ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, June 2, 2010

‍පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරාජය කරනව, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම අපි පරාජය කරනව
(අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියයි)



    පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවායැයි උසස් අධ්‍යාපන ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය මහත් පිපිරීමකට සම්බන්ධ කර ඇති සේව නූලක් හා සමානය. සේව නූල දැන් ගිනි පුළිඟු විහිදුවමින් ඇවිලෙන්නට පටන්ගෙන තිබේ. පිපිරීම ඈතක නොවේ. මේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවන්නේ කා වෙනුවෙන්ද? මෙම විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගැනීම සඳහා වසරකට රුපියල් ලක්ෂ 65කට වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවේ.
 
    “ඉතින් ඔවුන්ට වියදම්කල හැකිනම් එසේ කර උපාධියක් ලබාගත්තාට ඇති ප්‍රශ්නය මොකක්දැයි” කෙනෙකුට තර්ක කල හැකිය.

    පෞද්ගලික ප්‍රවාහන සේවය හඳුන්වා දී පොදු ප්‍රවාහනය විනාශවීමට හැරියා සේ, පෞද්ගලික ප්‍රතිකාර හෙවත් චැනල් සේවහ හඳුන්වා දී රාජ්‍ය සෞඛ්‍ය සේවය අභාවයට හැරියා සේ පෞද්ගලික විශ්වවිද්‍යාල ද හඳුන්වා දී නිදහස් අධ්‍යාපනය ක්‍රමයෙන් වල පල්ලට යැවීමට කටයුතු සිදු නොවන්නේ යැයි කියන්නේ කෙසේද?

    වර්ථමාන උසස් අධ්‍යාපන ඇමති S.B. දිසානායක එම තනතුරට පත්වූ පසු කල පලමු ප්‍රකාශය වූයේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට ඉඩදෙන බවයි. මෙය S.B. ඇමතිවරයාගේ පෞද්ගලික සිතුවිල්ලක් යැයි සිතීමට තරම් අඥාන නොවිය යුතුය. මෙය ආණ්ඩුවේම චින්තනයකි.

    ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන බවට පම්පෝරි ගසමින් බලයට පැමිනි රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රමුඛ කටයුත්තක් වී තිබෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට ඉඩදීමයැයි දැන් තහවුරුවේ. මේ වෙනුවෙන් මහජන මතය හැදීමට විවිධ සිවිල් පුද්ගලයින් විද්වතුන් හා පූජ්‍ය පක්ෂය පේ වී සිටින බව දැන් පැහැදිලිය. මහාචාර්ය බෙන්ලන්විල විමලරතන හිමියන් මෙම පෙරහැරේ කස කරු වී මුලින්ම වදාරා තිබුනේ ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතු බවය.
 
    එසේ වදාළ උන්වහන්සේගේ කටේ කෙල හි‍ඳෙන්නටත් පෙර උසස් අධ්‍යාපන ඇමති S.B. දිසානායක මහතා ප්‍රකාශ කළේ ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටවන බවය. ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වහාම ප්‍රතිචාර දැක්වූයේ පසුගිය 10වන දින ජනමාධ්‍ය හමුවක් කැඳවමිනි.

    අන්තරයේ කැඳවුම්කරුවන උදුල් ප්‍රේමරත්න දැඩි විවේචනයක් ඉදිරිපත් කරමින් එහිදී මෙසේ කීවේය.

    “මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ ලෑස්තිවෙන්නෙ නිදහස් අධ්‍යාපනය අහොසි කිරීමේ දිශාවට ගමන්කිරීමටයි. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටයි. අපි මේ තත්වයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා” අන්තරය මෙම යුද්ධ ප්‍රකාශකිරීමට පදනම් වූ පසුබිමද විග්‍රහ කරයි. ඔවුන් කියන ආකාරයට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවයකි.

    “ 1998 දී ලෝක වෙලඳ සංවිධානය ජනතාවගේ ජීවිතවලට බලපාන බරපතළ කරුනක් අනාවරණය කළා. ජලය සහ අධ්‍යාපනය විකිණීමෙන් විශාල ලාභයක් ලැබියහැකිය කියලා ඔවුන් පෙන්වා දුන්නා. දැන් අපේ ආණ්ඩුව අතගහල තියෙන්නේ ඒ වැඩේට. ලෝක බැංකුව, ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලංකාව මත බලෙන් පැටවූ ‘යලි පුබුදමු ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ අන්තර්ගත ප්‍රධානතම කරුණක් වන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමයි. මේ දේශහිතෛෂී කියන ආණ්ඩුව සැරසෙන්නේ යළි පුබුදමු ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නයි. වෙනසකට තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තය ඉංග්‍රීසියෙන් කීවදේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුව සිංහලෙන් කාටත් තේරෙන විදිහට ප්‍රසිද්ධියෙ කීමට තරම් එඩිතර වීමයි.”

    පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම වෙනුවෙන් පෙනීසිටින පුද්ගලයින්ගේ ප්‍රධාන තර්කයක් වී තිබෙන්නේ විදේශගතව උසස් අධ්‍යාපනය ලැබීමෙන් විශාල මුදලක් වාර්ශිකව පිටරටට ඇදීයන බවයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිරියට ඇදගන්නා සෑම මොහොතකදීම ඒ වෙනුවෙන් පෙනීසිටින්නන් මතුකරන මෙම ප්‍රශ්නයට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය උත්තර සපයන්නේ මෙලෙසයි.

    “ආණ්ඩුව කියනවා වර්ෂයකට ශිෂ්‍යයන් 10 000 ක් විතර විදේශිය උසස් අධ්‍යාපනය ලැබීමට යනබව. ඒ වෙනුවෙන් රු. බිලියන 5000ක් විතර වැයවෙන බවත් කියනවා. විදේශ ගතවෙන ශිෂ්‍යයන් කිසියම් කිසියම් උපයන අතරයි තමන්ගෙ අධ්‍යාපනය කරගෙන යන්නෙ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියත් මෙබව ප්‍රකාශකරල තිබුණා. චන්ද්‍රිකා මැතිනිය කියන්නෙ අපේ රටේ හිටියෙ රාජ්‍යනායක නායිකා දෙපළකගෙ දියණියක්. ඇය පවා විදේශගතවී අධ්‍යාපනය ලබද්දී සුළු රැකියාවක් කළ බව ඇය ඇයම ප්‍රකාශ කළා. මේක තමයි ඇත්ත. ඒ අනුව අපට පැහැදිලියි ඔවුන්ගේ වියදම් සම්පූර්ණයෙන්ම රටට බරක් නොවෙයි කියලා. 2006 රේගු වාර්තා අනුව අපේ රටට සීනි ආනයනය කරන්න රුපියල් මිලියන 21 000 ක් වැයකරලා තිබුණා. කිරිපිටිවලට රුපියල් මිලියන 19 000 ක් වගේම ටින් මාළු ආනයනයට රුපියල් මිලියන 15 000 ක් වශයෙන්. දැන් මේකෙන් පැහැදිලි වෙන්නෙ මොකක්ද? අපේ රටේ සීනි කර්මාන්තශලා 4ක් තිබුණා. මේවා වහලා දාලා විනාශවෙන්න ඉඩහැරලා දැන් සීනි පිටරටින් ගෙන්වනවා. ඒවගේම තමයි කිරි පිටිත්. අපේ රටට අවුරුද්ද පුරාම හොදින් හිරු එලිය වැටෙනවා. ඒ නිසා ගව පාලනයට ඉතාම සුදුසු දේශගුනයක් තිබියදීත් රුපියල් මිලියන 19 000 ක කිරිපිටි ආනයනය කරනවා.

    ටින් මා‍‍ළු ගැන තත්වයත් ඒ වගේමයි. රට වටේටම මුහුද තියෙන්නෙ. හොද මා‍ළු අස්වැන්නක් ලැබෙනවා. එහෙම තියෙද්දිත් රුපියල් මිලියන 15 000 ක ටින් මා‍‍ළු පිටරටින් ගෙනෙනවා. සීනි‍, කිරිපිටි, ටින් මා‍‍ළු කියන ආහාර ද්‍රව්‍ය ආනයනය කරන්න අවුරුද්දකට රුපියල් මිලියන 55 000 ක් විදේශ විනිමය වැයවෙනවා. මේ සල්ලි කන්දරාව රටේ ඉතිරි කරන්න ඕනෙ නැත්ද‍? ඉතිරි කරන්න ඕන. ඒ සඳහා ජාතික කර්මා‍න්ත ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ අනුව කර්මාන්ත සංවර්‍ධනය කරන්න ඕන. ඒකෙන් විශාල රැකියා ප්‍රමා‍ණයක් ලැබෙනවා වගේම විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගන්නත් පු‍ළුවන්. මේ වගේ විශාල මුදල්කන්දරාවල් පිට රටට ඇ‍දීයනඑක වලක්වන ක්‍රියාමාර්ග ගන්නෙ නැතිව ඒ වියදමෙන් 11න් කොටසක් නවත්වන්න නිදහස් අ‍ධ‍්‍යාපනය බිලිදෙන්න යනවා. ලංකාවට වි‍ශාල ආදයම් ලැබියහැකි ස්වා‍භාවික සම්පත් බහුලව තියනව. ඒත් අද ඒවා සියල්ල විකුණමින් යනවා. හොදම උදාහරණය තමයි පුල්මුඩේ ඛණිජ වැලි නිධිය විකු‍ණා දැමීම. මෙහෙම කරන අතර තමයි රුපියල් මිලියන 5000ක් ගැන තර්ක කරන්නෙ.” අන්තරේ තමන්ගෙ විග්‍රහය ගොඩනගන්නෙ ඒ විදියට.

    “ එතකොට ජාත‍්‍යන්තර පාසල් වලින් නිදහස් අ‍‍‍‍‍‍‍‍‍‍‍‍ධ්‍යාපනයට හානි වෙන්නෙ නැත්ද? ” මාධ්‍යයවේදියෙක් ප්‍රශ්න කළා.

    “ඒ හරහාත් හානිවෙනව. අපේ රටේ ජාත්‍යන්තර පාසල් පටන්ගත්තෙ මෙහේ ඇවිත් ඉන්න විදේශ තානාපති සේවාවෙ නිරත අයගේ දරුවන් වෙනුවෙන්. ඒ පාසල් ව‍්‍යයාප්තවෙලා ඉහල පෙ‍ළේ ආදායම් ලබන පවුල්වල දරුවන්ටත් ජාත්‍යන්තර පාසල් හදුන්වා දුන්නා. දැන් 2%ක් පමණ ශිෂ්‍යයන් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නව. මේ තත්වය නිදහස් අධ්‍යාපනයට යම් ආකාරයක තර්ජනයක් තමයි. හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටවීම කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්මය මීට පෙර අවස්ථාවලදි නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් කියල පිලිගෙන බැහැර කළ දෙයක්. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන් වදාරා තිබුණේ “සුළු පිරිසකගේ විරෝධය නොතකා” පෞද්ගලික විශ්වවිද‍්‍යාල පිහිටවිය යුතු බවයි. මේ ප්‍රකාෂයට අන්තරය දෙන උත්තරය මොකක්ද?

    “බෙල්ලන්විල හාමුදුරුවන්ට පෞද්ගලික මතයක් දරන්න අයිතිය තියනවා. ඒත් මේ කියන පදනම සම්පූර්ණයෙන්ම වැරදියි. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ සුළු පිරිසක් නෙමෙයි. ඉහල ධනයක් හිමි කිහිපදෙනෙක් හැර මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවම ඊට විරුද්ධයි. ඒ බව ඉතිහාසය පුරාම ඔප්පුකරල තියනව. මතක තියාගන්න, මේ රටේ ශිෂ්‍යයො නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිත පරිථ්‍යාගයෙන් අරගල කරලා තිබෙන බව. මහජනතාව මහපාරට බැහැල තියනව, ශිෂ්‍යයො එක්ක. ඒ අතීතය අමතක කරල කවුරුහරි කටයුතු කරනවා නම් ඒක බරපතල තත්වයක්.

    අපි ඕනෑම කෙනෙකුට අභියොග කරනව පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන අපිත් එක්ක විවෘත සංවාදයකට එන්න කියලා. අපි එහිදී පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා නිදහස් අධ්‍යාපනය විනාශවෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්නම්. මේ අභියොගය භාරගෙන රටතුල යහපත් සංවාදයක් ගොඩනගන්නේ නැතිව පෞද්ගලික විශ්විද‍්‍යාල පිහිටවීමට දරණ ප්‍රයත්නය අපි ජීවිත පරිත්‍යාගයෙන් පරාජය කරනවා”

    අන්තරය සිටින්නේ එවැනි අචල අධිෂ්ඨානකය. ආසියාවේ ආශ්චර්යය බවට ලංකාව පත් කිරීමට නම් කළයුතු බොහෝ දේ තියනව. එහෙත් ඒ කිසිවක් නොකර නිදහස් අධ්‍යාපනය පෞ ද්ගලික අංශයට විකුනාදැමීමට ඉඩදී බලාසිටිනවාදැයි දේශප්‍රේමී ජනතාව ගැඹුරින් කල්පනා කළ බැලිය යුතුය.

Source - "Lanka" news paper (Sunday)
               23.05.2010

17 comments:

  1. ඔච්චර දුකෙන් දුප්පත් මිනිස්සු ගැන කතා කරන මහා ලොකු දොස්තර මහත්තරු...
    කියන්නකෝ බලන්න එක දවසක් දුප්පත් මිනිහෙකුට නිකන් බෙහෙත් දෙනවද කියල??
    ඔච්චර දුප්පත් මිනිස්සු ගැන හිතනවානම් ඒ වගේ දෙයක් කරන්න බැරි ඇයි ?

    ReplyDelete
  2. මිස්ටර් සහන්....
    යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් කියන්න එපා.... හද පෙන්නනකොට හද දිහා නොබලා පෙන්නන කෙනාගේ ඇගිල්ල දිහා බලන්න පුරැදු වෙන්න එපා....

    ප්ශ්නෙ අධ්‍යාපනය විකිණීයාම... ඒක කියන කොට දොස්තරලා නිකම් බෙහෙත් නොදීමක් ගැන විකාර කියවන්න එපා. නිකම් බෙහෙත් දෙන්න ඕන දොස්තරලා නෙවෙයි ආණ්ඩුව.

    ReplyDelete
  3. ඕක මෙහෙමයි අපි තීරණය කරන්න ඕන ලංකාව කොහොමද සංවර්ධනය කරන්න ඕන කියලා ලංකාවේ තියෙන්නේ මිශ්‍ර අර්ථ ක්‍රමයක් ලංකාවේ ශක්තිමත් ආර්ථික ක්‍රමයක් තිබ්බනම් කියුබාව වගේ සියලුදේම රාජ්‍ය අංශයෙන් සපයන් විදියට කරන්න තිබ්බා ඒත් විවෘත අර්ථ ක්‍රමය ඇත් කළාට පස්සෙ ඕක වෙනස් වුනා අද බලන්න පෙෘද්ගලික අංශයේ දායකත්වය රටේ සංවර්ධනයට ගොඩක් උදව් වෙලා තියෙනවා කර්මාන්තල ප්‍රවාහනය, සෙඛ්‍ය මේ හැමදේම අධ්‍යෘපනය බලන්න ඒකත් එහෙමයි ඔය අන්තරේ අය කෑගැහුවට ඒ අයත් පෙෘද්ගලික පංති ගිහිල්ලා තමයි කැම්පස් ඇවිත් තියෙන්නේ එහෙම ඇවිත් ඒ අය CIMA/Management course/Marketing Course/HR Course වගේ දේවල් සල්ලි දීලා කරනවා ඒ තරගාකාරීත්වයට මුහුණ දෙන්න සියල්ල මුදල මත නිර්ණය වන සමාජ අර්ථ ක්‍රමයක පෙෘද්ගලික විශවවිද්‍යාල ආරම්භ කරන්න ඕන ඒවට වලකපන එක නෙමෙයි කරන්න ඕන, හැබැයි අපි ප්‍රශ්නේ දිහා බලන්න ඕන ඔය විදියට නෙමෙයි මේ පෙෘද්ගලික අංශයේ ග්‍රණාත්මක බාවය සාධාරණ බාවය යන කරුණු ගැනයි. ඒවා පටන් ගත්තට ග්‍රණාත්මක බාවයක් නැත්නම් වැඩක් නැ ගුණාත්මක බාවය වැඩිකරන්න තමයි අපි කෑගහන්න ඕන නැතුව මේවා නවත්තන්න කෑගහලා අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ගේ අනාගතේ වළපල්ලට යවන්න එපා ඒකෙන් වෙන්නේ තමන්ට අපායේ දොර ඇරෙන එකයි

    ReplyDelete
  4. මම මෙරට ප්රධාන විශ්වවිද්යාලයක ඉගෙනගත් ශිෂයෙක් හා ජණාධිපතිවරනයේදි සරත් ෆොන්සෙකා වෙනුවෙන් පෙනි හිටි මහින්දගේ වැඩ අනුමත නොකරන කෙනෙක්. නමුත් පෙෘද්ගලික විශ්වවිද්යාලය මම 100% අනුමත කරනවා.

    මුලින්ම කියලා තියෙනවා පෙෘද්ගලික විශ්වවිද්යාලය වලට කැමති ධනවතුන් පමනක් බව,මම ඔබට කියන්නේ ඔබ ඉහල පෙලෙ ධනවතුන් හදුනන්නේ නැතයි කියාය. මොකද මෙරටේ මොනා උනත් ධනවතුන්ගේ ලමයි oxford, Cambridge වැනි විශ්වවිද්යාලය වල ඉගෙනිමට යොමු වන අරතර මුලමය ඉගෙනිමට යොමු වන අරතර මුලමය අපහසුවක් ද ඔවුන් හට නැත. මෙරට පෙෘද්ගලික විශ්වවිද්යාලය අරඹනවාට වඩාත් කැමති මධයම පාන්තිකයන්ය.මොකද ඔවුන්ට රට යැවිමට තරම් හැකියාවක් නොමැති නිසාය.
    1.උසස් පෙල යනු අමාරු කඩඉමකි(මමත් උසස් පෙල ගණිත විෂය දෙපාරක් හදාරා විශ්වවිද්යාලයකට ගිය අයෙක්), එහෙදි ලැබෙන පැය 2-3 ට සමහරවිට දක්ෂ වුවත් පිලිතුරු දිමට නොහැකි විය හැක(උසස් පෙල කරපු අයට එක වෙනම කියල දෙන්න ඔන නැනේ).එවැනි අයට උපාධියක් ලබාගැනිම ඇකපද?
    2.සමහර විට කොළඹ ඉගෙනගන්නා ශිෂයෙක් ගෙ zscore අනික් පලාතකින් යන ශිෂයෙක්ගේ zscore එකට වඩා වැඩි උනත් එවැනි අයට විශ්වවිද්යාල උපාධි අකැපද?
    3.අපේ තරුණයො අ20-22 රටවලට ගිහින් සුද්දන් ගේ වාහන, පිගන් හොදා හොදා ඉගෙන ගන්නැතුව අපෙ රටේ ඉගෙනගන්වට අකමැතිද?අනෙක රටවල ඉගෙනගන්න තරුණයනගේ මානසිකත්වය බටහිර ගැති නෙවෙද? ඔවුන්ගෙ දැනුමෙන් අපේ රටට වැඩක් වේද?
    4.රජයේ විශ්වවිද්යාල වල බදවා ගැනිම් වැඩි කලාම හරි යැයි ඔබ කියන්න පුලුවන් නමුත් දැනට ඉන්නා අයටවත් අවශය පහසුකම් තියෙනවාද? රජයට දෙන්න මුදල් තියෙනවාද?

    5.රජය දැනට දෙන පහසුකම් වලින් කිදෙනෙක් ප්රයොජන ගන්නවාද?(උදුල් වගේ අය, ඔනතරම් උදාහරණ දෙන්න පුලුවන්)
    6. පෞද්ගලික විශ්වවිද්යාල පටන් ගෙනිමෙන් රටට මුදල් ඉතිරි වෙනවා වගේම දකුණු අසියානු රටවල ශිෂයන්ටත් අපේ රටේ ඉගෙනිමට ලබාදිමෙන් අපේ රටට මුදල් ලැබෙනවා නෙවේද?(අවශය නම් පෞද්ගලික විශ්වවිද්යාල වලින් බදු අය කරගෙන රජයේ පහසුකම් වැඩිදියුනු කරන්න පුලුවන් නෙද)
    7.ඉන්දියාව, බන්ගලාදේශය වගේ රටවලත් තියෙන පෞද්ගලික විශ්වවිද්යාල අපිට විතරක් නරක වෙන්නේ කොහොමද?

    8.මිට වසර කිපයකට පෙර SLIIT APIIT වගේ එවාට කැගහන්නේ නැතුව මොකද මේ එකපාරටම මෙඩ්ඩො කැගහන්නේ?SLIIT APIIT කැපද?
    9.කවදාහරි පෞද්ගලික රෝහල් ප්රමිතියක් නැ වහලා දාලා රජයේ රෝහල් වල විතරක් වැඩ කරන්න කිවොත් ඔයාලා කැගහන්නේ නැත්ද?
    ඔච්චර ඉරිසියා කරන්න එපා අපේ රටේ කොල්ලො කෙල්ලො ඉගෙනගෙන හොදට ඉන්නවට.කොහොම ඉගෙන ගත්තත් අපේ රටේ එකෙක්.

    ReplyDelete
  5. මේකට තමයි ඊනියා බක පණ්ඩිතයන් කියන්නේ ධනාත්මක චින්තනය කියලා. එයාල අපට උගන්වන්නේ ඕනෑම දෙයක් ධනාත්මකව බලන්න කියලා. ඕනෑම ජහ ජරාවක් දෙස සුබවාදීව ඒ නිසා බැලිය යුතු ය. කෙතරම් අසික්කිත දෙයක් වුවද සුබවාදීව පිළිගත යුතුය.(එ් අනුව කවුරැන් හෝ අම්මට ....යත් ධනාත්මකව බලා සිටිය යුතුය) මෙහිදී එකක් කිව යුතු ය. බහුතරය පිළිගන්නා සියල්ල සාධාරණ, හොදම දේ නොවේ. අනෙක් අතට මිනිසුන් දේවල් දරාගෙන නිහඩව සිටින්නේද ඒ සියල්ල හොද නිසා නොවේ. වෙන කරන්න දෙයක් නැති නිසා ඔවුන් ඒවා එසේ විදගන්නවා විනා ඒවා අනුමත කරමින් ඉන්නවා කියා වැරදියට අඩබෝධ කර නොගත යුතු ය. ලංකාවේ සෑම පුරවැසියක්ම නිශ්චිත ණයකට උරැමකම් කියයි. මෙතරම් දැවැන්ත ණයක හිමිකරැවෙක් ඇතත් අපේ ජීවිත වෙනස් වී ඇත්තේ ඒ ණයට සාපේඣෂවද? නැත. එසේ නම් සැබෑවටම සිදුවී ඇත්තේ කුමක්ද? සැබෑවටම සිදුවූයේ අපේ ඇස් වසා ඒ මුදල් මේ රට එතෙක් මෙතක් පාලනය කළ වසලයින් හොරා කෑම ය. ඒ ණය කන්දරාව අප මත තැබීම ය.
    පාලකයින්ට යමක් කිරීමට වුවමනා වී විට ඊට මතවාදී පසුබිම සකස් කිරීමට අංශ්‍ය ගණනාවක් පවතී. ඔවුන් ඒ සියල්ල භාවිතා කර ජනතාව ලස්සනට ගොනට අන්දවනු ලැබේ. මේ මතවාදී විජ්ජාවට ජනතාව කෙතරම් වශී වෙනවාද කියනවා නම් ඔවුන් නිතරම හිතන්නේ මේ සැරේ නම් ටක්කෙටම හරි යනවා කියා ය. ඒත් ඒ හැම අවස්ථාවකම අවසානයට ජනතාවට ප්රතිඵලය ලෙස ලැබුණේ එළුවාගේ මොකක්ද එක පස්සේ ගිය හිවලාට ලැබුණු ප්තිඵලයම ය. ඒ නිසා ඒ විජ්ජාව මේ මොහොතේද පෙන්නවමින් තිබේ. ජනතාවගෙන් යම් ප%තිශතයක්ද ධනාථ්මක චින්තයට අනුව ඊට සුභවාදී ප%තිචාර දක්වමින් සිටිති. පෙර අවස්ථාවලදී සේම මෙහි අවසානයටස ජනතාවට ලැබනේනේ පැරණි ප%තිඵලයම බව මම නිසැකවම කියමි.
    මුමලාලිකරණය කළ කිසිදු දෙයක් ජනතාවගේ සුබ සිද්ධියට නොව මුදලාලිගේ සුබසිද්ධියටම වන බව ජනතාව දැන් ටිකින් ටික තේරැම් ගනිමින් සිටී. ප්රවාහනය, ටියුෂන්, චැනල් සේවා, පවුද්ගලික රෝහල්, එකී මෙකී නොකී සියල්ල නිසා දැන් ජනතාව වැඩේ තේරැම් ගෙන තිබේ. ඒත් දැන් අලුත් ම මාතෘකාව වී ඇත්‍තේ පුද්ගලික විශ්වවද්‍යාල ඇති කිරීමයි. එහි ප%තිඵලය අනික් ‍සියල්ලටම වඩා හොද වනු ඇත. ඒ නිසා පාලකයන්ගේ බොරැ මුසාවදවලට රැවටී ජනතාවවගේ අනාගතය වල පල්ලට ඇද දැමීමේ කොටස් කරැවන්වීමට යම් පමණකින් මතවාද සැකසීමේ කොටස් කරැවෙකු නොවන ලෙස අපි උදක්ම ඉල්ලා සිටිමි.
    සංවාදයට විවෘතයි

    ReplyDelete
  6. මම කෙතරම් කුස ගිනි වුනත් අම්මා විකුණාගෙන නෙකාමි
    මම කෙතරම් දිලිදු වුනත් අම්මා විකුණාගෙන පොහොසත් නොවෙමි
    මම කුස ගින්නේ මැරණත් අම්මා විකුණන්නේ නැත ...‍
    දෙවනුවත් නැත ... තෙවනුවත් නැත....

    ReplyDelete
  7. අර්ජුන් අවසාන කමෙන්ට් දෙකේ නිකම් බර බර වචන යොදාගෙන විස්කර කරන්න කෙතරම් මහන්සි ගත්තත් දමිත්ට නිසි පිළිතුරක් දීමට අපොහොසත් වී ඇත. කරුනාකර ප්‍රශ්න 9ට පිළිතුරු දෙන්න. ( මට අමතක වුනානේ අන්කරේ කවදත් කරන්නේ බර බර වචන හරඹ විතරක් කියන එක)

    ReplyDelete
  8. අර්ජුන්
    මම හිතනවා ඔබතුමා පියසිරි විජෙනායක(හිටපු මන්ත්‍රි) දන්නවා ඇති කියලා. JVP එකෙන් කැඩෙන්න ඉස්සෙල්ලා පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රශ්නයක් ඇවිත් අපේ විශ්වවිද්‍යාල සිසුන් අමතනවා මම දැකලා තියෙනවා. නමුත් එතුමාගේ පුතා SLIIT එකේ ELECTRONIC ENGINEERING වල 2 වන වසර සිසුවෙක්. අනිති කටියගෙත් එමම තමා (විමල්ගේ ලමයිත් international school වලට යන්නේ).ඔබතුමාගේ ලමයෙක් ට විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුනොත් ඔබතුමා ලමයව ගෙදර තියාගන්නවද?

    ReplyDelete
  9. ඔබතුමා වෛද්‍යවරයෙක් වෙලා පෞද්ගලික වෙදකම් කරන්න අදහසක් නැද්ද? එක මුදලාලිකරණය කියලා නෙව්ද ඔබතුමාගේ ගෙවල් පැත්තේ කියන්නේ? අම්මාව විකුනන් කැමක් නෙවෙද?

    ReplyDelete
  10. arjun wage kaalakanni nisa rata diyunuwena eka kalyanawa... munnta LTTE ekata kalawage wedak denna one..thuuu nodakin..

    ReplyDelete
  11. පලගැටියෝ,දමිත් ගේ 9 ට උත්තරේ,
    පෞද්ගලික රෝහල් පටන් ගත්තේ ‍මෙ ර‍ෙටි මිනිස්සුන්ට උවමනාවට නෙමෙ.වෛද්‍යවරැන්ගේ උවමනාවටත් නෙමෙ.ධනවාදී ආණ්ඩු වල උවමනාවලට.රජයේ රෝහල් බිඳිමින් පෞද්ගලික රෝහල් වලට ඉඩ දුන්නා.‍‍වෛද්‍යවරයෙක් විදිහට පෞද්ගලික රෝහල් වහන දාට මෙ රටෙ දුප්පත් මිනිහට රජයේ රෝහල ආරක්ෂා වෙයි.පෞද්ගලික රෝහල් මෙ වහන දාට අපිත් ඒකට උදවි කරනවා.
    මෙ රටෙ කොල්ලෝ කෙල්ලෝ ඉගෙන ගන්නවා නමි රටටනේ හොඳ නේද?..........
    ඒකට මහන්සි වෙලා රජයේ ඒවාට එන්ඩ කියන්ඩ.සුදුසු කමි ඇත්නමි ඇයි බය.වැඩ බැරි හිනදනෙ private හොයන්නෙ.

    ReplyDelete
  12. razor,මල්ලියේ බුද්ධිමත්කම ඔයාගේ කඨාවෙන්ම තේරෙනවා.
    රට දියුනු වෙන්නේ නැත්තේ රටට ගැලපෙන ආර්ථික වැඩපිලිවෙලක් නැති නිසා මිස private medical collages නැති කම නිසා නෙ‍‍මෙනේ.විරැද්ධ අදහස් දක්වනන් කාලකන්ණි විදිහට දකින එක වර්ථමාන දේශපාලන රැල්ල වෙන්ඩ ඇති.මහින්දටද ජන්දේ දුන්නේ................සුභ අනාගතයක්.

    lttte කියන්නේ බෙදුමිවාදී ත්‍රස්තවාදීන් නේද?......දුන්න වැඩෙ හොඳයි.විරැද්ධ මත දරන්නන් LTTE කරන එකත් මහින්දගේ ක්‍රමෙ.
    ඔයිට වඩා බුද්ධිමත්ව සංවාදයට එන්ඩ.එතකොට බලමු.

    ReplyDelete
  13. එදා ඉදන් අන්තරේ හිටියේ නැත්නමි මෙ රටෙ දැනටමත් අධ්‍යාපනය පෞද්ගලිකරණය වෙලා.එහෙම උනානමි ඔය කොයි කාටත් වෙන්නේ සල්ලි කාරයන්ගේ වැඩකාරයෝ වෙන්ඩ,නැත්කමි බෙල්ලේ වැල දා ගන්ඩ.

    ReplyDelete
  14. damithge kathawa hariyatama hari.mama kolamba rajakeeya vidyalaye igenagena jeewa vidya anshayen a/l kara.mata tibune 2B C .ewunata campus wala hari haman course ekak na.ita passe mama sliit gihilla diploma ekak aragena australia we melbourne wala swinburne university eke computer degree ekak karanawa.mata danata me course ekata laksha 30 withara gihilla tiyenawa.kanna bonna wiyadama hoya gattata course fee eka ewanne lankawen.ape gedarak wikunala tama mama meheta awe.hoda pawdgalika visva vidyalayak tibba nam ape kollo awilla me wage ratawala duk widinna one na.eka gana oya viswa vidyala wala inna nikan maha pola ganna gon mee harakta terenne na.

    ReplyDelete
  15. කියමනක් තියෙනවා *වලක වැටීම ඇගට අගුණ වුවත් මොළයට ගුණයි* කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ වලේ වැටුණු මිනිසා වලින් ගොඩ එන්න මොළය වෙහෙසලා උපක්රමයක් සොයනවා නම් පමණයි. ඒ වෙනුවට වලේ වැටුනු මිනිහා කල්පනා කරන්නේ වැටුනු වලින්ම ගොඩඒම වෙනුවට ගැඩවිලෙකු බවට පරිවර්තනය වී ප්ථුවි ගෝලය විදගෙන ගොස් පොළොවේ අනික් පසින් මතුවීමට නම් ඉහත කී කියමනේ පළේ කිම?
    වෙලෙන්දෝ වූ කලී වෙලෙන්දෝම ය. ඔවුන් ලෝකයේ කොහෝ සිටියත් කරන්නේ ලාභය උදෙසා භාණ්ඩ විකිණීම ය. ඇතැමුන් හිතන්නේ... අනේ මේ බෝසත් වෙළෙන්දන් කොපමණ ගුණවත්ද? ඔවුහු බොහෝ දුක් මහන්සි වී අප වෙනුවෙන් අපගේම අවශ්යඅතා වෙනුවෙන් භාණ්ඩ විකුණති... මොවුන් වූ කලී මතු බුදුවන උත්තමයින් විය යුතුය යනාදී වශයෙනි. නමුත් ඔවුන් විකුණන්නේ අපට ඕනෑ දේ නොව ඔවුන්ට ඕනෑ දේය. ඔවුන්ට ලාභ වැඩියෙන් ගෙනදෙන දේ ය. ඒ නිසා වෙලෙන්දන් වූ කලී එස්කිමෝවෙකුට වුව අධිශීතකරණයක් විකුණා ලාබ ඉපයීමට තරම් වෙළදාමෙහි උපායශීලී පුද්ගලයන් ය. ඔවුන් විකුණන්නේ අපට අවශ්යර දේ නොව ඔවුන්ට ලාබ ඇති දේ ය. ඔවුන් ඒ සදහා විවිධ ප්රචාරක උපක%ම භාවිතා කරති.
    දැන් අැතැම් අයට දුක ඇත්තේ මුදල වියදම් කිරීම සම්බන්ධයෙන් නොව මුදල ගෙවන කෙනා සම්බන්ධයෙනි. ඔවුන් මෙහෙ අයට ගෙව්වා නම් මීට වඩා හොදයි කියා හිතන්නේ කුමන තර්කයක් මතද යන්න නොපැහැදිලි ය. ඒ කෙසේ වෙතත් අපට කීමට ඇත්තේ කොහේ කාට ගෙව්වත් වෙනසක් නැත... සියල්ලෝ වෙලෙන්දෝ ය. වෙලෙන්දෝ වූ කලී මුලු ලෝකයේම සමාන ගුණ ඇත්තෝ ය. බඩ ලොකු වෙලෙන්දෙකුට ගෙවනවාට වඩා බඩ කුඩා වෙලෙන්දෙකුට ගෙවීම මැනවයි සිතන්නේ නම් එසේ තෝරාගෙන ගෙවීම ඔබේ කැමැත්තකි. නමුත් එහි කිසි වෙනසක් නැත. ඇතැම් අයගේ හැගීම වන්නේ ඔස්ටෙලියාවේ මුදලාලිලාට ගෙවනවාට වඩා මෙහෛ මුදලාලිලාට ‍ගෙවීම හොදය කියා ය. නමුත් නියම විවෘත වෙළදපල නියමයේදී වෙලෙන්දන් තමන්ගේ ව්යාාපාරය රැකගෙන වර්ධනය කිරීමට ඕනෑම දෙයක් කිරීමට නොපසුබට වෙති. එහිදී පාරිභෝගකයින්ට විකල්ප නැත. ඇත්තේ තමන්‍ ගෙවන මුදලට වඩාත් සාධාරණ්යටක් ‍වේ යැයි සිතන මුදලාලි කෙනෙකුට මුදල් ගෙවා සේවා ලබාගැනීම ය.
    අධ්යා පනය මුදලට ලබමින් ඒ වෙනුවෙන් කඹුරන මහත්වරැන්ට කීමට ඇත්තේ අපට ඔබ ගැන බොහෝ දුකයි කියා පමණි. ඔබලා වූ කලී වලේ වැටී සිටින, එහෙත් ඒ වල කටින්ම ගොඩවීමේ අසීරැ උත්සාහය වෙනුවට ගැඩවිලෙකු බවට පරිවර්තනය වී පොලොව විදගෙන ගොස් එහි අනික් පසින් මතු වීමට සිහින මවන්නන් ය. ඉතින් අපි ඔබලාගේ ඒ උත්තම සංකල්පය ගැන කුමක් කියමුද?
    එකක් අපිට නිශ්චිතවම කිව හැකිය.වඩාත් හොද සංකල්ප, ක්රකම ගොඩනැගෙන්නේ ඉතාමත්ම නරක අවස්තාවන්වලදී ය. ඒ නිසා මේ නරක මොහොත ද වඩාත් හොද දෙයක් වෙත අප මෙහෙයවනු ඇත. එය හුදු අන්ධ විශ්වාදයක් නොව ශක්තිමත් හා අධිෂ්ඨානශීලී මිනිසුන්ගේ බලාපොරොත්තුවකි.

    ReplyDelete
  16. @keppetipola:

    Seems like you are very busy with protests against others. May be you have that right, may be not.
    1.) What is the feild in which you decide to study in? (Probably you selected that when you selected your A/L stream)
    2.) Were you aware that when you applied and got in to government university, someone with a little less marks than you missed that chance? So you have a obligation to excel in your field of study. Otherwise you would have given that chance to him.
    3.) Assuming that you understand this, are you showing good progress? (contributions to your field, invent of new concepts, publications, good exam results, etc.)
    4.) If the answer is yes, great. Otherwise please think for yourself if you really have a right to be a revolutionist by taking away someone else's chance to excel in the field.

    P.S. In your protests please respect the rights of other people. Do not destroy public property or obstruct other people's freedom of movement for example. Student behavior during last few days was really a shame.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි