ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, November 5, 2010

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙළගැසෙමු !!!

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙළගැසෙමු !!!


ගෞරවණිය ස්වාමීන් වහන්ස,
පූජක තුමනි,
ආදරණිය අම්මේ, තාත්තේ,
සහෝදරයා සහෝදරිය,


     මේ රටේ තියෙන අසීරුම තර`ග විභාගයෙන් වැඩිම ලකණු අරන් සමත් වුණු වෛද්‍ය ශිෂ්‍යයෝ ලෙස අපි ඔබ ඉදිරියට එන්නේ, වෙද්‍ය අධ්‍යාපනයට වෙන්න යන විනාශය ගැන කියන්න. වෛද්‍ය අධ්‍යාපනය රටේ සෞඛ්‍ය සේවයට, මිනිසුන්ගේ ජීවිත බේරන කටයුත්තෙදී තීර්ණාත්මකයි. හරිහමන් අධ්‍යාපනයක් නැතිව වෛද්‍ය උපාධියක් ගත්තොත් ඒකට වන්දි ගෙවන් වෙන්නෙ අහිංසක රෝගීන්ට පොදු ජනතාවට ඒ නිසා රටේ වෛද්‍ය අධ්‍යාපනය රැුකගැනීම නිදහස් අධ්‍යාපනය පැත්තෙනුත් යහපත් සෞඛ්‍ය සේවයක් පැත්තෙනුත් වැදගත්.

     එවැනි අධ්‍යාපනයකට අද මොකද වෙන්නේ? වත්මන් පාලකයින් මේ වෙනකොටත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් මාලඹේ ආරම්භ කරල. ඒ උපාධි කඩෙන් වෛද්‍ය උපාධියක් ගන්න ලක්‍ෂ 65ක් ගෙවන්න  ඕන. ඒ කියන්නේ මාසයකට රුපියල් ලක්‍ෂයකටත් වැඩි මුදලක්. අපේ රටේ ජීවත්වන මිනිසුන්ගෙන් 0ග5‍්‍ර කටවත් මේ උපාධි කඩවලට දරුවො දාන්න බෑ. හැබැයි බොරුවට මවල පෙන්වනවා මේ උපාධිකඩ වලට  ඕනම දුප්පතකුට යන්න පුළුවන් කියලා. ඒක පට්ටපල් බොරුවක්. දරුවෙක්ට උපාධියක් ගන්න ලක්‍ෂ 65ක් වියදම් කරන්න පුළුවන් කෙනෙක් ඔබට මතක් වෙනවද? වෙන කාටවත් නෙමෙයි සල්ලි කෝටි ගනන් තියෙන අදක්‍ෂ නිසා උගන්වන වැරි වුණ මෝඩ පැටව් ටිකකට තමයි වෛද්‍ය උපාධි දෙන්නේ. මෙහෙම ඇරඹෙන උපාධි කඩවල ප‍්‍රමිතියක් නෑ. මාලඹේ අරඹල තියෙන වෛද්‍ය උපාධි කඬේ උගන්වන්න එක මහාචාර්යවරයෙක් නෑ.. සායන කටයුකුවලට රෝහල් නෑ.. මේ උපාධිකඩ  තවත් සක්විති ව්‍යාපාරයක්.

     මේ උපාධි කඩවලට යන අයට වෙන්නේ සක්විතිගේ බැංකුවල සල්ලි දාපු අයට වෙන එකේ අනිත් එක. ඒ අයට ගුණාත්මක උපාධියක් ලැබෙන්නෙ නෑ. ඒක සිකුරුයි. එතකොට බාල උපාධියක් ගත්ත වෛද්‍ය වරයෙක්ගෙන් බෙහෙත් ගන්න වුනොත් ඔබට මොකද වෙන්නෙ?

     මේ ඇරඹෙන උපාධි කඩවල අරමුණ ලාභය. ඒක වලක්වන්න බෑ. ලාභය පස්සෙ දුවන නිසාම, ප‍්‍රමිතිය, ගූණය සියල්ල ගිලිහෙනවා. ඔබ දිනපතා යන පෞද්ගලික බස්රථය හො`දම උදාහරණයක්. ලාභය සොයන ප‍්‍රයිවට් බස් එකක තියෙන ප‍්‍රශ්න වලට වඩා අධ්‍යාපනයෙන් ලාභය සොයන්න ගියොත්, විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනයෙන් ලාභය සොයන්න ගියොත් වෙන වින්නැහිය ඔබට හිතාගත හැකියි.

     මේ රටේ අහිංසක දුක්වි`දින මිනිසුන්ට, ඒ කියන්නෙ ඔබට ඉතුරුකරල තියෙන එකම බලාපොරොත්තුව තමයි දරුවන්ට උගන්වන බලාපොරොත්තුව. පාලකයන් උත්සාහ ගන්න ඒ බලාපොරොත්තුවටත් පිහියෙන් අනින්න. මේ ගමන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් අවසන්වන්නේ නෑ. ඊළ`ගට රජයේ විශ්වවිද්‍යාල වල දරුවන්ට තමන් ඉගෙන ගන්නවාට මුදලක් ගෙවිය යුතුයි කියලත් පාලකයින් කියනවා. ‘‘රජයට අමාරුයි සල්ලි නෑ’’ උපාධි ගන්න රජයේ සරසවි වල ඉන්න අය ගෙවිය යුතුයි කියලත් ඉදිරියේ දී කියනවා.

     එක් පැත්තකින් දැනට තියෙන රාජ්‍ය වෛද්‍ය පීඨ මේ ගමනෙන් විනාශ වෙනවා. අනෙක් පැත්තෙන් සාතිශය බහුතරයකට වරම් අහිමි කල උපාධි කඩ ඇරඹෙනවා. සෞඛ්‍ය සේවයේ ප‍්‍රමිතිය වැනසෙනවා. ඔබ මේකට එක`ගද? අපි ඔබෙන් අහනවා, මේ ප‍්‍රශ්නය වෛද්‍ය අධ්‍යපනයෙන් නතර වෙන්නෙ නෑ. දැනටමත් පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න හදනවා. පාසල්වල සියළු වියදම් දෙමාපියන්ගෙන් අයකරන්න, ආණ්ඩුව ගුරු වැටුප් ගෙවීමට පමණක් සීමාවෙන්න තීරණය කරලා තියෙනවා. ඉදිරියේදී මේ තීරණ ක‍්‍රියාවට නැගෙයි.

     ඒ නිසා අපි ඔබෙන් ඉල්ලනවා. එක යුගයක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පැරැුද්දවීමට වෛද්‍ය පීඨ සිසුන් ජීවිත පරිත්‍යාග කළා. වෛද්‍ය පීඨ සිසුන් 120කට ආසන්න ප‍්‍රමාණයක් ඒ සටනේදී මියගියා. හැබැයි සටන දිනුවා. අද රාගම වෛද්‍ය පීඨය බවට පත්වෙලා තියෙන්නේ එදා 1981 ඇරඹුණු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. ත‍්‍රීමා විතානලගේ ඔලූවල පරාල ඇන ගැහුවත්, ඇස් ඉගිල්ලූවත් වෛද්‍ය ශිෂ්‍යයන් බය වුනේ නෑ. සටන ඉදිරියට ගෙනගියා.

     දැනුත් අපි මේ අරගලය දිනනවා. හැබැයි ඒක අපිට තනියම කරන්න බෑ. මේ හැදෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් අපේ වෛද්‍ය උපාධියට අබමල් රේණුවක ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ. ප‍්‍රශ්නය වෙන්නේ ඊල`ග පරම්පරාවට. සෞඛ්‍ය සේවයේ ප‍්‍රමිතියට.අපිට බෑ ගුණමකුවො වගේ අපේ උපාධිය කරගෙන ගෙදර යන්න. අපි හිතනවා ඊළඟ පරම්පරාවට අපි ලබපු නිදහස් අධ්‍යාපනය රැුකෙන්න  ඕන කියලා. ඒ ස`දහා ඔබගේ සහය අවශ්‍යයි. සරසවි වෛද්‍ය සිසුන් ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පරද්දන්න අපි මේ කරන අරගලයට ඔබේ සහය දෙන්න. ඒ ස`දහා පෙරට එන්න. මේ පණිවිඩය තවත් පිරිසකට කියන්න. නිදහස් අධ්‍යාපන අයිතිය රැුකගන්න ජනතාව අවධි කරන්න. ඒ ස`දහා ඔබට ශක්තිය, ධෛර්ය..!!!

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව (මෙම පත්‍රිකාව 2010. 11. 05 දින දිවයින පුරා බෙදාහරින ලදී)

5 comments:

  1. බාල උපාධියක් ගත්ත වෛද්‍ය වරයෙක්ගෙන් බෙහෙත් ගන්න වුනොත් ඔබට මොකද වෙන්නෙ? - ඔබ කොහොමද මේක පටන් ගන්නත් කලින් බාලයි කියන්නේ ? මොනවාද මිනුම් දඩු ?

    අදක්‍ෂ නිසා උගන්වන වැරි වුණ මෝඩ පැටව් ටිකකට තමයි වෛද්‍ය උපාධි දෙන්නේ. - සල්ලි තියෙන ලකුණක් මදි ළමයෙකුට මේකට එන්න බැරිද ? විශ්ව විද්‍යාල පරිසදන මට්ටම සපුරපු ගොඩකට ලංකාවේ සරසවි යන්න බැරි ඕනේ පහසුකම් නැති නිසා මිසක් ළමයි මෝඩ පැටවූ නිසා නෙවෙයි.

    මේ ඇරඹෙන උපාධි කඩවල අරමුණ ලාභය. ඒක වලක්වන්න බෑ. ලාභය පස්සෙ දුවන නිසාම, ප‍්‍රමිතිය, ගූණය සියල්ල ගිලිහෙනවා. - එතකොට ලංකාවේ කිසිම පෞද්ගලික ආයතනයකට ගුණාත්මක අධ්‍යාපනයක්‌ දෙන්න බැහැ ? දුබල තර්කයක් - එතකොට ලෝකේ කිසිම රටක පෞද්ගලික වෛද්‍ය උපාධි දෙන්නේ නැද්ද - මොකද හැමෝම ලාභය පස්සේ යන නිසා ?


    ඒ උපාධි කඩෙන් වෛද්‍ය උපාධියක් ගන්න ලක්‍ෂ 65ක් ගෙවන්න ඕන. - ලංකාවේ ලක්ෂ 65 ක් ගෙවනවද - චීනෙට / නේපාලයට / රුසියාවට / ඉන්දියාවට යනවද ?

    වෛද්‍ය අධ්‍යාපනය රටේ සෞඛ්‍ය සේවයට, මිනිසුන්ගේ ජීවිත බේරන කටයුත්තෙදී තීර්ණාත්මකයි. - එතකොට මොකද මේ ලංකාවේ වෛද්‍ය විද්‍යාල වලින් එලියට අපු දොස්තර ල වැඩ වර්ජනය කරන්නේ ?

    ReplyDelete
  2. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සහ සිසු අයිතීන් වෙනුවෙන් හඬ නගන ‘සිසු’ නායකයා ගැන මොහොතක් සිතන්න. ඔහු දන්ත වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට වරප්‍රසාද ලත් සුදුසුකම් සැපූරූ ලක්ෂයකින් එකෙකි. එතැනට පැමිණි පසු ඔහු දෙවන වසරට වත් ඉගෙන ගන්නේ නැත. කාලය ශ්‍රමය වැයවන්නේ ඉගෙන ගන්නට නොව පිකටින් යන්නට සහ පෝස්ටර් ඇලවීමටය. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් වෙතැයි සිතා නිදහස් අධ්‍යාපනයෙන් මුදල් වෙන්කන ළදුව ඒ මුදල් පරිහරණය කර ඔහු වෙද නලාව වෙනුවට පෝස්ටරය අතට ගන්නේ නිදහස් අධ්‍යාපනයේ ඇති නිවට බව නිසා විය යුතුය. ඔහුට වෛද්‍යවරයෙක් නොවීමට අවැසිනම් එතැනට නෑවිත් දුක් මහන්සියෙන් ඉගෙන ගෙන එක ළකුණකින් වෛද්‍ය පීඨයට යා ගත නොහැකි වූ අසරණ ගොවියෙක්ගේ දරුවෙක්ට එම අවස්තාව ලබාදිය යුතුය. ඒසේ වූවා නම් අද එම සිසුවා දැනටමත් වසර 5ක් වෛද්‍යවරයෙක් ලෙස වැඩ කරමින් නිදහස් අධ්‍යාපනය විසින් ඔහු වෙත වැය කරාවූ මුදල මෙන් දහ ගුණයක්වත් රජයට උපයා දී හමාරය.

    දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ‘සිසු’ නායකයා කර ඇත්තේ වෙනත් සිසුවෙකුට වෛද්‍ය වරයෙක් වීමට තිබූ අවස්ථාවක් පැහැරගැනීමකි. අනෙකුත් නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ සිසු අයිතීන් බිඳ දැමීමකි. ක්‍රමයක් තිබුනා නම් ඔහු වෙනුවට විශ්ව විද්‍යාලේ යන්නට තිබූ අය ඔහුට විරුද්ධව නඩු පවරණු නිසැකය. ඔහු ඔහුගේ රජයේ මුදල් කා දමා (මහපොල ද ගත්තා විය හැකිය ) ඔහුගේ සහ අනෙක් සිසු සිසුවියන්ගේද අනාගතය අඳුරු කර ඇත. එය විශ්ව විද්‍යාල සිසුවෙක් ලෙස තමන්ගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම පැහැර හැරීමක් ය. යුතුකම් පැහැර හැරි පුද්ගලයා අයිතිවාසිකම් වෙනුවන් කෑ ගැසීම විහිලුවකි.

    ශිෂ්‍යයෙකු වශයෙන් රටට තම වගකීම් ඉටු කිරීමට නොදන්නා අය පිටුපසට වී පුද්ගලික විශව විද්‍යාල වලට එරෙහිව කෑ ගැසීමට වඩා කල හැකි බොහෝ දෑ සරසවි සිසුවාට ඇති බව මගේ හැඟීමයි. අවම වශයෙන් නොමිළයේ ලැබෙන්නාවූ අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉවර කරන්නේ නම් එයම වටිනේය.

    ReplyDelete
  3. "අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව" එක කාලකන්නියෙක් නම් හිරේ ගියා... තව දෙන්නෙක් තුන්දෙනෙක්වත් ඇතුලට යනකන් තේරෙන්නේ නෑ වගේ...

    උබලගේ තියෙන ඔය මෝඩ ජේ.වි.පි. මානසිකත්වය නිසා තමා කවදා හරි කෙලවෙන්නේ...
    යමක් කරද්දි උබලා හිතන්නේ උබලට ඕනේ විදිහටම වෙන්න ඕනේ කියලා. ශයිලොක්වගේ මස් රාත්තලම ඉල්ලනවා. ඊට පස්සෙ ඇනගන්නවා. පොඩ්ඩක් බලපල්ලා දාලා තියෙන කොමෙන්ට් දිහා..
    මේ ලියන්නේ සාමන්ය ජනතාව..උන් හිතන්නේ උබලගේ විදිහට නෙවෙයි..
    මාර්ටින් වික්‍රමසින්හ මහත්තයා කිඋවනේද වෙනස්වීමට අනුගත නොවෙන උන් වද වෙනවා කියලා..එක තමා මේ වේගෙන යන්නෙ.

    ReplyDelete
  4. මහජනතාවගේ මුදලින් ඉගෙන ගෙන මහජනතාවගේ මදල් සූරා කන තම වැටුප රු 200000 ක් කරන්න කියන වෛද්‍යවරුත් ඉස්සර ඔහොම තමා කීවේ. මම නම් හිතන්නෑ ජනතාව ඔය කියන යකා කලුයි කියලා පරන මතක තියෙන යකා පස්සේ යයි කියලා.ලැජ්ජාවක් නැත්තන් ජනතාව අතරට ගිහිල්ලා සහයෝගය ඉල්ලන්න. ලැබෙයි හොද සහයක්.

    ReplyDelete
  5. මාලබේ පුද්ගලීක වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව අපූර්ව තර්ක ඉදිරිපත් කරනු ලැබේ.
    01. නිදහස් අධ්‍යාපනය විනාශ කරන බව?
    එය වන්නේ කෙසේද? රජයේ ගාස්තු අය නොකරන උපාධි කඩ වල වෙනසක් නැහැ නොවේද? එම නොමිළයේ උපාධි දෙන කඩ එසේම තිබෙනවා නොවේද?
    02.මේ රටට හෙන ගසා ඇත්තේ හැම දෙයක්ම රජයෙන් කරන තුරු බලා ගෙන සිටීමය.මෙය එතරම් හොඳ ප්‍රවනතාවයක් නොවේ.
    03. නිදහස් අධ්‍යාපනයට මෙ මඟින් මල බෙරය හැඬවෙන බවට බොරු ප්‍රචාරය කිරීම.
    වෛද්‍ය විද්‍යාලයෙන් පිටව රජයේ රෝහලකට පත් වීමෙන් පසුව ඔබලාත්, ඔබලාගේ ජේෂ්ඨයන් සේවය කරන්නේ කෙලෙසද? දුප්පත් ජනතාවගේ බඩට ගසා අයකරන බදු වලින් 'නිදහස් ' අධ්‍යාපනය ලබන ඔබලා අහස උසට චැනල් ගාස්තු අය කරමින් සිදු කරනුයේ එදා වේල හම්බ කර ගැනීමට නොහැකිව සිටින අසරන ජනතාවගේ බඩට ගැසීම නොවේද?
    04.මේ අනුව බලන විට ජනතාවට කොකා පෙන්වන්නේ කවුද?
    05.මාලබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන අසත්‍ය ප්‍රචාර මේ දින වල අන්තර්ජාලයෙන් හා වෙනත් මාධ්‍ය ඔස්සේ කර ගෙන යනු ලබේ.
    06. එහි දෙවන වසර සිට රුසියානු සරසවියකට ඇතුලත් කරගනු ලබන අතර උපාධිය දෙනු ලබන්නේ රුසියාවෙනි. එයට ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය නැත යන්න!.
    * වෙනත් රටවල උපාධි වල ප්‍රමිතිය පිළිගනු ලබන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසිනි. මා දන්නා තරමින් 1980 පමනේදී උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා රුසියානු අධ්‍යාපන බලධාරීන් රුසියානු උපාධි පිළි ගැනීම සඳහා සන්ධානයකට protocol අත්සන් තැබූහ.මෙම සන්ධාන ගිවිසුමට අනුව රුසියානු උපාධි ලංකාව විසින් පිළිගනු ලබයි.
    *මාලඹේ වෛ.වි. අනුබද්ධ රුසියානු සරසවිය උක්ත සංධාන ගිවිසුමෙන් protocol ආවරනයවන විශ්ව විද්‍යාල ලැයිස්තුවට අයත්වන්නේ නම් එය උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පිලි ගනු ලබයි.
    *සමහර ආංඩුවේ උපාධි කඩවල නවක වදය නමින් කරන මානසික ලෙඩ්ඩුන්ගේ ක්‍රියාකාරකම් ගැන සලකා බලන විට බොහෝ දෙමාපියන් සිය දරුවන් ඒවාට යැවීමට අකමැතිය.! එවැනි අයට සිය දරුවන් යැවීමට තැනක් ලංකාවේ තිබිය යුතුය.! මිනි මුතුවන් සිය දරුවන් හිරි හැර විඳිනවාට වඩා ගේ දොර හෝ විකුණා ඔවුන්ට ඉගැන්වීමට අපගේ දෙමාපියන් සූදානම්ය.
    07. කෙසේ වතුදු නියම කරුණ වන්නේ වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් පිටවීම නිසා අතිරික්තයක් ඇතිවී , වෛද්‍ය ඒකාධිකාරිය නැතිවීයාමය.!
    08. රුසියාව කාර්මික,තාක්ෂන,අභ්‍යවකාශ තරනය ආදි මේ හැම අංශයකින්ම ලංකාවට වඩා පෙරටුවෙන් සිටී! බෝල්ෂෙවික් විප්ලවය ඇතිවන විට සාර් රුසියාව ලෝකයේ 07 වන කාර්මික රාජ්‍ය විය!.ලංකාව එකල යටත්විජිතයකි.!අද දින වන විට රුසියාවේ තාක්ෂනික දියුනුවට අලගු තැබීමට වත් ලංකාවට බැරිය.! කරුණාකර රුසියානු අධ්‍යාපන ආයාතන අවතක්සේරු කිරීමෙන් වලකින්න.
    09. ආංඩුවක් පත්කර ඇත්තේ පාලනය කිරීමටය.ඔබලාට ඇත්තේ ඉගෙන ගැනීමටය.
    10. ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සලය මඟින් පිළි නොගැනීම්
    ඉහත සඳහන් කල පරිදි උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පිලි ගත්තද උක්ත වෛද්‍ය මංඩලය විසින් පිළි නොගන්නේ නම්, පිළි ගන්නා ලෙස නියෝග කරමින් රීට් ආඥාවක් ඉල්ලා උසාවි යෑමට උනන්දුවන පාර්ශ්වයන්ට හැකිය.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි