ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, July 28, 2011

සුදුසුකම් නැති විදේශීය වෛද්‍යවරුන් සෙවීමට කමිටුවක්

     සුදුසුකම් නොමැතිව මෙරට රෝගීන්ට ප්‍රතිකාර කරන විදේශීය වෛද්‍යවරුන් පිළිබදව සොයා බැලිමට සෞඛ්‍ය ලේකම්වරයා කමිටුවක් පත්කර තිබේ.

     පෞද්ගලික රෝහල්වල සේවය කරන සුදුසුකම්සපුරා නොමති විදේශ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර හේතුවෙන් ඇතැම් රෝගීන්ගේ ජීවිතඅවදානමට ලක්ව ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දී තිබිණි.

     එය සැලකිල්ලට ගනිමින් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර තිබේ. කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත එළිදැක්වීමට නියමිතයි.

     වාර්තාව ලැබෙන තුරු විදේශ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම තාවකාලිව නතර කරනලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි