ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, December 7, 2010

සරසවියෙත් පාසලෙත් අඟුළු දමන, සූදුපොළෙත් හිරගෙදරත් දොරටු අරින පාලනයට එරෙහි වන්න

     සියල්ල මුදල් මත තීරණය වන වත්මන් සමාජයේ දෙමව්පියන්ට තිබෙන එකම බලාපොරොත්තුව දරුවන්ට හොඳින් ඉගැන්වීම වුවත් මේ වනවිට ආණ්ඩුව පාසල් හා සරසවි විනාශ කරමින් ඒ එකම බලාපොරොත්තුවත් විනාශ කරන්න උත්සහ කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.
     ඒ මහතා එසේ පැවසුවේ, පිළියන්දල නගරයෙන් ඊයේ (05) දින ආරම්භ කෙරුණු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ කොළඹ දිස්ත‍්‍රික් රැළියට සහභාගි වෙමිනි. කම්කරුවාගේ දරුවා කම්කරුවෙකු බවටත් ගොවියාගේ දරුවා ගොවියෙකු බවටත් විය යුතුයයි තීරණය කරපු පැරණි සමාජ ක‍්‍රමයට යාමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවත් සංජීව බණ්ඩාර මහතා පැවසීය. අධ්‍යාපනයේ සම අයිතිය විනාශ කිරීමට එරෙහි අරගලයට ජීවිත පරිත්‍යාගයෙන් වුව දායකත්වය ලබා දීමට සූදානම් බවත් ආණ්ඩුවට මෙම විනාශකාරී ක‍්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
     මෙම රැළිය අමතමින් ලංකා ගුරු සේවා සංගමයේ සංවිධායක ලේකම් ධම්මික අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ, පාසල් වල නඩත්තුව මේ වනවිට ක‍්‍රමානුකූලව දෙමාපියන් පිට පැවරීමේ සූදානමක් ආණ්ඩුවේ තිබෙන බවයි. එම අරමුණෙන් යුක්තව ආණ්ඩුව පාසල් සංවර්ධන පනත යළි ක‍්‍රියාත්මක කිරීමට උත්සහ කරන බවත් ඒ සඳහා නඩත්තු වියදම් හා ගුරුවරුන්ට වැටුප් ගෙවීමත්, දෙමාපියන්ට භාර දීමට මේ වනවිට රාජපක්ෂ ආණ්ඩුව පිඹුරුපත් සකස් කරමින් පවතින බවත් පැවසූ අලහප්පෙරුම මහතා පාසල් සඳහා වෙන් කර ඇති ප‍්‍රාග්ධන වියදම් ආණ්ඩුව කප්පාදුකර ඇත්තේ ඒ නිසා බවද පැවසීය.
     මෙම රැළියේ මුලසුන දැරුවේ රත්මලාන ඥානේන්ද්‍ර විද්‍යාලයේ ආචාර්ය රත්මලානේ රාහුල හිමියන් වන අතර පාසල් ආචාර්යවරයෙකු හා ස්වාමීන්වහන්සේ නමක් ලෙස වර්තමාන ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන පාසල් අධිකාරිය හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය වැනසීමේ ක‍්‍රියාවලිය තදින් හෙළා දකින බව එම හිමියන් ප‍්‍රකාශ කළේය. එමෙන්ම නිදහස් අධ්‍යාපනය සුරකින බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එම පොරොන්දුව කඩ කර ඇති බවත් උන්වහන්සේ සඳහන් කළේය.
      දෙමාපියන් නියෝජනය කරමින් රැළිය ආමන්ත‍්‍රණය කරනු ලැබූ කේ.ජී. කොඩිකාර මහතා පැවසුවේ, පැවති ආණ්ඩු සියල්ලම අඩු වැඩි වශයෙන් අධ්‍යාපනය විනාශ කිරීමට හා පෞද්ගලීකරණය කිරීමට උත්සහ දැරූ බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද ඒ මාර්ගයම අනුගමනය කරන බවත්ය ඒ නිසා පුද්ගලයා නොව ප‍්‍රතිපත්තිමය ලෙස වෙනස් වූ පාලනයක් තෝරා ගැනීමට කාලය එළැඹ ඇති බව ඒ මහතා අවධාරණය කළේය. ප‍්‍රදේශයේ ඇමතිවරයෙකුගේ බලපෑම නිසා ආනන්ද සමරකෝන් වැනි සංගීතඥයින් ඉගෙනුම ලැබූ පිළියන්දල ආනන්ද සමරකෝන් විදුහල වසා දැමීමේ කුමන්ත‍්‍රණය ගැන ඒ මහතා හෙළි කළේය. පාසල් බෑග් ප‍්‍රමිතිකරණය යටතේ රු 1200 ක් පමණ මුදලකට පාසල් බෑග් මිලට ගැනීමට අධ්‍යාපන බලධාරීන් බල කිරීම නිසා දෙමාපියන් මහත් අපහසුතාවයකට පත්ව සිටින බව ඒ මහතා සදහන් කළේය.
     මෙම රැළිය අමතමින් දර්ශන කුමාර පාසල් සිසුවා පැවසුවේ පාසල් ශිෂ්‍යයන් ලෙස කොන්දේසි විරහිතව මෙම අරගලයට සහයෝගය දක්වන බවයි.
     "සරසවියෙත් පාසලෙත් අඟුළු දමන,  සූදුපොළෙත් හිරගෙදරත් දොරටු අරින පාලනයට එරෙහි වන්න" යන තේමාව යටතේ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම රැළිය සඳහා මහ වැසි නොතකා විශාල ජනකායක් සහභාගි විය.

33 comments:

  1. පුද්ගලික විශ්ව විද්‍යාල හැදුවම මොකක්ද තියෙන අවුල? ටිකක් තේරුම් කරලා ලිපියක් දාපන් කෝ බන්

    ReplyDelete
  2. මෙතන මට නම් පේන විදිහට පෞද්ගලික විශ්වවිද්යාල නිසා නිදහස් අද්යාපනය නැති වෙන්නේ නෑ.නිදහස් අද්යපනේ තියෙන විදිහට තීයෙවි..ඒ අතරේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුලුවන් එකත් ඉගෙන ගනීවි.

    අනික දෙමව්පියන්ට ලමයින්ට උගන්වන්න ඕනේ උනාට ඔය අන්තරේම ඉන්න උදුල වගේ අයට ඉගෙන ගන්න ඕනෙද? එහෙම නම් අවුරුදු ගානක් මොනවද කරේ විභාග අසමත් වෙවි.
    අනික ගොයියගේ පුතා ගොවියා කරන හදන්නේ උබල මිසක් පෞද්ගලික විශ්ව විඩ්යල නෙවෙයි. සල්ලි ගෙවල ඉගෙන ගන්න පුලුවන් අවස්තවත් නැති කරපන් පුලුවන්නම් උසස් පෙල අසමත් වෙන අයට.
    අද්යාපනේ අන්තරේ බූදලයක් නෙවෙයි..ඒක මේ රටේ මිනිස්සු හොදට වටහගෙන ඉන්නේ.
    මෝඩ කතා නොකියා හරියට කතා කරමු..

    ReplyDelete
  3. Mahindaya hora thakkadiya.. Oka kawadahari marenawa kiyala danne nadda danne na..

    ReplyDelete
  4. ඔක්කෝට ම ඉස්සෙල්ලා මේ වෙබ් අඩවිය සින්කේ‍ටරේ දාපු එක ලොකු දෙයක්. දැන් ඉතින් ඔක්කෝම තදයෝ අනිත් වුන්ට කට වහන්න කියන අබුද්දස්ස කාලයක් නේ මේ. ඔහොම යමං

    ReplyDelete
  5. To hero,to undestand what is problem with ptivete universities please go for previous letters.should we tell you that also bugger.

    ReplyDelete
  6. GREY..........උසස් පෙල අසමත් වෙන එවුන් කොහොමත්ම විශ්ව විද්‍යාල වලට යන්න ඹින නෑ ලොක්කා.....එවුන් ආයෙත් උසස් පෙල ලියන්න ඹින.ගැටලුව උසස් පෙල පාස් වෙලා කැමිපස් නැති එවුන්ට.ඒකට privete campus නෙ‍මෙ විසදුම.රජයේ ඒවා වැඩි කරන ක.දැන් අහන්න එපා ....රජය කොහොමද ඒක කරන්නේ කියලා.මචං .......පරණ ලිපි කියවපන්.ඊට පසසේ comments දාපං.....

    ReplyDelete
  7. GREY......කාටවත් නොලැබුනු අවස්ථාවක් සිදුහත් කුමාරයාට හමිබවුනා.සක්විති රජකම.......ඒක එපා කියලා මහන වෙන්නේ අනිත් එවුන්ගේ යහපතට....උඹෙ තර්කේ විදිහට සිදුහත් කුමරයා වැරදියි..............
    ජේසු තමන්ගේ අහිංසක අමිමයි තාත්තයි බලාගෙන ඉන්නේ නැතුව රජ්ජුරැවන්ට අභියෝග කරන්න ගිහින් කුරැසේ ඇණ කෑවා...අනිත් එවුන්ගේ යහපතට.....උඹෙ තර්කේ වදිහා ජෙසුතුමත් වැරදියි.
    කවුරැ හරි මිනිහෙක් තමන්ගේ හැම දෙයක්ම මිනිසුන් වෙනුවේන කැප කරන එක වරදියි නමි.......තමන්ගේ ඉගෙනීම ,සතුට කැප කරන එක වරදැයි නමි .......අද තියෙන හැම දෙයක්ම උන්ගේ කැප කිරීමි වල පතිපල හින්දා ......උඹ පතිපත්ති ගරැත මිනිහෙක්නමි........උඹට මෙවා භුක්ති විදින්න අයිතියක් නෑ.උඹ මැරියන් මල්ලී.....උඹ උඹෙ පත්පත්ති වලට ගරැ කරන මිනිහෙක් කියලා ලෝකෙට පෙන්නපං.නැත්තං උඹත් තමන් ගැන විතරක් හිතන නිවටයක් කියන එක උඹෙ හිතටම කියලා දීපං.මම වීර කැප්පෙටිපොල.උඹ කියන විදිහට මමත් වැරදිදිදිදදිදිදිදිදිදිදිද??????????

    ReplyDelete
  8. උදුල් වැරදි නෑ Mr GREY orrrrrrr GAY......

    ReplyDelete
  9. We need,this country need more and more Uduls.we shout to here to this world .....................we neeeeeed more and more UDULSSSSSSSSSSSSSSSSSSSSSSSSSS

    ReplyDelete
  10. මචන්, පරන සිංහල වීරයෙක්ගේ නමක් ගත්තා කියලා ඒ වීරයා වෙන්න බෑ. හරියට අර නරියා සිංහ හම පොරව ගත්තා කියලා සිංහයා වෙන්නේ නෑ වගේ.
    දැන් ඔබතුමා කියනවානේ සිදුහත් කුමාරයා සක්විති රජකම අතඇරියා කියලා..හරි ඒක අතඇරියා තමා, හැබැයි ඒකෙන් වෙන කාටවත් කරදරයක් උනේ නෑනේ.. උදුලයා විශ්වව්ද්යාලේ අතඇරියා නම් වෙන එකෙක් ඒ වෙනුවට එතෙන්ට යයි..ගිහින් ඉගෙන ගනී.. සිදුහත් කුමාරයගේ කතාවේ එහෙම නෑනේ නේද? මචන් තර්කයක් ගොඩනගද්දි ඔයිට වඩා පොඩ්ඩක් ඉහල බුද්ධිමට්ටමකින් හිතන්න..

    උදුල වැඩ කරේ අනුන් වෙනුවෙන් නෙවෙයි..ඔය කොයි ජෙප්පත් වගේ ඊලග සැරේ පාර්ලිමේන්තු යන්න.

    මම දන්නවා ඔය ජෙප්පන්ට ඉතින් තව කෙනෙකුට මැරියන් කියන එක බොහොම සරල දෙයක් කියලා..මරන එකත් බොහොම සරල දෙයක් කියලත්..
    මම දන්න සිංහලට අනුවනම් නිවටයා කියන්නේ තමන් ගැන විතරක් හිතන එකාට කියන්නේ ආත්මාර්ථකාමියා කියලා. එක අතකට ඔය විදිහේ සිංහල දැනුමක් තියෙන අයගේ ඉන්ග්‍රිසිය ගැන මොන කතාද..privete කියලා ලියලා තියෙන එකෙන්ම ඒක පේනවා.
    මම කොහොමත් මගේ ප්‍රතිපත්ති වලට ගරු කරනවා..ඒ නිසා තමා අද මම මෙහෙම ඉන්නේ..

    උසස් පෙළ සමත් වෙලා විශ්වව්ද්යාලයට යන්න බැරි අය ගැන දුකයි තමා.. නමුත් ආණ්ඩුව ඔක්කොම කරනකන් බලන් ඉන්න ගියොත් වෙන්නේ උපාධිය ගත්තටත් පස්සේ රස්සාවල් නැතුව ලිප්ටන් වට රවුමේ ඉන්න.උබලා වගේ ජෙප්පොනම් බොහොම කැමති ඇති ඒකට... මොකද තව සෙට් එකක් බාගන්න පුලුවන්නේ..

    ReplyDelete
  11. උදුල්ලාට විශ්ව ද්‍යාලේ ඇතෑරියානමි වගේ කතා කියන්නේ උඹලා සමාජ විද්‍යාව ගැනවත් මින්සුන්ගේ කැප කිරීමි ගැනවත් තඹ සතේකටවත් මායිමි නොකරන හින්දා.කොහොමත් මෙි රටෙ දරැවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ අධ්‍යාපනය කැප කරන්න පුඑවන් මිනිස්සු ගැන,තමන්ගේ සුඛ විහරණයට අනිත් එවුන් කොහොම උනත් මට මොකෝ කියලා Landon රිංගලා ඉන්න උඹලාට තියෙන කැක්කුම මොකක්ද?උඹලා නිකන් පොරවල් වෙන්න Blog වලට Comments දාන්නේ නැතුව ඇත්තටම මෙි රටෙ උන් ගැන රැදාවක් තියෙනවනමි මෙහෙ ඉදලා වැඩක් කරපල්ලා,වැඩ කරන එවුනට පවු නොදී

    ReplyDelete
  12. උඹට හරියට රිදෙනවා නේද උදුලට මොනවා හරි කියනකොට.
    කලින් පාරකුත් කිව්වාවගේ සමාජ විද්‍යාව, කැප කිරීම් ගැන කතා කරන්න කලින් හරියට ලියන්න ඉගෙනගෙන ඉම්මු නේද? එක්කෝ ලන්ඩන් කියල සිංහලෙන් ලියන්න ඕනේ තමුන් කඩ්ඩ දන්න බව පෙන්වන්න වචන මැදට රින්ගවන්නේ නැතුව. එකත් ලියල තියෙනවා වැරදියි. රටට වැඩ කරන්න ඉන්න ඕනේ රට ඇතුලේමයි කියල උබට කවුරු කියල දුන්නද මන්දා... ෂුවර් එකට බාගෙට කැම්පස් ගියපු තව ජෙප්පෙක් බෙදපු තෙලක් වෙන්න ඇති.
    රටට වැඩක් කරන්න ඒ රට ඇතුලේ ඉන්න ඕනේ නෑ. හිටියත් ඉතින් මම දැන් ඉන්න ක්ෂේත්‍රය තාම ලංකාවේ නෑ. එක නිසා ඔය වගේ මෝඩ කතා නොකියා තර්ක කරනවානම් හරියට කරුණු වලින් තර්ක කරමු. එහෙම නැත්නම් ඔය කලින් දැම්ම වගේ තමන්ගේ හිනමානේ ලෝකෙටම පේන විදිහට තව උත්තර කීපයක් ලියපන්. සමාජ විද්‍යාව දන්නවා වගේ ලියල තිබ්බ නිසා හිනමානේ කියන්නේ මොකක්ද කියල දන්නවා ඇතිනේ.

    ReplyDelete
  13. Grey...උදුල්ට විතරක් නෙමෙ උඹලා වගේ උන් මෙ රටෙ කිසිම මිනිහෙක් ගැන විවෙචනය කරනවාට අපි කැමති නෑ.මොකද? උඹලා දන්නේ නෑ මෙ රටෙ මිනිස්සු විදින දුක.අවංකවම දන්න මිනිහෙක් නමි උඹෙ Blog එකේ මහින්ද වෙනුවෙන් පෙනී ඉන්නේ නෑනේ.ඒකෙන්ම පේනවා උඹ මෙ රටෙ ඇත්තටම වෙන දේවල් දන්නේ නෑ කියන එක.උඹලාට පේන්නේ උඩින් පේන ‍දේවල් විතරයි.ආන්ඩුවෙන් උඹලාට පෙන්නන දේවල් විතරයි.
    මගේ ඉංග්රීලසි දැනුම ගැන උඹෙ නිවට හිතට දුකක් දැනුනමි සමාවෙයන්.ඇත්තටම මගේ ඉංග්රීයසි දැනුම අන්තිමයි.උඹලා ආවඩන රජවරැ 1948 ඊනියා නිදහසින් පස්සේ මෙ රටෙ දරැවන්ට උරැම කරලා දුන්න අධ්යාමපනයේ තරම තමයි.අපි ගිය ඉස්කෝල වල ඉංග්රීනසි ගුරැවරැ හිටියද කියලවත් උඹ දන්නේ නැ.උඹ දන්නවද ඒ වගේ පාසල් කී දාහක් මෙ රටෙ තියෙනවද කියලා.උඹ ඉංග්රී්සි දැනුම ගැන මට හිනා වෙන්න කලින් උඹ අඩපන් උමඹ රටට,රටෙ දරැවන්ගේ උ්යාිපන මටිටමට එදා ඉදන් හිටපු පාලකයෝ කරලා තියෙන හදිය ගැන.

    ReplyDelete
  14. උඹට කැමිපස් තෙරැනත් ඒක දැලා SLITT එකට යන්න සල්ලි තිබිබට මෙ රටෙ මිනිස්සුන්ගේ න් 46% කගේ මාසෙක ආදායම රැපියල් 200ට අඩුයි.උඹ හිතනවාද උන්ටත් උඹට වගේ තේරැන කැමිපස් එක දාලා SLITT යන්න සල්ලි නෑ.උඹෙ රජ්ජුරැවෝ උන්ගේ ආර්ථිකයට හො‍දටම කෙලලා තියෙන්නේ.ඒක දැනෙන්න එක්කෝ උඹ ලංකාවෙ ඉන්න ඹන .නැත්නමි බුද්ධිමත් විදිහට මෙවා දිහා බලන්න ඹින.
    ජෙප්පෝ භාගෙට කැමිපස් යනවාද නැද්ද කියලා දැන ගන්න උඹ ලංකාවට ඇවිල්ලා ශිෂ්ය් සංගමි වල ඉන්න එවුන්ගේ ප්රපතිපල බලපන්.
    රජරට කැමිපස් එකේ 2004 2005 කණ්ඩායමෙ හිටපු මහා ශිෂ්යා සංගමයේ සභාපති අවසන් විභාගයෙන් 2nd upper.උඹ කියන විදිහටම උත් ජෙප්පක්. උත් වැඩි හරියක් හිටියේ හිරේ.(ඇත්ත කථා කරපුහාම දිධිධදමිමවෙිදනී කර්මයක් විදිහට මෙ ගෙෘතම බුද්ධ රාජ්යදයේ හිර ගෙදර ලගින්ඩ වාසනාව ලැබෙනවා.)(උඹ කියන විදිහට මට ගොඩාක් රැදාව හැදෙන උදුල්ට උනෙත් ඹය පින විපාක දුන්න එක.)ඹය විදිහට අනිත් කැම්පස් වල ප්ර තිපල ඇවිල්ලා බලපන්.උඹ SB හරි මහින්ද කියන දේම ආය කියන්නෙ නැතුව ඇවිල්ලා බලපන්.උඹ දැන් කියන්න එපා උඩින් කිවිවේ බොරැවක් හරි ,නැත්නමි එක උදාහරනයක් හරි විතරයි කියලා.ඇව්ල්ලා බලපන් කැමිපස් වල ජෙප්පොම තමයි රිසල්ටස් දානනෙත්.ඒ ඔය රිසල්ටස් දාලා පස්සේ සල්ලි හමිබ කරලා උඹ වගේ ආත්මාර්ථකාමයෙක් වෙන්න නෙමෙ.උඹලා වගේ එවුන්ට භාවිතාවෙන් උත්තර දෙන්න.
    උඹට මාත් එක්ක තර්ක කරන්න ඔන නමි ,ඇත්ත කරැණු ඔන නමි මෙකේ articles කියවලා ඒවාගේ කරැණු වලට තර්ක කරපන්.මින්ස්සුසගේ අධ්යානපන දැනුමට හිනාවෙන්න තරමි පහත් වෙන්නේ නැතුව.
    උඹ තර්ක කරන්නේ ප්ර යිවටි කැමිපස් හොදයි කියලාද?
    මගේ තර්කය ප්රේයිවටි කැමිපස් මෙ රටට හොද නෑ කියලා.කරැනු වලින් තර්ක කරන්න වරෙන්........පරණ ලිපි වල කරැනු විවෙචනය කරන්න පුළුවන්.කරැනු වලට කර්ක කරපන්....පුළුවන්නමි අභයෝගය භාර ගනින්....

    ReplyDelete
  15. උඹට කැමිපස් තෙරැනත් ඒක දැලා SLITT එකට යන්න සල්ලි තිබිබට මෙ රටෙ මිනිස්සුන්ගේ න් 46% කගේ මාසෙක ආදායම රැපියල් 200ට අඩුයි.උඹ හිතනවාද උන්ටත් උඹට වගේ තේරැන කැමිපස් එක දාලා SLITT යන්න සල්ලි නෑ.උඹෙ රජ්ජුරැවෝ උන්ගේ ආර්ථිකයට හො‍දටම කෙලලා තියෙන්නේ.ඒක දැනෙන්න එක්කෝ උඹ ලංකාවෙ ඉන්න ඹන .නැත්නමි බුද්ධිමත් විදිහට මෙවා දිහා බලන්න ඹින.
    ජෙප්පෝ භාගෙට කැමිපස් යනවාද නැද්ද කියලා දැන ගන්න උඹ ලංකාවට ඇවිල්ලා ශිෂ්ය් සංගමි වල ඉන්න එවුන්ගේ ප්රපතිපල බලපන්.
    Cont......

    ReplyDelete
  16. රජරට කැමිපස් එකේ 2004 2005 කණ්ඩායමෙ හිටපු මහා ශිෂ්ය. සංගමයේ සභාපති අවසන් විභාගයෙන් 2nd upper.උඹ කියන විදිහටම උත් ජෙප්පක්. උත් වැඩි හරියක් හිටියේ හිරේ.(ඇත්ත කථා කරපුහාම දිධිධදමිමවෙිදනී කර්මයක් විදිහට මෙ ගෙෘතම බුද්ධ රාජ්යෙයේ හිර ගෙදර ලගින්ඩ වාසනාව ලැබෙනවා.)(උඹ කියන විදිහට මට ගොඩාක් රැදාව හැදෙන උදුල්ට උනෙත් ඹය පින විපාක දුන්න එක.)ඹය විදිහට අනිත් කැම්පස් වල ප්ර තිපල ඇවිල්ලා බලපන්.උඹ SB හරි මහින්ද කියන දේම ආය කියන්නෙ නැතුව ඇවිල්ලා බලපන්.උඹ දැන් කියන්න එපා උඩින් කිවිවේ බොරැවක් හරි ,නැත්නමි එක උදාහරනයක් හරි විතරයි කියලා.ඇව්ල්ලා බලපන් කැමිපස් වල ජෙප්පොම තමයි රිසල්ටස් දානනෙත්.ඒ ඔය රිසල්ටස් දාලා පස්සේ සල්ලි හමිබ කරලා උඹ වගේ ආත්මාර්ථකාමයෙක් වෙන්න නෙමෙ.උඹලා වගේ එවුන්ට භාවිතාවෙන් උත්තර දෙන්න.
    උඹට මාත් එක්ක තර්ක කරන්න ඔන නමි ,ඇත්ත කරැණු ඔන නමි මෙකේ articles කියවලා ඒවාගේ කරැණු වලට තර්ක කරපන්.මින්ස්සුසගේ අධ්යානපන දැනුමට හිනාවෙන්න තරමි පහත් වෙන්නේ නැතුව.
    උඹ තර්ක කරන්නේ ප්ර යිවටි කැමිපස් හොදයි කියලාද?
    මගේ තර්කය ප්රේයිවටි කැමිපස් මෙ රටට හොද නෑ කියලා.කරැනු වලින් තර්ක කරන්න වරෙන්........පරණ ලිපි වල කරැනු විවෙචනය කරන්න පුළුවන්.කරැනු වලට කර්ක කරපන්....පුළුවන්නමි අභයෝගය භාර ගනින්....

    ReplyDelete
  17. උබල මම නෙවෙයි කවුරුවත් උබලව විවේචනය කරනවට කැමති නෑනේ. ඔය ගතිය තිබ්බේ 1970 ගනන් වල ඉදන් වගේ. මම මගේ බ්ලොග් එකේ මහින්ද වෙනුවෙන් අවස්ථා කීපයකදී කතා කරලා තියෙන්නේ මේ රටට තම මහින්දට වඩා හොද විකල්පයක් නැති නිසා. මහින්ද හොරකන් කරනවා තම, නමුත් අනිත් උන් වගේ එහෙම පිටින්ම හොරකන් කරන්නේ නෑ. ඉතුරු වෙන ටිකෙන් රටට මොනවා හරි කරනවා. මම කවද හරි මහින්දට වඩා හොද විකල්පයක් දැකපු ගමන් එයට චන්දේ දෙනවා.
    උබට හැබැවටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ වෙලා තිබ්බනම් එක මහන්සි වෙලා තනියෙන් ඉගෙන ගන්නවා. එහෙම නැතුව එකටත් ආණ්ඩුවට බැන බැන ඉන්නේ නෑ. එහෙම හිටියම කවද හරි රස්සාවල් හොයන වෙලාවට කෙල වෙන්නේ උබලටම මිසක් ආණ්ඩුවට නෙවෙයි. ලංකාවේ ගොඩක් දුප්පත් ඉස්කෝල තියෙනවා කියල දන්නවා ඒවාට පුළුවන් විදිහට අපි උදවු කරනවා. එහෙම නැතුව උබල වගේ ඒවා ගැන කියව කියව ලකුණු දාගන්න එක නෙවෙයි කරන්නේ. එහෙම ඉස්කෝල ගැන කියවන්න පුළුවන් තරම් තියෙන එකට උබල කැමතියි කියලත් අපි දන්නවා..හිතට යටින්.
    "රටෙ මිනිස්සුන්ගේ න් 46% කගේ මාසෙක ආදායම රැපියල් 200ට අඩුයි" බොරු කියන්න එපා බන්. කොහෙන්ද මේක හොයාගත්තේ.. මහින්ද අර්තිකෙට කෙලලා කියන එකට කරුණු පෙන්නපන්. මගේ යාලුවෙක් ඉන්නවා ලංකාවේ පෞද්ගලික සමාගමක විශ්ලේෂකයෙක්. පොර ගිය සතියේ බිස්නස් වීක් එකට කියල තිබ්බා ආර්ථිකේ බොහොම හොදයි කියල. උබලට වඩා උන් ආර්ථිකේ ගැන දන්නවා. අනික මම දන්නා ආර්ථික විද්‍යාව අනුවත් රටේ ආර්ථිකේ හොදයි. වැරදිලා තියෙන්නේ කොහෙද කියල පොඩ්ඩක් පෙන්නවපන්. රෙපොර්ට් එකක් දෙකක් හයිලයිට් කරලා.

    ReplyDelete
  18. අනික මම ස්ලිට් ගියේ සල්ලි ගෙවල නෙවෙයි. මට ශිෂ්ෂත්වයක් ලැබිල. මම එක තෝරාගත්තේ තව වෙන රටවල් දෙකකිනුත් එහෙම ශිෂ්ෂත්ව ලැබිල තියෙද්දී.
    පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ ඉතින් සල්ලි ගෙවන්න පුළුවන් උන්ට ඉගෙන ගන්න. එකෙන් නිදහස් අධ්‍යාපනේට පාඩුවක් වෙන්නේ නෑ. ඔය දෙක දෙකක්. උබලට බය වෙන්න දෙයක් නෑ. අපිට හැමෝටම උදවු කරන්න බෑ. නමුත් සල්ලි ගෙවන්න පුළුවන් උන්ට ගෙවල ඉගෙන ගන්නත් අයිතියක් තියෙනවා.

    ReplyDelete
  19. දවසක ආදායම ඩොලර් 2 ට වඩා අඩු බව කියන්නේ මම නෙමෙ.මහ බැංකු වර්තාව 2009 බලපන්.මහ බැංකු වාර්තාවට වඩා ඉකොනොමිස්ටි සගරාව ලොකු වෙන්න බෑනේ නේද?.(ඉකොනොමිස්ටි සගරාව ගැන පස්සේ කියලා දෙන්නමි.)

    ReplyDelete
  20. GREY....විවෙචන වලින් තොරව කොහොමද මනුස්සයෝ වැරදි නිවැරදි කරගන්නේ.ජේ.වී.පී.තරමි විවෙචන වලට ලක් වෙන තවත් දේශපාලන කණ්ඩායමක් තියෙනවාද? ලංකාවෙ.ඔය තරමි ධනවාදී දේශපාලනය ජේ.වී.පි යට බය ඇයි.කොහොමත් ජේ.වී.පී ය විවෙචන වලට කැමතියි.ඒ හරහා ඇත්ත,නිවැරදි මතවාදය ජනතාවට ගෙනියන්න පුළුවන් වෙන්නේ.ඒ හින්දා උඹ කියන ජේ.ළවී.පි.ය විවෙචන වලට අකමැතියි කියන පදනමක් නැති කථාව ඉල්ලා අස් කරගනින්.1970 ඉදලා මොකද බන් උනේ.1970 ,88/89 මොකද උනේ කියලා උඹගේ දැනීම හැටියට පැහැදිලි කරපන්.නිකමිම 1970 කියන්න එපා.ඒකේ කිසිම තර්කානු බවක් නෑ.නිකමිම අවුරැද්දක අංකයක් විතරයි.පදනමක් නැති කථාවක් විතරයි.
    පුතෝ මිනිහෙක් හොරකමි කරනවා කියන්නේ හොරකමි කරනවා කියන එක.ඒකේ පොඩිඩයි ,ගොඩයි කියලා දෙයක් නෑ.කොහොමත් රටෙ ජනාධිපති හොරෙක් කියන්නේ අනිත් එවුන් ගැන කවර කථාද?(මහින්දගේ හොරකමි ගැන ලැයිස්තුවක් මම ලගදීම උඹට එවන්නමි)

    ReplyDelete
  21. GREY...ඉගෙන ගන්න එක තනියෙන් කරන්න පුළුවන්නමි පාසල් ගුරැවරැ කියලා ජාතියක් ඔන නෑ.මවිභාෂාව නමි තනියෙන් කියල දෙයක් තියෙනවා යමි තරමකට .ද්විතීක භාෂාවක් ගුරැවරැ නැතුව තනියෙන් කරපන් කියන්න තරමි උඹ මෝඩයෙක් බන්.
    ඉංග්රීැසි භාෂාව උගන්වනනේ 3 පන්තියේ ඉදන්.අති බහුතරයක් පාසල් වල ඉංග්රීනසි ගුරැවරැ නෑ.හිටියත් නියම සුදුසු ගුරැවරැ නෑ.ඔය තමයි අපි අත්දැකපු මෙ පොලවෙ තියෙන ඇත්ත.උඹ කියන්නේ මෙ රටෙ දරැවො එහෙම ඉගෙන‍ගෙන පරිපූර්නත්වයට එන්න ඔන කියලාද?

    ReplyDelete
  22. GREY..හැමදේටම ආණ්ඩුවට කියන්න ඔන නැද්ද?.උන් ඡන්දේ ඉල්ලන්න එනකොට දෙන පොරාන්දු ,නිදහස් අධ්යාඋපනය රකිනවාය.නිදහස් ‍සෞඛ්ය් රකිනවාය.රාජ්යන සේවය පුළුල් කරනවාය යන්නය.මින්සුන් උන්ට ඡන්දය දෙන්නේ ඉහත කරැනු ගැන විශ්වාසය තියාගෙන.නැතුව බලයට පැමිනුන පසුව වෙනම දෙයක් කරන්න නෙමෙ.
    රටක සිදු වන සියලුම දේ වෙන්නේ රජයේ අධීක්ෂණය යටතේ.ඔවුන් ඒ සියලු දේට වගකියන්න ඔන.බැරි නමි ඇය උන් එතනට යන්නේ.උන්ට මෙ රටෙ මිනිස්සුනගේ ප්රිශ්න විසදන්න බරි නමි ඇයි ඔතනට යන්නේ.මිනිස්සු උන්ව බලෙන් යවන්නේ නෑනේ.උන් සල්ලි වියදමි කරලා උනුයි බලෙන් යන්නේ.ඒ උන්ට පූළුවන් හින්දා.එහෙනමි කරන්න ඔන.බැරි නමි දාලා යන්න ඔන.කවුරැත් අනේ එපා කියලා අඩන්නේ නෑ.
    රටක ආර්ථිකයට ,විරැකියවට,සංස්කෟතික දියුනුවට හැම දෙයක් ගැනම වගකියන ආයතනය තමයි රජය.ඒ දේවල් නියම විදිහට වෙන්නේ නැත්නමි දෙන්නේ නැතනමි ඒවා උන්ගෙන් ඉල්ලන්න ඔන.ඒකට ක්රැම තියෙනවා.හොදින් ලියුමි ලියලා අපිට මෙවා දෙන්න කියලා ඉල්ලනවා.එතකොට දෙන්නේ නැත්නමි අපිට දියවු කියන්න වෙනවා.ඒත් දෙන්නේ නැත්නමි පාරට බහින්න වෙනවා.කෑ ගහන්න වෙනවා.එත් දෙන්නේ නැත්නමි මොකද කරන්න ඔන.අකුලගෙන ඉන්න එකද?රස්සා නැතුව බඩගින්නේ මැරෙන එකද? දරැවන්ගේ අධ්යාේපනය නැතිවෙන එක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න ඔනද? ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත්ගිනි ගනන් වලට ෆාමසියෙන් ගන්න ඔනද?
    ධෛර්යවන්ත මිනිස්සු අරමුණ අතර මගදී අතාරින්නේ නෑ.ඒ හහින්දයි උන් සටන අතාරින්නේ නැත්තේ.නිකමිමු වගේ බඩගින්නේ මැරෙනවාට වඩා උන් සටන් කරලයි මැරෙන්නේ.උන් සටන් කරන්නේ ජීවත් වෙන්න.මිනිහෙකුට තියෙන අවම අයිතිය වෙනුවෙන්.ඒක අසාධාරනද?මීට වඩා මෙවා ලබා ගන්න ක්රවමයක් තියෙනවානමි කියපන්.
    ඔය හැම දෙයකටම අවංක දේශපාලන නායකත්වයක් ඔන.එතැනදියි ජේ.වී.පි.යට තැන එන්නේ.ඒක මොන සක්කරයටවත් නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙ.මොකද ජේ.වි.පි.ය තරම කැප වීමෙන් අවංකව වැඩ කරන තවත් දේශපාලන පක්ෂයක් මෙ රටෙ නෑ.උන් වැඩ කරන්න පඩි ගන්නේ නෑ.උන් සත පහකවත් හොරකමි කරන්නේ නෑ.උන්ට ලැබෙන පඩියත් මින්ස්සුන්ට දීලා මිනිස්සු වෙනුවෙන් දෙන පක්ෂයක් තවත් නෑ.උන්ට බල තන්හාව නෑ.උන් රට වෙනුවෙන් ඇමතිකමි දාල ගිය පක්ෂයක්.වෙන එවුන් යයිද?අද වෙන කොට ජේ.වී.පි.යට බලය තියෙන සංගමි කොචිචර දියුනුද කියලා හොයලා බලපන්.ලංකා ගුරැ සංගමය ගුරැවරැන්ගේ ණය දෙන සමුපකාර සමිතිය දිහා බලපන්.තිස්සමහාරාම ප්රාෙදේශීය සභාව ගැන හොයලා බලපන්.
    උඹ කියන්නේ ජේ.වී.පි.යට එහෙම වැඩ කරන්නේ නැතුව මහින්ද වගේ හොරකමි කරලා ,හැබැයි ඔක්කොම හොරකමි කරන්නේ නැතුව ටිකක් මිනිස්සුන්ට දෙන්ඩ කියලාද?වෙරි සොරි බොස් ,ජෙප්පෝ මින්ස්සුන්ගේ සල්ලි හොරකමි කරන එවුන් නෙමෙ.ලාභ වාසි වලට පාර්ලිමෙන්තු යන එවුන් නෙමෙ.පාර්ලිමෙන්තු යන්නෙ සුරසැප විදින්න නෙමෙ.වැඩ කරන්න.උඹ ජෙප්පෝ පැර්ලිමෙන්තු ගිහින් සැප ගත්තු එකක් කියපන්.අනිත් පක්ෂ වල එහෙම නොවුන එකෙක් කියපන්.
    උඹ බලාපොරෝත්තු වෙන්නේ මෙ රට කරන්න ඔන අවංක හොරකමි නොකරන එවුන්ද නැත්නමි ‍උඹ කියනවා වගේ මහින්ද වගේ හොරැද?උඹ හොයන මහින්දගේ විකල්පය මෙතන නැද්ද???කරැනාකරලා මෙකට පැහැදිලි උත්තරයක් දීපන්.

    ReplyDelete
  23. GREY...හැමදේටම ආණ්ඩුවට කියන්න ඔන නැද්ද?.උන් ඡන්දේ ඉල්ලන්න එනකොට දෙන පොරාන්දු ,නිදහස් අධ්යාඋපනය රකිනවාය.නිදහස් ‍සෞඛ්ය් රකිනවාය.රාජ්යා සේවය පුළුල් කරනවාය යන්නය.මින්සුන් උන්ට ඡන්දය දෙන්නේ ඉහත කරැනු ගැන විශ්වාසය තියාගෙන.නැතුව බලයට පැමිනුන පසුව වෙනම දෙයක් කරන්න නෙමෙ.
    රටක සිදු වන සියලුම දේ වෙන්නේ රජයේ අධීක්ෂණය යටතේ.ඔවුන් ඒ සියලු දේට වගකියන්න ඔන.බැරි නමි ඇය උන් එතනට යන්නේ.උන්ට මෙ රටෙ මිනිස්සුනගේ ප්රිශ්න විසදන්න බරි නමි ඇයි ඔතනට යන්නේ.මිනිස්සු උන්ව බලෙන් යවන්නේ නෑනේ.උන් සල්ලි වියදමි කරලා උනුයි බලෙන් යන්නේ.ඒ උන්ට පූළුවන් හින්දා.එහෙනමි කරන්න ඔන.බැරි නමි දාලා යන්න ඔන.කවුරැත් අනේ එපා කියලා අඩන්නේ නෑ.
    රටක ආර්ථිකයට ,විරැකියවට,සංස්කෟතික දියුනුවට හැම දෙයක් ගැනම වගකියන ආයතනය තමයි රජය.ඒ දේවල් නියම විදිහට වෙන්නේ නැත්නමි දෙන්නේ නැතනමි ඒවා උන්ගෙන් ඉල්ලන්න ඔන.ඒකට ක්රැම තියෙනවා.හොදින් ලියුමි ලියලා අපිට මෙවා දෙන්න කියලා ඉල්ලනවා.එතකොට දෙන්නේ නැත්නමි අපිට දියවු කියන්න වෙනවා.ඒත් දෙන්නේ නැත්නමි පාරට බහින්න වෙනවා.කෑ ගහන්න වෙනවා.එත් දෙන්නේ නැත්නමි මොකද කරන්න ඔන.අකුලගෙන ඉන්න එකද?රස්සා නැතුව බඩගින්නේ මැරෙන එකද? දරැවන්ගේ අධ්යාේපනය නැතිවෙන එක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න ඔනද? ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත්ගිනි ගනන් වලට ෆාමසියෙන් ගන්න ඔනද?
    CONT...

    ReplyDelete
  24. GREY...ධෛර්යවන්ත මිනිස්සු අරමුණ අතර මගදී අතාරින්නේ නෑ.ඒ හහින්දයි උන් සටන අතාරින්නේ නැත්තේ.නිකමිමු වගේ බඩගින්නේ මැරෙනවාට වඩා උන් සටන් කරලයි මැරෙන්නේ.උන් සටන් කරන්නේ ජීවත් වෙන්න.මිනිහෙකුට තියෙන අවම අයිතිය වෙනුවෙන්.ඒක අසාධාරනද?මීට වඩා මෙවා ලබා ගන්න ක්රවමයක් තියෙනවානමි කියපන්.
    ඔය හැම දෙයකටම අවංක දේශපාලන නායකත්වයක් ඔන.එතැනදියි ජේ.වී.පි.යට තැන එන්නේ.ඒක මොන සක්කරයටවත් නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙ.මොකද ජේ.වි.පි.ය තරම කැප වීමෙන් අවංකව වැඩ කරන තවත් දේශපාලන පක්ෂයක් මෙ රටෙ නෑ.උන් වැඩ කරන්න පඩි ගන්නේ නෑ.උන් සත පහකවත් හොරකමි කරන්නේ නෑ.උන්ට ලැබෙන පඩියත් මින්ස්සුන්ට දීලා මිනිස්සු වෙනුවෙන් දෙන පක්ෂයක් තවත් නෑ.උන්ට බල තන්හාව නෑ.උන් රට වෙනුවෙන් ඇමතිකමි දාල ගිය පක්ෂයක්.වෙන එවුන් යයිද?අද වෙන කොට ජේ.වී.පි.යට බලය තියෙන සංගමි කොචිචර දියුනුද කියලා හොයලා බලපන්.ලංකා ගුරැ සංගමය ගුරැවරැන්ගේ ණය දෙන සමුපකාර සමිතිය දිහා බලපන්.තිස්සමහාරාම ප්රාෙදේශීය සභාව ගැන හොයලා බලපන්.
    උඹ කියන්නේ ජේ.වී.පි.යට එහෙම වැඩ කරන්නේ නැතුව මහින්ද වගේ හොරකමි කරලා ,හැබැයි ඔක්කොම හොරකමි කරන්නේ නැතුව ටිකක් මිනිස්සුන්ට දෙන්ඩ කියලාද?වෙරි සොරි බොස් ,ජෙප්පෝ මින්ස්සුන්ගේ සල්ලි හොරකමි කරන එවුන් නෙමෙ.ලාභ වාසි වලට පාර්ලිමෙන්තු යන එවුන් නෙමෙ.පාර්ලිමෙන්තු යන්නෙ සුරසැප විදින්න නෙමෙ.වැඩ කරන්න.උඹ ජෙප්පෝ පැර්ලිමෙන්තු ගිහින් සැප ගත්තු එකක් කියපන්.අනිත් පක්ෂ වල එහෙම නොවුන එකෙක් කියපන්.
    උඹ බලාපොරෝත්තු වෙන්නේ මෙ රට කරන්න ඔන අවංක හොරකමි නොකරන එවුන්ද නැත්නමි ‍උඹ කියනවා වගේ මහින්ද වගේ හොරැද?උඹ හොයන මහින්දගේ විකල්පය මෙතන නැද්ද???කරැනාකරලා මෙකට පැහැදිලි උත්තරයක් දීපන්.

    ReplyDelete
  25. GREY....රටක ආර්ථික දියුනුව මැනෙන්නේ රටෙ දිලිදුම පවුලේ නිවසේ උස දිග පළල සහ නිවැසියන්ගේ සංස්කෘතික දියුනුව බලලා.රටේ මහ පාරවල් හැදුනට .රට ඇතුලට කපලා වරායවල් හැදුවට ,ඡන්ද ගන්න කිසිම සැලසුමක් නැති ක්රි කටි ග්රයවුන්ඩි හැදුවට රටක් දියුනු වෙන්නේ නෑ.
    අද රටෙ දියුනුව ගැන කියන්න ගොඩාක් විශ්ලේශකයෝ ඉන්නවා,වැහි වැවැලා.ඒවයින් ගොඩක් උන්ට වාසි එනවා.විශ්ව වද්යාවල ආචාර්යවරැ මහාචාර්යවරැ මෙ රට දියුනුයි කියලා ලිපි දානවා.ටික දවසක් බලපුහාම උන්ට රට සවාරි,සමහර ආචාර්යවරැ එක දවසින් මහාචාර්ය.ලිපියක් දානවාට දෙන සන්තෝසම.නරක නෑ නේ.ඹන්න ඔහොම විශ්ලේශණයක් තමයි මෙ දවස් වල යන්නේ.මෙ දවස් වල අයි.ටී.එන්.වල මහින්ද අබෙසුන්දරගේ ළුිමසුම බලපන්කෝ.ඊකොනොමිස්ටි කැලේ.......බන්....මාර දියුනු ආර්ථිකයක් තියෙන්නේ.

    ReplyDelete
  26. GREY...මම උඩින් අහලා තියෙන ප්‍රශ්ණ වලට උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.මොනවා උනත් උඹ ඉන්න මතවාදය අවංක නමි මම උඹව අගයනවා.අද වෙන කොට තමන්ගේ හුගක් එවුන් කථාකරන කොට ඉස්සර වෙලාම බල්නනේ මෙකෙන් මට මොනවාද ලැබෙන වාසි කියලා.එහෙම උන්ගේ අදහස් බලු වටිනනේ නෑ බන්.
    ප්‍රයිවටි කැමිපස් වලින් උඹ හිතනවනමි මෙ රටට යහපතක් වෙයි කියලා උඹ කරැනු දක්වපන්.එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා මම කියන්නමි.අවසානයේ පිලිගන්න පූළුවන් අවසානයකට එයි කියලා හිතනවා.මගදී විවාදය දාලා ගියොත් උඹ පරාදයි කියලා හිතාගනින්.

    ReplyDelete
  27. උඹලට උදුල් පාර්ලිමෙන්තුවට යන එක හරි අමාරුයි නේද?උඹලා හරියට ඒකට කෑ ගහනවා. ඌ ශිෂ්යත නායකයෙක් .ඌට අවංකව වැඩ කරලා පලපුරුද්දක් තියෙනවා.උන් වැඩ කලේ රස්සා ගන්න නෙමෙ.මම ග්රේභ ගෙන් ප්ර ශ්ණයක් අහනවා.උදුල් වැඩ කරන්නෙ පාර්ලිමෙන්තු ඇවිල්ලා සැප ගන්න කියලා නමි කියන්නේ ග්රේන විරුද්ධ වෙනවා ඇත්තේ මහජන නියෝජිතයන් මහජනතාව රවටිටලා සැප ගන්න එකට මිසක් පුද්ගලයන් සමිබන්ධ ප්ර හ්නයක් වෙන්න බෑනේ.එහෙනමි ඒ උදුල්ලට දාන ඝෝෂාව අනිත් එවුන්ටත් දාන්න ඔන.ඒ විවෙචනය අනිත් එවුන්ටත් ඒ ප්රනමානයෙන්ම දාන්න ඔන.නාමල් රාජපක්ෂ මොන සුදුසු කමකටද පාර්ලිමෙන්තු ගියේ.ගිහින් මොකද කරන්නේ.උගේ නිල් බලකාය අහිංසක ගෑනු ළමයි කී දෙනෙක් දූෂණය කලාද?කොය ඒවාට සද්ද?ඇයි ඒවාට කථා නොකරන්නේ.ඌට බයද?උඹ අහයි කොයි ඒවාට සාක්ෂී කියලා .පොලිස් පැමිණිලි පොත් බැලුවොත් සාක්ෂී ලැබෙයි.
    ව්යරවස්ථාව මොකක්ද කියලා දන්නේ නැති උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමෙන්තු ගියේ මොන සුදුසු කමකටද? ඇයි ඒවාට සද්ද නැත්තේ.අනාර්කලී ආකර්ෂා පලාත් සභාවට ඉල්ලන්නේ මොන සුදුසු කමකටද?මහින්ද උන්ට නාම යෝජනා දෙන්නේ (උඹෙ පරිනත රජ්ජුරුවෝ කරපුවා) මොන සුදුසු කමකටද?ලංකාවට කුඩු ගේන දුමින්ද සිල්වා මහින්ද ලග තියා ගෙන ඉන්නේ මහින්ද ඒවා දන්නේ නැතුවද?මහින්ද බබාද?මෙ රටෙ කුඩු විකුණන එක උඹ අනුමත කරනවාද?ලංකාවට කුඩු ගේන අමු මැරයෙක් වෙන මර්වින් සිල්වා මහින්ද කිරි පොවලා තියා ගෙන ඉන්නේ මහින්ද නොදැනද? කිරිබත්ගොඩ ගණීකා මඩමි තියාගෙන රස්සා නැති අහිංසක රටෙ දියණියන් ගණිකාවන් කරන මර්වින්ලා රකින මහින්දව උඹ මෙ රටට විකල්පයක් කියලා හිතනවාද?රටෙ උන්ට කන්ඩ නැතුව ඉද්දින් ,ගංවතුරට අහු උනාම එකෙකුට රුපියල් 50 ගනේ වෙන් කරලා තමන්ගේ උපන් දිනයට රුපියල් කෝටි 100 ක් වියදමි කරන මහින්ද උඹව අනුමත කරනවාද?රුපියල් කෝටි 300 ක වාහන සංච්තයක් තියාගෙන ඉන්න රාජ්යි නායකයෙක් උඹ අනුමත කරනවාද? හමිබන්තොට වරාය විවෟත කරන්න රුපියල් කෝටි 500 ක් වියදමි කරන එක උඹ අනුමත කරනවාද?
    තම්නගේ වී ටික විකුණ ගන්න බැරි ,ඒකට නියම මිලක් එන්නේ නැත්තේ පොලොන්නරුවෙ මෙමත්රීමපාලගේ මල්ලි ඩඩිලිගේ සහ සිරිපාල ගමලත්ගේ වැඩ කියන එක රටම දන්නවා .මහින්ද ඒකට උදවි කරන එක උඹ අනුමත කරනවාද?

    ReplyDelete
  28. අද ආන්ඩුවෙ ශිෂ්ය? සංගමි මොකද කරන්නේ.නිදහස් පක්ෂය දිනපුහාම නිදහස් ශිෂ්ය සංවිධානය,UNP එක දිනපුහාම ජාතික යොවුන් පෙරමුණ.උන් ඒන්නේ උන්ට ජොබි ගන්න,නැතුව අධ්යාුපනය වෙනුවෙන් වැඩක් කරන්න නෙමෙ.එදා ඉදලා අධ්යාධපන ප්ර තිසංස්කරන වලට මුවා වෙලා අධ්යාහපනය නැති කරන්න හදපු හැම වෙලාවෙම අවංකවම කිසිම ලාභ ප්ර යොජනයක් නැතිව මහන්සි වුනේ සමාජවාදී ශිෂ්යහ සංගමය.කාටවත් ඒක නෑ කියන්න පුළුවන්ද?අවංකවම තමන්ට ලැබෙන ලිභ ප්රැයෝජන ගැන හිතනනේ නැතුව වැඩ කරන එවුන් නෙමෙද මෙ රට කරන්න ඹන.තමන්ගේ පංගුව ගැන හි.න එවුන් මෙ රට කරන කමි උඹෙයි මගෙයි මෙ රට දියුණූ වෙයිද?

    ReplyDelete
  29. අපේ රටෙ පෞද්ගලික අංශය නියාමනය ගැන රජය කියන කථා කොචිචර විහිලුද?උන්ට දැනට පෞද්ලකකරනය කරලා තියෙන අංශවත් නියාමනය කර ගන්න බැරුව ඉන්න කොට මෙක කොහොමද නියාමනය කරන්නේ.1985 දී ආරමිභ කරපු උතුරු කොළඹ පෞද්ගලික වෛද්යේ විද්යාමලය පටන් ගන්න කොට කීවෙත් ඔය කථාමයි.පුළුවන් උනාද නියාමනය කරන්න.සිසුන් 190 න් 75 කගේ ප්රනතිඵල දුන්නේ නෑ.අයි ඒ? උන්ට අවශ්යී ප්රාතිඵල තිබිබෙ නෑ.සමහරු ගෟහ විද්යා‍ව කරපු එවුන්.නියාමනය කරාද? අපේ රටෙ පාලකයෝ වැඩ කරන්නේ හැම වෙලාවෙම උන්ගේ කොටස බලාගෙන උන්ට කුටිටිය‍ බලාගෙන වැඩ කරන්නේ.එහෙම පාලක පන්තියක් ගැන විශ්වාසය තියලා පෞද්ගලික විශ්වවිවද්යා.ල දාන්ඩ ඉඩ දෙන්න පුළුවන්ද වගකීමක් තියෙන ශිෂ්යි ව්යාෙපාරයකට.

    ReplyDelete
  30. උතුරු කොළඹ පැත්තකට දාපල්ලකෝ,දැන් අටවගෙන ඉන්නවනේ මාළඹෙ එකක්.එකේ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්න එවුනගේ ප්රතතිඵල.විස්තර ඇයි එලියට දාන්නේ නැත්තේ.රජයේ වෛද්යි පීඨ වල ඉන්න එවුනගේ විසිතර ශන වෙලාවක ගන්න පුළුවන්.මාළඹෙ දාන්නේ නැත්තේ දැනටමත් අරන් ඉන්නේ හොරු.නියාමණය වෙලාද?නීති විරෝධී විදිහට දාලා තියෙන මාළඹෙ එක වහපියවි කියන්න අද පාලකයින්ට පුළුවන් වෙලාද?නීති විරෝධී ඒවා වහන්නේ නැති එවුන් නීති ග කරපු එකක කොචිචර අක්රයමිකතා වුනත් වහයිද?

    ReplyDelete
  31. මම කැප්පෙටිපොල සහ ග්‍රේ අතර සංවාදය දැක්කා.මම කැප්පෙටිපොල එක්ක එකගයි.කොහොමත් මම මධ්‍යස්ථව හිතන්නේ.ග්‍රේ ඇයි කැප්පෙටිපොල අහන ඒවාට කෙලින් උත්තර නොදී හැම වෙලාවෙම දේශපාලන පක්ෂයක් ඇදලා ගන්නේ.හරියට එස් බී වගේනේ.ඇත්ත දේ පැත්තක තියෙද්දින් මුව හමකට තලන්න ඔන නෑනේ.

    ReplyDelete
  32. මහින්ද රාජපක්ෂ ආණඩුව 2010 ජනාධිපතිවරණයේදිත් බලයට ආවෙ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරනවා කියලාගමිනිස්සු මහින්දව බලයට ගේන්නේ ඒ විශ්වාසයට,ඇයි ඡන්දෙට කිලින් කිවිවෙ නැත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල දානවා කියලා.කිවිවොත් අනිවා පරදිනවා.ඒ මෙ රටෙ මිනිස්සු නිදහස් අධ්‍යාපනයට ආදරෙයි.ඒකෙන් විතරයි තමන්ගේ දරුවන්ට අනාගතයක් දෙන්න පුළුවන් කියලා මිනිස්සු දන්නවා.ඒක දන්නවා කියලා මහින්දත් දන්නවා .ඒකයි කලින් නොකිවිවෙ.බලයට ඇවිල්ලා මිනිස්සු රවටන එක යහපත් නායකයෙක්ගේ ලක්ෂණයක් නෙමෙ.එහෙම නායකයෝ රටට වැඩක් නැති අය.රට අවුලේන අවුලට යනවා.දෙබිඩි ජීවිත චරිත හරි භයානකයි.

    ReplyDelete
  33. http://freeeducationmicrosara.blogspot.com/2010/12/blog-post_21.html

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි