ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Saturday, February 4, 2012

සිසු ජීවිත විනාශ කර පවත්වන මාධ්‍ය සංදර්ශන හෙළාදකිමු

     රජරට වෛද්‍ය පීඨය ආශි‍්‍රතව පැන නැගී ඇති නවතම තත්ත්වය හා ආණ්ඩුවේ පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් ශිෂ්‍ය ජීවිත බිල්ලට දීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ‘‘වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව’’ සංවිධානය කළ මාධ්‍ය හමුවක් පෙබරවාරි මස 03 දින ප.ව. 1.30 ට මරදාන සමජීය හා සාමූහික කේන්ද්‍රයේ දී පැවැත්වුණි.

එහි දී අදහස් දැක්වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නිලාන් ප‍්‍රනාන්දු මහතා,

      අපි කවුරුත් දන්නවා මෑත කාලිනව ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලූව රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ වෙන කාගෙවත් වැරැද්දක් නිසා නෙමෙයි, අධ්‍යාපනය සම්බන්ධ බලධාරීන්ගේ, ආණ්ඩුවේ තියෙන අදූරදර්ශී හා නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ, අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ වැඩපිළිවෙළ නිසා.

      අපි දිගින් දිගටම කතා කළා රජරට වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් මතුවෙලා තියෙන තත්ත්වය පිළිබඳව. රජරට වෛද්‍ය පීඨය කියන්නෙම ප‍්‍රශ්නයක් බව මේ රටේ සියලූම ජනතාව දිගින් දිගටම දැනුවත් වුණා. මීට අවුරුදු 06 කට කලින් ආණ්ඩුවේ වැරැුද්දක් වහගන්න ආරම්භ කරපු රජරට වෛද්‍ය පීඨයට දිගින් දිගටම අවශ්‍ය මූලික පහසුකම් ටික ලබා ගන්න පවා විශාල අරගලයක් කරන්න සිද්ධ වුණා. ඒකෙ දැවැන්තම ගැටලූව තමයි අවසන් වසර ශිෂ්‍යයන්ට තම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ‘‘මහාචාර්ය ඒකකයක්’’ ආරම්භ නොකිරීම. 2011 මාර්තු මාසයේ පටන් මහාචාර්ය ඒකකයක් ආරම්භ කරන බවට දින වකවානු සහිතව පරිපාලනයෙන් පොරොන්දු වුණා. නමුත් දිගින් දිගටම අවශ්‍ය පහසුකම් ලබා නොදීම, ප‍්‍රමාණවත් ප‍්‍රතිපාදන වෙන් නොකිරීම හරහා මෙම ඉදිකිරීම් පසුපසට ගියා. අවසානයේ රජරට ෙවෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට සමාන්තර අනෙක් වෛද්‍ය පීඨ වල සිසුන් සිය අවසන් වසර හමාර කරන තෙක්ම ඔවුන්ට බැරිවුණා එ්ක සිදු කරන්න. එතන්දි තමයි ශිෂ්‍යයෝ තීරණය කළේ පරිපාලනය එනම්, පීඨාධිපති, උපකුලපති සමග සාකච්ඡුාවක් ඉල්ලා සිටින්න. නමුත් අවම වශයෙන් සාකච්ඡුාවක් ලබා දෙන්න තරම් පරිපාලනය කාරුණික නොවුන නිසා ශිෂ්‍යයන්ට සිද්ධ වුණා සාකච්ඡුාව බලහත්කාරයෙන් ලබා ගන්න. අවසානයේ සමස්ථ වෛද්‍ය පීඨයේම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් එකාවගේ සිද්ධ කරපු මේ අරගලය දඩමීමා කරගෙන තෝරා ගත් ශිෂ්‍ය නායකයින් 06 දෙනෙකුගේ පන්ති තහනම් කරන්න පරිපාලනය කටයුතු කළා.

      දිගින් දිගටම ආණ්ඩුව හා පරිපාලනය මෙම ගැටලූවට මැදිහත් වූයේ ඒ ආකාරයට ශිෂ්‍ය ශිෂ්‍යයාවන් දිගින් දිගටම මීට එරෙහිව අරගලයක හිටියා. ඔවුන් ඉල්ලා සිටියේ වෙන මොකක්වත් නෙමෙයි. තමන්ගේ ජීවිතේ පස්සට දමන්න එපා කියන එක.

      දෙසැම්බර් 15 වෙද්දිවත් තම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට හැකි පරිදි මහාචාර්ය ඒකකය විවෘත කරන්න කියලා තමයි ශිෂ්‍යයෝ ඉල්ලූවේ. ඒත් එහෙම කළේ නෑ.  නමුත් දැන් එකපාරටම රජරට මහාචාර්ය ඒකකය විවෘත කරන්න යනවා. ඒ එලඹෙන සතියේ ආණ්ඩුවේ ප‍්‍රචාරක ව්‍යාපෘතියක් වන ‘‘දැයට කිරුළ’’ ප‍්‍රදර්ශනයේ එක් පියවරක් විදියට. අපිට ආරංචි විදියට ජනාධිපතිවරයා අතින් 09 ආශ‍්‍රීත දිනයක මේ විවෘත කිරීම කරන්න යන්නේ.

     අපි අහනවා ජනාධිපති රෙදි ඇදගෙනද මහාචාර්ය ඒකකය විවෘත කරන්නේ කියලා. මේ විදියට විවෘත කරන්න මීට මාස 3 - 4 කට කලිනුත් හැකියාව තිබුණා. මෙහෙම අඩුපාඩු මැද්දේ ශිෂ්‍යයන්ගෙ පංති තහනම් කරල, මාධ්‍ය සංදර්ශනයක් විදියට තමන්ට ලකුණු කිහිපයක් ලබා ගැනීමේ බංකොලොත්කම තමයි මේ පේන්නේ. අපි ශිෂ්‍යයෝ විදියට මුළුමනින්ම හෙළා දකිනවා මේ ලජ්ජා සහගත ක‍්‍රියාව. ශිෂ්‍යයන්ගෙ ජීවිත අවුරුදු 1, 1/2 කින් පසුපසට ඇද දමා, ඒ ගැන කිසිදු තැකීමක් නැතිව, තමන්ගේ ඉතාමත් පටු දේශපාලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් සිසු ජීවිත විනාශ කිරීම අපි දැඩි ලෙස හෙළා දකිනවා.

     තවමත් එහි මූලික භෞතික, මානව සම්පත් සපුරලා නැහැ. නමුත් ඒ කිසිවක් ගැන තැකීමක් නොකර ප‍්‍රචාරකවාදී අරමුණුවලට විතරක් කොටුවෙලා මේ කරන සංදර්ශනය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව විදියට අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

      තවද මෙම කුමන ආකාරයේ බංකොලොත්, විනාශකාරි ක‍්‍රියා ආණ්ඩුව අනුගමනය කළත් කුමන හෝ කැපකිරීමක් කර අධ්‍යාපනය සියලූ ජනතාව වෙනුවෙන් රැුක ගැනීමට පෙරමුණ ගන්නා බවත් අපි ප‍්‍රකාශ කර සිටිනවා.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි