ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, February 25, 2011

මාධ්‍යය නිවේදනය - රජරට වෛද්‍ය පිඨයේ සහොදර සිසුන්ට එල්ලවූ ආණ්ඩුවේ පොලිස් ප‍්‍රහාරය සම්බන්ඳවයි.

     ඊයේ දින (2011/02/24) කොළඹ සාමකාමි උද්ඝෝෂණයේ යෙදී සිටි රජරට සරසවියේ වෛද්‍ය පිඨයේ සහොදර සිසුන්ට එල්ල කල රාජපක්ෂ ආණ්ඩුවේ පොලිස් ප‍්‍රහාරය වෛදය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුව වශයෙන් අපි දැඩි පිලිකුලෙන් යුතුව හෙළා දකිමු. මූලික අධ්‍යයන  හා සුභසාධන පහසුකම් වල උග‍්‍ර හිඟයකින් පෙළෙන රජරට සරසවි සිසුන් ඉතා සාමකාමි ලෙස උද්ඝෝෂණ සිදුකරන විට පාලකයන් පිළිතුරු දුන්නේ සිසුන්ට අධීපීඩන ජලප‍්‍රහාර එල්ල කරමිණි.  මේ ආකාරයෙන් ගැටළු වලට ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණ වලට පවා  ම්ලෙච්ච ප‍්‍රහාර එල්ල වීම  රජ්‍ය වෛද්‍ය විද්‍යාල පද්ධතිය දියකර හරින අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවා වෛද්‍ය අධ්‍යාපනය නැංවීමට සිහින දකින රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි මුග්ධ භාවය පෙන්නුම් කරන්නක් බව අපගේ වැටහීමයි.

     ශිෂ්‍යයින්ගේ සාධාරණ ඉල්ලීම් පොලිස් මැර ප‍්‍රහාරයන්ගෙන් නැවතිය නොහැකි බවද ඉන් අපගේ අරගලය තව තවත් පන්නරය ලබන බවද මතක් කර දෙමින් තම ගිලිහෙන බලය හමුවේ වියරුවෙන් දගලන රාජපක්ෂ පාලනයට එරෙහිව නැගී සිටිමට නිදහස් අධ්‍යාපනයට - ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇළුම් කරන සියලූ ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කර සිටිමු.



අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව


2 comments:

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි