ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Monday, July 26, 2010

සරසවි සිසු සුසන්ත බණ්ඩාර ඝාතනය කල පොලිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගනු.

සරසවි සිසු සුසන්ත බණ්ඩාර ඝාතනය කල පොලිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගනු. 

     රුහුණු සරසවියේ ශිෂ්‍ය සුසන්ත බණ්ඩාර ශිෂ්‍යයා පොලිස් පහරදීමක් හේතුකොටගෙන පසුගිය බ්‍රහස්පතින්දා බදුල්ල රෝහලේදී මරණයට පත් විය. මේ එම මරණය හා ඊට හේතු වූ කරුනු පිලිබඳ සවිස්තර වාර්ථාවකි. 

සම්පූර්න නම -: රනවීර දේවයලාගේ සුසන්ත
                        අනුර බණ්ඩාර

උපන්දිනය -: 1985. 11. 16 

පාසල -: බුත්තල දුටුගැමුණු මහා විද්‍යාලය 

පදින්චිය -: බුත්තල උණාවටුන 

උසස් අධ්‍යාපනය -: තුන්වන වසර මානව ශාස්ත්‍ර හා
                      සමාජීය විද්‍යා පිඨය රුහුණ විශ්වවිද්‍යාලය  


මරණයට අදාල ප්‍රධාන සිදුවීම -:

ජූනි 16 -: රාත්‍රියේ විශ්වවිද්‍යාලය තුලට පැමිණි බාහිර මැර පිරිසක් විසින් සරසවි සිසුන්ට පහර දීම හා පිහි පහරක් එල්ල කිරීම.

ජූනි 17 -: විශ්විද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස හා සිසුන්ට අභ්‍යන්තර නේවාසිකාගාර ලබාදෙන ලෙස ඉල්ලා සිසුන් සරසවිය තුල උත්ඝෝශනය කිරීම.

ජූනි 18 -: දහවල් 12 සිට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීම.

- මෙම තීරණයට එරෙහිව සිසුන් තවදුරටත් උත්ඝෝෂණය කිරීම හා විශ්වවිද්‍යාලයෙන් පිටත නොගොස්   රැඳී සිටීම.

- මෙම දින දෙක තුලදී සිසුන් සමඟ පොලීසිය අවස්ථා කිහිපයකදී ගැටීම් සිදුවිය.

- සවස 5.30 ට පරිපාලනය හා පොලීසිය සමග ඇතිවූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස සවස 5.30ට පමන විශ්වවිද්‍යාලයෙන් සිසුන් ඉවත්වීම.

- සවස 6.15 පොලිස් ආරක්ෂාව මැද මැද්දවත්ත නේවාසිකාගාරයට පැමිනීම.

 - සවස 6.30 ට නේවාසිකාගාරයේ ඇති බඩු රැඟෙන නිවසට යාමේ බලාපොරොත්තුවෙන් සිටි සිසුන්ට නේවාසිකාගාරය තුල සිරකර ගේට්ටු වසාදමා නිල් පැහැති පොලිස් බස්රථයක්ද ගේට්ටුව හරස්කර නවතා පොලීසිය විශාල ප්‍රමාණයක් විසින් එකවර සිසුන්ට පහරදීම.

- මේ පහරදුන් ස්ථානයේ මාතර පොලීිසියේ ස්ථානාධිපත් සම්පත් මහින්ද කල්දේරා මහතාද, සහකාර පොලිස්අධිකාරී ගාමිනී ජයලත් මහතාද ජේෂ්ඨ පොලිස් අධිකාරී රන්ජිත් පත්මසිරි මහතාද පොල්ස් අධිකාරී දමයන්ත විජයශ්‍රී මහතාද සිටියහ.

- මෙම පහරදීමේදී සුසන්ත බණ්ඩාර සිසුවා අතුලු තවත් සිසුන් පස්දෙනෙකුට තුවාල     සිදුවිය. (උදා -: මානව ශාස්ත්‍ර හා සහාජවිද්‍යා පීඨයේ දෙවන වසර සුසන්ත සිදුරංග ශිෂ්‍යයාගේ අතබිඳීමට ලක්විය. කරාපිටිය රෝහලේන ප්‍රතිකාර ලැබීම සිදුවිය.) 

ජුලි 19 -: ජුල් 18 රාත්‍රියේදීම සුසන්ත තවත් සිසුන් පස්දෙනෙකු සමග දික්වැල්ලෙන් අම්පාර බස්රථයක නැඟී බුත්තල යුදගනාව මතුරකුගේ නිවසට යන ලදී. රාත්‍රී කාලය එහි ගතකොට 19 උදෑසන උණාවටුනේ තම නිවසට යනලදී.

- නිවසේදී වමනය යන ලද අතර රොගී තත්වය උත්සන්න විය

- උදෑසන කෑම ගැනීමෙන් අනතුරුව මව සමග බුත්තල රෝහලට යන ලදී.

- ඉන් අනතුරුව දියතලාව රෝහලට ඇතුලත් කරන ලදී. එහිදී දිගටම වමනය යනලදී.

- දියතලාව රෝහලේදී දින එකහමාරක් සිහිසුන්ව සිටි අතර දින 4ක කාලයක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලදී.

     මේ අතරද මව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසියට ගොස් පැමිනිල්ලක් කිරීමට උත්සාහ කලද පැමිනිල්ල බාරගැනීම සිදුනොකරන ලදී.

ජුලි 20 -: පහර කෑමට ලක් වූ රුහණ සරසවි සිසුන් සමග රුහුණ සරසවි මහා ශිෂ්‍ය සංගමය   මරදාන සී. එස්. ආර. ශාලාවේදී මාධ්‍ය සාකච්චාවක් ගැනීම.

ජුලි 21-: පොලිස්පති වරයාට මෙම පහරදීම පිලිබඳව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් ලිඛිත පැමිනිල්ලක් ඉදිරිපත් කිරීම. (පිටපතත් මේ සමග අමුනා ඇත)

ජුලි 18 -: සුසන්ත බදුල්ල රෝහලට ඇතුලත් කරන ලදී.  

- මව නැවත බුත්තල පොලිසියටද පැමිනිල්ලක් කිරීමට උත්සාහ කල නමුත් බුත්තල පොලිසියද පැමිනිල්ල බාරගැනීම ප්‍රතික්ෂේපකරන ලදී.

- එසේම මව මොණරාගල මානව හිමිකම් කොමිසමටද පැමිනිලි කිරීමට යන ලදී. නමුත් ඔවුන් ද එය මගහරින ලදී.

- බදුල්ල රෝහල් පොලීසිය විසින් මේ අතර තුර සුසන්තගෙන් කට උත්තරයක් ලබා ගන්නා ලී. එම කට උත්තරයේදී පැහැදිලිවම සුසන්ත විසින්

     පොලීසිය විසින් ඔහුට පහරදුන් බව ඔහු විසින් ප්‍රකාෂ කරන ලදී. එම කට උත්තරය ලබාදෙන අවස්ථාවේදී රුහුණ සරසවි මානව ශාස්ත්‍ර හා සමාජීය

විද්‍යා පීටයේ සිසුවියන් වන,

               1. ඉනෝකා රසාංජලී
               2. නන්දනී දිසානායක
               3. තුශාරා ඉඳුනිල්

     යන අය එම ස්ථානයේ සුසන්ත සමග සිටින ලදී. මේ අතර තුර නුවර රෝහලටද යවා පරීක්ෂණ කිහිපයක් (MRI) සුසන්තට සිදුකරන ලදී.

ජුලි 22 -: රාත්‍රියේ සුසන්ත මරණයට පත්විය. පහත කරණු පිලිබඳව ඔබගේ අවධානය යොමුකරන මෙන් ඉල්ලා සිටිමි.

* පොලිස්පති තුමා මරණය සිදුවූ දිනට පසුදින (07. 23) ප්‍රකාෂ කරන ලද්දේ  “ මෙම මරණය අතිශය ස්වාභාවික මරණයක් බවය” එය ප්‍රකාෂ කලේ නිකම්ම නොවේ. කරුණු සනාථ කිරීම සඳහා ඔහු පශ්චාත් මරන පරීක්ෂණ වාර්ථාව පවා උපයෝගීකරගන්නා ලදී.

* එසේම උසස් අධ්‍යාපන ඇමති එස්දිසානායක මහාතා එදිනම (07. 23) මාධ්‍ය හමුවකදී මෙම මරණය සිදුවූයේ තවත් සිසුවකුගේ පහදිමකින් බව පවසන ලදී.

*ආණ්ඩුවට මෙම ඝාතනය පිලිබද විවෙචන එල්ලවීම ඇරබුන විට දැන් පොලිස්පති වරයාද ඊයේ ඇමතිවරයා ප්‍රකාෂකල දේ සත්‍ය බවත් තමා ප්‍රකාෂකල දේ අසත්‍ය බවත් එය තමාවිසින් කරුනු හරිහැටි නොදැන කරනලද්දක් බවත් ප්‍රකාශ කරසිටී. (පොලිස්පති තනතුරෙන් ඇමති ආරක්ෂක තනතුරක් දක්වා පල්ලම්බැස ඇත)

* එසේම සුසන්තගේ මව පහරකෑ සුසන්ත නිවසට පැමිනි පසු දිනම ඔහු වෙනුවෙන් පැමිනිලි ඉදිරිපත් කිරීම සඳහා පොලීසි ගනනාවකටම යන ලදි. ඇය දැමීමට උත්සාහගත් පැමිනිලි උක්ත පොලීසි විසින් බාර නොගත්තෙ ඒවා පොලීසියට එරෙහිව කල පැමිනිලි නිසාය. (ඒවා තවත් සරසවි සිසුවකුට එරෙහිව කල පැමිනිලි වූවානම් පොලීසිය කිසිසේත්ම එම පැමිනිලි බාරනොගෙන ඉන්නේ නැත)

* රෝහල් පොලීසියට අවසානයේ සුසන්ත කටූත්තරය ලබාදෙන්නේද ඔහුගේ මව හා මිතුරන් ඔහු සමග සිටින අවස්ථාවේය. එහිදී පැහැදිලිව ප්‍රකාෂ කරන්නේ මාතර පොලීසීය විසින් තමන්ට පහරදුන් බවයි.

* මේ පොලීසිය විසින් සරසවි සිසුන්ට හෝ සාමාන්‍ය මහජනයාට මේ ආකාරයෙන් පහරදුන් හෝ පහරදී මරාදැමූ ප්‍රථම අවස්ථාව නොවේ.

* අඟුලාන තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීම, නිපුන රාමනායක සිසුවාට පහරදීම, ටට්ටක්කුලියේදී බිල්ලන් යොදවා ගම් වැසියන් පැහැරගැනීම පොලීසිය විසින් මෑතක සිදුකල ප්‍රසිද්ධ වීර ක්‍රියාවන්ය.

* කැළනි සරසවියේ සිසුවියන්ට පොලීසියේදී පුටුවක බැඳ පහරදීම, පේරාදෙණිය සරසවියේ සම සෞඛ්‍ය සිසුන්ට පොලුවලින් ගසා ඔලු පැලිම ඇතුලු සියලු සිසු උත්ඝෝෂනවලට දිගටම පහරදීම පසුගිය කාලයේ සුලභ සිදුවීම් විය.

* රුහුණ සරසවියේ සිසුන්ට ජුනිමස 18 වැනිදා රාත්‍රියේ එල්ලකල ප්‍රහාරයද එවැනි එක් ප්‍රහාරයකි. එමනිසා මෙවන් වූ පාදඩ ඉතිහාසයක් සහිතව සිටින පොලිස්පතිතුමාත් ආණ්ඩුවේ ඇමති එස්. බී ත් දැන් තම නිරුවත වසාගැනීම උදෙසා අසාර්ථක වෑයමක යෙදෙන අයුරු අපට දැකගත හැකිව ඇත. 


මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

2 comments:

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි