ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Sunday, June 20, 2010

අරගලය ඇරඹුණි

    නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් බව අපි නිදහස් අධ්‍යාපනයේ දරුවන් ලෙස දනිමු. නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට අපි අද පැන්සල හා පෑන හසුරුවන්නන් වෙමු. පීතෘ ඝාතකයන් දැන් කරලියට පැමිණ ඇත. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අපි ඔවුන්ට මේ අපරාධයට ඉඩ නොදෙමු. එම නිසාවෙන් අරගලය ඇරඹිණි.

    වෛද්‍ය සිසුන්ගේ මහජනතාවගේ අප්‍රමාණ විරෝධතා මැද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පසුගිය කාලයේ ආරම්භ විය. දිගින් දිගටම එල්ල වූ විරෝධතා ද නොසලකමින් ඔවුන් එයට තෙවන සිසුන් කණ්ඩායමද (මිල මුදල් ඇති) බඳවාගැනීමට සැරසේ. වගකිව යුත්තන්ගේ මුනිවත රැකීම ගැන කතාකිරීම ද ලැජ්ජාසහගතය.

     සුවහසක් පැතුම් පොදි බැඳ දහ දුක් විඳ දරුවන්ගේ දෑස් පාදන්නට වෙර දරන අපේ අම්මලා තාත්තලාට දැනෙන තේරෙන සත්‍යය අව්‍යාජය. එය මිල මුදල් වලින් වසන් කළ නොහැක. “අම්මේ, මං හොඳට ඉගෙන ගෙන ලොකු වුනාම ලොකු දොස්තර මහත්තයෙක් වෙනවා.” මේ සිහිනය මතුවට අපේ දේශයේ දරුවන්ට දකින්නට අයිතියක් නැති තත්වයක් උදාවෙමින් පවතී. මිල මුදල් වත්කම් තිබෙන සුළුතර පිරිසකට “මගේ පුතා මං දොස්තර මහත්තයෙක් කරනවා” යන්නට පමණක් මඟ පාදා ගනිමින් සිටී. කැලෑ මල් පිබිදෙන්නේ, සැඟවුනු කුසලතා එලිදැක්වුනේ මිනිස්කම දත් උගතුන් වියතුන් බිහිවුනේ නිදහස් අධ්‍යාපනයේ මහඟු ඵල ලෙසිනි. ඒ වගට දේශයේ සුවහසක් ජනතාව සාක්ෂි දරණු ඇති.

    අධ්‍යාපනය ලබන්නේ කවුරුන්ද, නොලබන්නේ කවුරුන්ද යන්න කිසිවිට මුදල් මත තීරණය නොවිය යුත්තකි. ඒ හැකියාව දක්ෂතාව මත තීරණය වන්නකි. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භය තුල “වෛද්‍යවරුන්” බිහිකිරීම “කුකුල් ෆාම් එකක” තත්වයට පත්වේ. අදාල කාලසීමාව තුල බිහිවෙන වෛද්‍යවරයා, ක්ෂේත්‍රයට හා වෘත්තියට සුදුස්සකු වුව ද නුසුදුස්සකු වුව ද, “වෛද්‍යවරයෙකු” ලෙස සමාජයේ නීතිගත කිරීම සිදුවේ. ඒ, ඔවුන්ගෙන් ලබාගන්නා මුදලට එම සහතිකය දියයුතුම නිසාවෙනි. සරලව පවසතොත් රුපියල් ලක්ෂ 80ක් වැනි මුදලකට වෛද්‍යවරයෙක් යන නාමය විකිනීමට ඔවුන් සූදානම් වේ. සමාජයට මුදා හරින එම පුද්ගලයා අපේ අසරණ ජනතාවගේ ජීවිත බිලිගන්නා විට අප ප්‍රමාද වී වැඩිය.

     ඇලේ-දොලේ දුව පැන ඇවිදින, හේනේ-කුඹුරේ අප්පච්චිගේ අතේ එල්ලී පැල් රකින්නට යන, ගමේ පාසලේ අකුරු කළ අපේ පුංචි පැටවුන් දොස්තර මහත්තයෙකු වී මතුදාක ගමට විත් තම ජනතාවට, ගමට-රටට සේවයට කැපවුනේ දහඩිය-කඳුල, දුක-වේදනාව ගැන ඔවුන්ට අමුතුවෙන් කියාදිය යුතු දෙයක් නොවන නිසාවෙනි. අපේ අම්මා-තාත්තා අපිට අකුරු කළේ කහට උගුරෙන් සහ පාන් කෑල්ලෙන් කුස පුරවාගෙන බව දන්නේ ඔවුහුය. ඒ ජනතාවට මනුෂ්‍යත්වයේ නාමයෙන් සේවය කරන්නට ඔවුන් ලද අත්දැකීම් ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. අපි මෙසේ ප්‍රශ්න කරමු ! රුපියල් ලක්ෂ ගණනක් වියදම් කොට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් එලියට එන, පොළොවේ පය නොගැසු ඔවුන් ඔබට කුමක් කරාවිද? වියදම් කළ මුදලට මුදල් සෙවීම ඔවුන්ගේ ඒකායන පරමාර්ථයයි.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීමට ප්‍රයත්න දැරීමේ ආරම්භය මෙය නොවේ. ඒ ඉතිහාසයේ පිටු අහිංසක සරසවි සිසු-සිසුවියන්ගේ ලෙයින්  ලියවෙන්නට තරම් ශෝචනීය වූ බව අප දනිමු. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අපි අවධාරණය කරන්නේ නැවතත් එවන් අතීතයක් උරුම නොකරන ලෙසයි.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කළුකඩ මුදලාලිට අපි මෙසේ පවසමු ! මේ රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට ගැනීමට අපි ඉඩ නොදෙමු ! නිදහස් අධ්‍යාපනය ඝාතනය කරන්නට අපි ඉඩ නොදෙමු ! අපේ දුප්පත් අහිංසක දෙමව්පිය වරුන්ගේ සිහිනයන් බොඳ කරන්නට අපි ඉඩ නොදෙමු ! ආදරණීය මවු පියවරුනි, මේ නුඹලාගේ දහඩිය-කඳුලේ උරුමය වෙනුවෙන් පෙළගැසෙන අරගලයයි...

චන්දන දේවප්‍රිය
වෛද්‍ය පීඨය
රුහුණ විශ්වවිද්‍යාලය


5 comments:

  1. නිදහස් අධ්‍යාපනය ගැන දැන් කතාකරමු. වෛද්‍යවරයෙක් වු පසු ඩියූටිප්‍රී කාර්, ප්‍රරයිවෙට් ප්‍රැක්ටිස් සහ වැඩිපඩි ගැන කෑගසමු. සම සෟඛ්‍ය සිසුන්ට අයිතීන් නොදීමට වැඩකරමු.

    ReplyDelete
  2. when u grown... when ur daughter or son will not get sufficient education... wht will u do? u will surely enter ur son or daughter that type of private colleges.... am i wrong? thats for u.. not for us... LOL

    ReplyDelete
  3. දැන් ඕගොල්ලෝ කියන්නේ මේ නිසා දුප්පත් ජනතානගේ දරුවන්ට අවස්ථාව නැති වෙනවා කියලනේ. මම දැනගන්න කැමතියි අවුරුදු 50ක් හැටක් තිස්සේ විශ්ව විද්‍යාලයෙන් පිටත් වුනු ඒ දුප්පත් ජනතාවගේ දරුවන් රටට කරපු වෙනස මොකක්ද කියලා. රටට කෙසේ වෙතත් තමන්ගේ දුප්පත් අම්මලා තාත්තලාට සළකන්නේ කී දෙනාද? හුග දෙනෙක් අද පිටරට නේද? අපි බදු ගෙවලා මුන්නැහේලාට උගන්වන්නේ මේකට නෙමෙයිනේ.

    ReplyDelete
  4. I don't know whether this idiot so-called 'පළගැටියා' has come from another planet. Then can you tell me who are the people working in all the responsible professions such as doctors, engineers, etc? Are they came from those western countries that you worship? Or did they come from another planet?

    The reason we can't develop this country is all the so-called 'development plans' are just political plans without any clear vision and sometimes without getting any advice from relevant professionals. It is not a problem with professionals. In this country educated people are not getting due recognition. Only those who are going shopping for useless politicians are recognized.

    And you are talking about neglecting parents. What is the evidence you have to prove that majority of graduate who pass out from our universities are neglecting their parents? Most of them are doing what they should do. You must be talking about what you are doing at present. Just because you have heard few incidences from some useless newspapers don't try to think that all the people are the same. This is the same thing which happens in other places as well. When one or two doctors found negligent, according to these 'baka pandiths' all the doctors are a negligent lot. This is nothing more than shear hypocrisy and jealousy. After they failed in their education they are jealousy of those who succeeded.

    And if you think that state university graduates are useless for the public then can you expect any good service from those private university graduates? Do you think that they will pay millions of money for the degree and be satisfied with a small salary around Rs25000? Their main focus will be on how to cover the amount they spend. They will do their best to do that. Not to serve the country. Most of them will not even stay in this country. (Anyway most of them are living in the west in their mind though they are physically here). So, without making useless statements without any grounds at least try to hide your ignorance if you really cant get rid of it.

    ReplyDelete
  5. I hate monopoly and oligarchy of doctors of free education in Sri Lanka. What are they doing now receiving free education choices?

    1. Created a monopoly and oligarchy within the sector suffering 3rd class poor innocent patients strongly and inhumanly.
    2. No one are given a chance to be entered into the sector unless they donot bear local educational qualifications for medicine.
    (Alleged Health Problem)
    3. Forgetting the past strongly when received the post of doctor.
    4. Feeling with strong pschysophreniac complexes regarding the post. In this regard, thinking always " We are extreme ones and no one persons like this in this universe.
    5. Having not a little bit of sense how we received this free education and financial facilities until to the degree obtained.
    6. Dislike to spend a sufficient time to hearing a patient's informations regarding affected diseases and issuing medicines without proper diagnoses.
    7. Dislike to NEVER issue a presciption for patients on private medical channel services. This mean that if a doctor approved a poisonous or inappropriate drug, pation must use it without any senses or asking from doctor.
    (this is a fatal action never can see other countries)
    8 Affraiding doctors strongly always when a patient expressed his medical literacy fluently about his affected illness.
    9. Issuing high priced medicines achieving higher advantages from multinational companies.

    If can, convey replies scientifically, intelligently, practically and logically.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි