ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, September 6, 2011

සුදුසුකම් නැති ආයතනයකට වෛද්‍ය උපාධි අවසරය දීමට එරෙහිව රජයේ වෛද්‍යවරු සංකේත වර්ජනයක



    මාලඹේ පෞද්ගලික වෛද්‍ය පීඨයට වෛද්‍ය උපාධිය ලබාදීමට අවසර දීමට විරෝධය පළකරමින් දිවයින පුරා වෛද්‍යවරුන් සැප්තැම්බර් 07 වැනිදා සංකේත වැඩවර්ජනයකට එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප‍ලේකම් සංකල්ප මාරසිංහ මහතා පවසන්නේ ඉහත ආයතනයට එම්.බී.බී.එස්. උපාධිය පිරිනැමීමට අවසර ලබාදෙමින් රජය විසින් ගැසට් නිවේදනයක් පළකර ඇති බවත් මෙම ආයතනයට වෛද්‍ය උපාධියක් ලබාදීම සඳහා අවශ්‍ය සුදුසුකම් නැති බැවින් එම අවසරය ලබානොදෙන ලෙස සිය සංගමය විසින් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියද රජය එය නොසලකා හැර ඇති බවයි.

ඒ අනුව එයට විරෝධය පළකරමින් සැප්තැම්බර් 07 වැනිදා පෙ.ව. 8.00 සිට දහවල් 12.00 දක්වා මෙම සංකේත වැඩවර්ජනය පැවැත්වීමට තම සංගමයේ විධායක කමිටුව තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

රෝගීන් මුහුණ දෙන අපහසුතාවය සළකා බලා කොළඹ කාසල් රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහරගම පිළිකා රෝහල, ළමා රෝහල යන ස්ථානවල මෙම වැඩවර්ජනය නොපැවැත්වීමට තීරණය කළ බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි

1 comment:

  1. අපේ රට නොදියුනු මට්ටමකට තියෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපේ රටේ තෘතියික අධ්‍යාපනය ලබන ප්‍රමාණය 2% මට්ටමක තියෙන එක.. සාමානයෙන් ලෝකේ දීයුනු රටවල මේ ප්‍රමාණය 20% විතර වෙනවා. අසල්වෙසි ඉන්දියාවේ 12 % යි. මම මේ කියන්නේ සාක්ෂරතාවය ගෙන නෙවේ අපේ සාක්ෂරතාවය 90% ට ඉහල එත් සාක්ෂරතාවයෙන් කියන්නේ ලියන්න කියන්න තියෙන හැකියව මිසක්, එක නවීන ලෝකේත් එක්ක තරග කරන්න පුළුවන් දෙයක් නෙවේ. රටක් දියුණු වෙන්න ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් තෘතියික අධ්‍යාපනය ලැබිම අතයවශය්යි...
    අනෙක් අතට ලෝකේ ඕනෙම රටක S3 තමයි අවම සුදුසුකම විශ්ව විද්‍යාල උපාධියක් ගන්න. ශිෂත්වය pass වෙන්නේ නැති සමහර ළමයි OL හොදට pass වෙනවා
    O/L හොදට pass වෙන්නේ නැති සමහර ළමයි AL හොදට pass වෙනවා
    A/L ලාවට pass වෙලා campus ආව සමහර ළමයි degree ය ඉහලින්ම කරනවා
    degree ය ලාවට කරන සමහර ළමයි Phd ය ඉහලින්ම කරනවා
    අවශ්‍ය වෙන්නේ තමන් කරන දෙය කරන time frame එක ඇතුලේ හොදට කරන එක මිසක් කලින් කරපු exam වල results නෙවෙයි...

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි