ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, June 29, 2012

අපේ ක්‍රියාමාර් සමස්‌ත අධ්‍යාපනයම වෙනුවෙන් - FUTA

තමන් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට පිවිසෙන්නේ සමස්‌ත අධ්‍යාපනයම වෙනුවෙන් විනා වෙනත් කිසිදු පෞද්ගලික අපේක්‍ෂාවක්‌ වෙනුවෙන් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්‍ෂවරුන්ගේ කමිටුව කර ඇති ප්‍රකාශයට පිළිතුරු දෙමින් මේ බව පවසන එම සම්මේලනය නිවේදනයක්‌ නිකුත් කර ඇත.

එම දීර්ඝ පිළිතුරු ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ

"විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වර්ෂ 2012 ජුලි මස 4 වැනිදා දියත් කරන්නට යන අඛණ්‌ඩ වැඩ වර්ජනයකින් යුතු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්‍ෂවරුන්ගේ කමිටුව විසින් නිකුත් කෙරුණ ප්‍රකාශයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ කනස්‌සල්ලට හේතුවී තිබේ. එම ප්‍රකාශයන්ගෙන් ඇඟවෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ශිෂ්‍යයන්ගේත් පොදු සමාජයේත් යහපත නොසලකා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විස¹ ගැනීමට උත්සාහයක්‌ නොගෙන, ආචාර්ය ප්‍රජාවගේ කැමැත්තද නැතිව, ආචාර්යවරුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්‌ඩුව දක්‌වන කැමැත්තද නොසලකා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. මීටත් වඩා අසත්‍ය ප්‍රකාශයක්‌ තවත් නම් තිබිය නොහැකිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්‍ෂවරුන්ගේ කමිටුව විසින් කෙරුණ මෙම සත්‍ය නොසලකා හැරීමේ ක්‍රියාව පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මවිතය ප්‍රකාශ කළ යුතුව තිබේ."

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි