ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, November 5, 2010

මාළඹේ පෞද්ගලික වෙද උපාධි කඩය පිලිබඳ ජනතාව දැනුවත් කරමින් සිටි රුහුණ සරසවියේ වෛද්‍ය සිසුන් 04ක් මාතර නගරයේදි පොලිස් අත්අඩංගුවට.

මාළඹේ පෞද්ගලික වෙද උපාධි කඩය පිලිබඳ ජනතාව දැනුවත් කරමින් සිටි රුහුණ සරසවියේ වෛද්‍ය සිසුන් 04ක් මාතර නගරයේදි පොලිස් අත්අඩංගුවට.
     
     නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපන අයිතිය අනතුරේ හෙලමින් , ගුණාත්මක බවින් හා කිසිදු ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහිකරන, මාලඹේ ප්‍රදේශයේ  ඉදිකර ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ  වැඩසටහනක්  අද දින  දිවයින පුර පුධාන නගර කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක විය.

     මෙහිදී රහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 04 දෙනෙකු අද උදෑසන මාතර නගරයේ ජනතාව දැනුවත් කරමින් අත්පත්‍රිකාවක් සහ ස්ටිකර් බෙදාදෙම්න් සිටින අතරතුර මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇත.

     මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ පොලීසිය මගින් කිසිදු  කරුණු පැහැදිලිකිරීමක් සිදුකර නොමැති අතර, සිසුන් සතුව පැවති අත්පත්‍රිකා සහ ස්ටිකර් විශාල ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

     මේ අනුව පෙනීයන්නේ මෙය හුදෙක් පොලීසියේ නීත්‍යානුකුල අවශ්‍යතාවයක් මත සිදුවූවක් නොවන අතර, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට පිඹුරුපත් සකස්කරමින් ඊට එරෙහිව හඬනගන ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කරමින් සිටින එස්.බී දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ සැලසුම් සහගත ක්‍රියාවක් බවයි.

     අද දින සිදුවූ මෙම ක්‍රියාව අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින අතර, මෙරට විශ්ව විද්‍යාල සිසුන් ලෙස/ රටේ පුරවැසියකු ලෙස තම අදහස් ප්‍රකාශකිරීමට අයිතියක් තිබේද නැත්ද යන්න ප්‍රශ්න කිරීමට අපහට සිදුව ඇත.

     මෙවැනි බියවැද්දීම් මගින් අප කිසිසේත් අධර්යමත් නොවන අතර, වෛද්‍ය වෘත්තිය හෑල්ලුවට ලක්කරමින් හා අපරටේ මතු පරපුරේ දු දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය අහිමිකිරීම සඳහා ක්‍රියාත්මකිරීමට යන අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිලිවෙලට එරෙහිව සියලු බලවේග ඒකරාශීකරමින් එය පරාජය කිරීමට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙස අප දිවි හිමියෙන් කැපවී සිටිමු.


අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

9 comments:

  1. "මෙවැනි බියවැද්දීම් මගින් අප කිසිසේත් අධර්යමත් නොවන අතර, වෛද්‍ය වෘත්තිය හෑල්ලුවට ලක්කරමින් හා අපරටේ මතු පරපුරේ දු දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය අහිමිකිරීම"

    අර අන්තරේ උදැල්ලා කරන්නෙත් මේ ටිකම තමයි ඕං

    ReplyDelete
  2. ඔන්න දුප්පත් පවුලක් ඉන්නවා.ඒගොල්ලන්ට මැණිකක් හම්බ වෙනවා. ඉතින් මේ අය මැණික හොදින් රැක ගන්නවා. ඒ වුනාට මැණික ගේ ඇතුලේ හංගගෙන ඉන්න නිසා දුප්පත් කම නැතිවෙන්නේ නෑ. ඉතින් මෙහෙම පරම්පරා ගණනක් ගියා. මැණික සුරක්ෂිතයි හැබැයි දුප්පත්කමත් එහෙමමයි.
    අපිත් ඒ වගේ නෙමෙයිද? ජනතාවගේ බදු මුදලින් ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙන ඔබෙන් ජනතාව බලාපොරොත්තුවන්නේ හොදට ඉගෙන ගෙන රටට වැඩ දායී මිනිසුන් වන එක. නමුත් ඔබට වඩා සේවයක් එහෙම විශේෂ අධ්‍යාපනයක් නොලැබූ ජනතාවගෙන් ලැබෙනවා.

    කවද්ද අපේ විශ්ව විද්‍යාල රටේ ගමනට තල්ලුවක් දුන්නේ කකුලෙන් අදින්නේ නැතුව?
    ප්‍රබුද්ධයන් වන ඔබගෙන් කෝ අපට නව සොයාගැනීම්? නව දර්ශන? නව මතවාද? නව චින්තන? අපට ඒවා ඕනේ නමුත් කෝ ඒවා?

    ඔබට පෙර ඔය මග ගිය බොහෝ විදුදරයන් අද රටෙත් නෑ නේද? සැබෑ සරසවි සිසුවා රටක සමාජයක ගැටලු හදුනා ගත යුතුය. ඒවා අධ්‍යයනය කළ යුතුය. අනතුරුව සමාජගත වී ඒවි විසදිය යුතුය.
    ඒ කියන්නේ වසර පනහක් පුරා මේ රටට බිහිවූ එදා ඔබ මෙන්ම විප්ලව කළ දහස් සංඛ්‍යාත විදුදරයන් රටේ ගැටලු වලට විසදුම් සෙවිය යුතුය. එහෙනම් නිදහස් අධ්‍යාපනය රැක ගන්නට පෙරට ආ යුත්තේ ඔබ නොව ඔවුන්ය. ඔවුන් ඔබට වඩා පරිණතය. නමුත් ඔවුන් එන්නේ නැත. අද සිදුවන්නේ සරසවි සිසුවාම ගැටලු විසදීමට යැමයි. නමුත් අවසාන ප්‍රතිඵලය වන්නේ සරසවිය තුළ ගත කරන කාලයෙන් නියම ප්‍රයෝජනය නොගෙන අසම්පූර්ණ මිනිසෙකු ලෙස සමාජගත වී රටට බරක් වීමයි.
    ඔබ ඇත්තටම නිදහස් අධ්‍යාපනයට ආදරේ නම් විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු ඔබේ යුතුකම ඉටු කරන්න. එවිට අපේ නංගිලා මල්ලිලාට නිදහස් අධ්‍යාපනයේ නියම ප්‍රයෝජන ගන්න පුළුවන් වේවි.අන්න එදාට නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත වේවි. රට බැබළේවි

    ReplyDelete
  3. මම නම් කියන්නෙ පොලිසිය හොඳ වැඩක් කරලා තියෙන්නෙ. ඉගෙන ගන්න කැම්පස් ආවම තමයි තමුන්ලට ලෝකයට ම හොඳ කිරීමේ සර්ව සුබවාධි අදහස් එන්නෙ. ඇත්තට ම නම් කරන්න ඕනෙ තමුන් හරියට ඉගෙන ගෙන පෞද්ගලික නිර්දේශ සම්මත මට්ටමකට ගන්න වැඩ කරන එකයි. ඔය කරන වැඩ වලින් වෙන්නෙ කැම්පස් ළමයි ගැන ජනතාවට තියෙන අදහස කැත වෙන එක විතරයි. අන්තර් බල මණ්ඩල වලින් හොඳක් වෙනවට වැඩිය වෙන්නෙ නම කැත වෙන පහත් වැඩ විතරයි. පුලුවන්නම් මිනිස්සුන්ට වැඩක් වෙන අදහස් ඉදිරිපත් කරලා අපේ රට ගොඩ නගන්න. උදාහරණයකට බලන්න ඕන නම් මේකත් බලන්න http://www.ted.com/talks/r_a_mashelkar_breakthrough_designs_for_ultra_low_cost_products.html

    ReplyDelete
  4. තව දෙයක් කියන්න ඕන. ඔය "දිවි හිමියෙන් කැප වෙමු" කියල ලොකුවට කිව්වට ඔව්ව නොකෙරෙන දේවල් බවත් මතක තියාගන්න. තමුන්ගෙ මරණ බිය දැනුනම ඔය "brave heart " වීරයො හොයන්නත් නෑ. එකනේ ඔය කැම්පස් strike හැම එකටම අලුතෙන් එන ළමයි ඉස්සරහට දාල තමුන්ලා පස්සෙන් හැංගිලා එන්නේ. අලුතෙන් එන ළමයිට rag කරලා තමන්ගෙ ගොඩට ගන්නෙත් පිරිස වැඩි කරගෙන හැංගිලා ඉන්න කියන එක රහසක් නෙමෙයිනෙ. බල්ලොත් රැලේ ඉන්නකොට සද්දෙ කොහොමද? තනි කරලා ගත්තම නැට්ට නිසි තැනට වකුටු කරගෙන මීක් නැතුව ඉන්නව. අහිංසක අම්මල තාත්තලාගේ ළමයි ඒ වගේ තත්ත්වයකට පත් කරන්නේ නැතුව ආපු වැඩේ කරගෙන එලියට ඇවිත් රටට වැඩක් කරන්න.

    ReplyDelete
  5. මෙම බ්ලොග් අඩවිය කියවීමේදී තේරුම් ගිය කරුණක්නම් වැඩි දෙනා මේ අන්තරයේ අදහස් වලට විරුද්ධ බවයි. පිලිතුරු දී ඇත්තේද ඉතාමත් ස්වල්ප ප්‍රතිචාරයන් ප්‍රමාණයකට පමණයි. බොහෝ දෙනා මේ අයගේ ඇන්දිල්ලට හසුනොවෙන බව ඔවුන්ට තවමත් නොවැටහීම පුදුමයක්.

    ReplyDelete
  6. පළගැටියගෙ කතාවනම් එල,
    ජයවේවා!!!!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. දසුන් සමීර වීරසිංහ said...
    මෙම බ්ලොග් අඩවිය කියවීමේදී තේරුම් ගිය කරුණක්නම් වැඩි දෙනා මේ අන්තරයේ අදහස් වලට විරුද්ධ බවයි. පිලිතුරු දී ඇත්තේද ඉතාමත් ස්වල්ප ප්‍රතිචාරයන් ප්‍රමාණයකට පමණයි. බොහෝ දෙනා මේ අයගේ ඇන්දිල්ලට හසුනොවෙන බව ඔවුන්ට තවමත් නොවැටහීම පුදුමයක්.

    ok මචං
    උඹල වගේ තමන්ටම කෙලවෙනකම් ඉන්න, ආත්මාර්ථකාමී කම සහ මෝඩකම වෙනුවෙන් තමන්ගෙ අම්ම අප්පොච්චි අමතක කරගන්න ජාතියෙ නපුන්සකයින්ගෙ කතා වලට උන්ට උත්තර දෙන්න
    වෙලාවක් නෑ. උන්ට ඊටවඩා කරන්න වැඩ තියනව...

    ReplyDelete
  9. මමනම් හිතන්නේ ජනතාව ඔයාලා තරම් බුද්ධිමත් නැතිව ඇති. ඒ නිසා ඔබලා කියන දේවල් තේරෙන්නේ නැති වෙයි.
    අනික ජනතාවට තියෙනවා වෙන වැඩ. ජීවත් වෙන්න අමාරුයි. කීයක් හරි හොයාගෙන දරුවන්ගේ බඩ පුරවන එක ගැන ඔවුන් හිතන්නේ.ඒ නිසා ඔබලා ඔය ගෙනියන දැනුවත් කිරිම තේරුමක් නැති වෙයි.අපරාදේ නිකන් හිරේ වැටෙන්න යනවා.උපාධිය කරගෙන ඇවිල්ලා ඒ මහජනතාවම මරාගෙන කීයක් හරි හොයාගෙන පාඩුවේ ඉන්න.(හැබැයි ඔයාලගේ බුද්ධිමත් ජනතාවක් හිටියා නේද ලක්ෂ 500000 ක් විතර. තවම ඉන්නවාද දන්නෑ එයාලා.)

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි