය ඒකාධිකාරය බිඳ වැටේ.!!
    02. මෙයයි විරුද්ධ වීමට නියම හේතුව.
    03.රටේ සියළුම දෙනාට උපාධි ලබා ගැනීමට හැකි වන පරිදි වහාම රටේ අධ්‍යාපන උපාය මාර්ග වෙනස් කල යුතුය.
    04. බුද්ධිමතුන් බහුලවීමත් ඒහේතුවෙන් වෛද්‍ය වෘර්තිකයන්ට රැකියා අහිමි වීමත් යන්න 02කි.
    05. රටේ බුද්ධි ප්‍රසාරනයට වැට නොබඳිනු.
    06.රජයෙන් සෑම දෙයකම කළ යුතුය යන්න පසුගාමි ආර්තික හා සමාජ ක්‍රමයක් ඇති රටවලට ගැලපේ.අපේ රට ඒ තත්ත්වයට ඇද නොදමනු!

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි