
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම තහනම්කර ඇති ශිෂ්‍ය සංගම් සියල්ල 1976 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අනුව නීත්‍යානුකූලව පිහිටුවා තිබූ ඒවා බවයි.
එහදී අදහස් දැක්වූ සංජීව බණ්ඩාර මහතා මෙසේද පැවසීය
‘‘සබරගමුව,ජයවර්ධනපුර,රජරට,සෞන්දර්ය,කොළඹ,වයඹ සහ ඌව යන විශ්වවිද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම් තහනම් කරලා.ශිෂ්‍යයින්ට තමන්ගෙ ප‍්‍රශ්න,ගැටලූ සාකච්ඡා කරන්න තිබුණ තත්ත්වය නැති කරල.පීඨ මණ්ඩලයට ගිහින් තමන්ගේ අධ්‍යයන ගැටලූ සාකච්ඡා කරන්න දැන් ඉඩක් නැහැ.ඒ සියලූ විශ්වවිද්‍යාල වල අධ්‍යයන හා සුබසාධන ගැටලූ විශාල ප‍්‍රමාණයක් ඇතිවෙලා.රජරට මහාචාර්ය ඒකකයක් නැහැ,පේරාදෙණියෙ කළමනාකරණ පීඨ ගොඩනැගිලි නැහැ, සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ විෂය කප්පාදු කරල,ජ’පුරේ නේවාසිකාගාර පහසුකම් අහිමි කරල,කැලණියේ සිසුවියන් 900කට පමණ නේවාසිකාගාර පහසුකම් නැහැ.තම අයිතීන් ඉල්ලල උද්ඝෝෂණය කරාම අසත්‍ය චෝදනා ඉදිරිපත් කරලා පංති තහනම් කරනවා,ශිෂ්‍ය සංගම් තහනම් කරනවා’’
ආණ්ඩුව නිදහස් අධ්‍යාපන විනාශ කරමින් අධ්‍යාපනය විකුණන්න සූදානම් වෙනවා.අපිට ආරංචිය ජනවාරි මාසෙ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගෙන්න සූදානම්.ඒ නිසා හරි පැහැදිලියි මේ සූදානම් වෙන්නෙ ශිෂ්‍ය සංගම් තහනම් කරල,සිසු,සිසුවියන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ පංති තහනම් කරල මර්දනය දියත් කරන්න.අපි ආණ්ඩුවට කියනවා කෙසේවත් අධ්‍යාපනය විකුණන්න දෙන්නෙ නැහැ.ඒ වෙනුවෙන් සියලූ සිසුන්,ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයින් දැනුවත් කරල අපි අඛණ්ඩ අරගලයක් පටන් ගන්නවා.ඒ වගේම රටේ ජනතාවට කියනව මේ ව්‍යසනය පරදවන්න පෙළගැහෙන්න කියලා.
No comments:
Post a Comment