ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Friday, September 3, 2010

ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි?

ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි?
 

     රටකට ඇමතියන් ඉන්නේ මොකටද? දිනක් මිතුරෙකු මාගෙන් ඇසුවෙය. ඇමතිවරුන්ගේ විවිධ කාර්ය්‍යයන් සිහිපත් කරමින් මම ඊට පිළිතුරු දුන්නෙමි. නමුත් ඔහුගේ පිලිතුර ඒ එකක්වත් නොවීය. ඇමතියන් කියල කියන්නේ ඇම-තියන් ඉන්න අයටයි. ඇම තියාගෙන ඉඳල රටේ ප්‍රශ්නයක් ආවාම ඇම දානවා. ජනතාව ඇම ගිලිනවා. ප්‍රශ්නය එතනින් ඉවරයි”

     එක අතකින් එය සැබෑවකි. විවිධ ත්ෂේත්‍ර වල සිටින විවිධ ඇමති වරු රටේ ප්‍රශ්න මතු වු කල තම අත ඇති විවිධ ඇමවල් ජනතාව දෙසට විසි කරති. රටේ ප්‍රශ්න විසදිමේදි එකම මාවත වැටී ඇත්තේ ප්‍රශ්න වලට හේතුව ලෙස කුමක් හෝ කියා මග හැරයාමයි.

     උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති බරපතලම ගැටලුව වන්නේ අධ්‍යාපන අවස්ථා ගණන සීමිත වීමයි. පසු ගිය වසරේ උසස් පෙලින්  A3 ගත් සිසුන් 164 දෙනෙකුටද කිසිදු විශ්වවිද්‍යාලයක් හිමිවුයේ නැත. එසේම සෑම වසරකම උසස් පෙලට පෙනී සිටින 210,000 කට අධික සිසුන්ගෙන් 130,000 ක් පමණ සරසවි ප්‍රවේශය සදහා සුදුසුකමි ලබති. නමුත් සරසවියට බදවා ගන්නේ 20,000ක තරම් ප්‍රමානයකි. 100,000 කට අධික ප්‍රමානයකට සුදුසුකම් තිබුනත් සරසවිය අහිමිය. මෙය සෑම වසරකම සිදුවන්නකි. උපාධි ලබා ගැනීමට සුදුසුකම් සහිත දක්ෂ සිසුන් විශාල ප්‍රමානයක් අවස්ථා ගණන අඩු විම නිසා අධ්‍යාපනය අතරමගදී හමාර කරති.

     මේ අයුරින් තම දරුවන්ට සරසවි වරම් අහිමි වීම ජනතා වගේ ගැටලුවකි. ගැටලු ආවිට එවා විසදීමට ආණ්ඩුවට ක්‍රමයක් තිබේ උක්ත සදහන් කල පරිදි ඇමතියන් පැමිණ ඇම දමනු ලැබේ. මේ ගැටලුවටත් ආණ්ඩුව ඉතා පහසුවෙන් දමන ලොකු ඇමක් තිබේ. ඒ ඔබගේ දරුවාට උපාධියක් ලබා ගැනීමට නොහැකිව ඇත්තේ ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල නොමැති නිසා යැයි පවසමින් ජනතාව මුලා කිරිමයි. මෙය සැබෑවක්ද? අප ප්‍රවේශමෙන් විමසා බැලිය යුත්තේ එයයි සෑම වසරකම උසස් පෙල විභාගයට මුහුන දෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වන අතරම උසස් පෙලින් සමත් වන ප්‍රතිශතයද වැඩිවේ. එය පහත වගුවෙන් හා ප්‍රස්තාරයෙන් පැහැදිලිවේ.

අයදුම්කරුවන්ගේ කාර්‍යසාධනය - විභාග දෙපාර්තමේන්තුව



(අපොස උසස් පෙල විභාගයට පෙනීසිටින අයදුම් කරුවන් ගණන හා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන ප්‍රමානය)

මුලාශ්‍රය - විභාග දෙපාර්තුමේන්තුව


     නමුත් මෙසේ උසස් පෙළ සමත් වන ප්‍රමානයෙන් සරසවි වලට බදවා ගැනීම සිදු කරනනේ ඉතාමත් අඩු ප්‍රමාණයකි. පසුගිය අවුරුදු කිහිපය තුල සරසවි වලට බදවා ගත් ප්‍රමානයන් පහත වගුවේ දැක්වේ.



     බැලු බැල්මට සෑම වසරකම බදවා ගන්නා ප්‍රමණය ඉහල ගොස් ඇති බව පෙනේ. ආණ්ඩුව සරසවි බදවා ගැනීම් ඉහල දැමුවායැයි පාරම් බාන්නේ එම ඉලක්කම් උපුටා දක්වමිනි නමුත් එසේ බදවා ගන්නා ප්‍රමානය ඉලක්කමෙන් මැනීම සුදුසු නොවේ. ජනගහනය වැඩි වන විට කොහොමත් බදවා ගන්නා ඉලක්ක්ම වැඩි කිරීමට සිදුවේ. වැදගත් වන්නේ උසස් පෙල විභාගයෙන් සමත් වන ප්‍රමානයට සාපේක්‍ෂව බදවා ගන්නා ප්‍රතිශතයයි. එය සැලකූ විට පැහැදිලිවම සිදුවනනේ වසරින් වසර බදවා ගන්නා ප්‍රතිශතය අඩු වීමයි.


 

     
     මේ අනුව අප රටේ දරුවන් වැඩි වශයෙන් උසස් පෙළ විභාගයට මුහුන දීමත්, හොදින් අධ්‍යාපන කටයුතු සිදුකර දක්‍ෂ ලෙස උසස් පෙළ විභාගය ඉහලින් සමත් වීමත් සිදුකරන නමුදු  ආණ්ඩුව ඔවුන්ට සරසවි වරම් ලබා දීම වසරින් වසර අඩු කරන බව පෙනීයයි. ආණ්ඩුව පවසන්නේ තමන්ට මීට වඩා බදවා ගැනීම් කල නොහැකි බවයි. එමෙන්ම ලෝකයේ කිසිම රටක නැති තරමට තමන් රටේ දරුවන් වෙනුවෙන් මුදල් වැය කරන බවයි.

     නමුත් එය තනිකරම මුලාවකි. ලෝකයේ සමානය සම්මතයට අනුව අධ්‍යාපනයට දල දේශිය නිෂ්පාදිතයෙන් වෙන් කල යුතු මුදල 6% කි නමුත් අපේ රටේ එය 2% ත් 2.1% ත් තරම් අඩු මට්ටමක පවතී. එය දකුණු ආසියානු කලාපයේ පමනක් නොව ලෝකයේම ඉතාමත් අවම මට්ටමක් බව ලෝක බැංකුව වාර්ථාවක් පෙන්වා දෙයි.

මූලාශ්‍රය : Towers of education.world bank report.

     එසේම පසුගිය වසර 10ක් තුල අධ්‍යාපනයට දළ දේශිය නිෂ්පාදිතයෙන් වෙන් කල අඩුම මුදල වෙන් කරන ලද්දේ 2009 වසරේදීය. (විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය) එසේම ලංකාවේ මහබැංකු වාර්ථා වලට අනුව එසේ වෙන් කරන මුදලද වසරින් වසර අඩු කරමින් සිටීන බවද පැහැදිළිය.

  මහ බැංකු වාර්තාව 2009 (78 පිටුව)


     එනම් වසරක් තුල රු බිලියන 48 ක් හෙවත් මිලියන 48000 ක් අධ්‍යාපනයට වෙන් කරන මුදල් කපා හැර ඇත. එසේම මෙය උසස් අධ්‍යාපනයට පමනක් සිදුකරන්නක් නොවේ. අධ්‍යාපන අමාත්‍යංශයේ අය වැය කප්පාදුව ඉතාමත්ම බරපතලය.


     මේ අනුව වසර 3ක් තුල අධ්‍යාපන අමාත්‍යංශය රු බිලියන 3394 ක් කප්පාදු කර ඇත. එනම් වසර 3 ක් තුල 42% කින් අධ්‍යාපන අමාත්‍යංශය වියදම් කප්පාදු කර ඇත.

     මෙහි ප්‍රතිඵල මොනවාද? පසුගිය වසර 4 තුල පාසල් 300 ක් වැසි ගොස් ඇත. ගුරුවරුන් බදවා ගැනීම් ගුරු පුහුණුව අර්බුදයකට පත්ව ඇත. පාසල් වල පුස්තකාල ඉදිකිරීම් හා සංවර්ධනය බිදවැට් ඇත. මෙම අධ්‍යාපන සංහාරයේ ප්‍රතිඵලය පසුගිය අපොස සාමාන්‍යපෙළ විභාග ප්‍රතිඵල වල අපට දැනගන්නට ලැබුනි.

* සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් අයගෙන් 47%ක් අසමත්ය.
* විෂයන් සියල්ල අසමත් වු ගණන 18997කි.  

     නමුත් ආණ්ඩුව මේ තත්‍වය සධාරණී කරනය කරනු පිණිස තවත් ඇමක් යොදාගනී. ඒ තමන් මුහුණ දෙන ආර්ථික අර්බුදය පිළිබදව ඉදිරිපත් කරන ශෝකාලාපයයි. ආණ්ඩුව පවසන්නේ අධ්‍යාපනයට මීට වඩා තමන්ට කිසිසේත්ම මුදල් වෙන් කල නොහැකි බවයි. ඒ පිලිබඳව අදහසක් ලබාගැනීම සඳහා අප පහත ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන දෙසට අවධානය යොමුකරන මෙන් ඉල්ලා සිටිමු.

* ලංකාවේ විශවවිද්‍යාල පද්ධතියේ ප්‍රාග්ධන වියදම සදහා 2007  වසරේදී වියදම් කල මුලු මුදල රුපියල් බිලියන 54කි. එනම් රැ.මිලියන 54,370 කි. (2009 අය වැය වාර්ථාවේ 235 පිටුව) (අනෙක් වියදම් වර්ගය වනනේ පුනරාවර්ථන වියදමයි. එනම් වෘතිකයන්ගේ වැටුප් සදහා යන වියදමයි. එය කොහොමටත් ආණ්ඩුවේ අනිවාර්ය වියදමක් වන බැවින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට හා එහි වර්ධනයට වෙන් කරන මුලු මුදල ලෙස ප්‍රාග්ධන වියදම සැලකිය හැකිය.)

* නමුත් 2006 වසරේ කෝප් වාර්ථාවට අනුව අප රටේ හොරකම් කල මුදල පමනක් රු. බිලියන 150 කි. (මිලියන 150000) එය විශ්ව විද්‍යාල පද්ධතියට වෙන් කල මුදල මෙන් 30 ගුනයටත් ආසන්නය.

* එසේම 2006 වසරේ විගණකාධිකාරී දෙපාර්තුමේන්තුව විසින් ඉදිරිපත් කල විගණන වාර්ථාවලට අනුව අප රටේ බදු අහිමිකරගත් ප්‍රමාණය රු බිලියන 389කි. (මිලියන 389,000) එය ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට වෙන් කල මුදල මෙන් 70 ගුණයකට අධිකය.


     කෝප් වාර්ථාවේ හොරුන්ටත් විගණන වාර්ථාවේ බදු හොරුන්ටත් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය කුමක්ද? කිසිවක් නැත ඊලග වසරේ මෙවැනි සොරකම් හා බදු අය කිරීම් සිදු නොවීමට ගත් පියවර කුමක්ද? කිසිවක් නැත. සිදුකල එකම දෙය වුයේ කෝප් වාර්ථාව සැකසු විඡයදාස රාජපක්‍ෂ මහතා ආණ්ඩුවෙන් එලවිම හා ඒ සදහා විගණන වාර්ථාව සැකසු විගණකාධිකාරී මයාදුන්න මහතා තනතුරින් පන්නා දැමීම පමණි.

     මේ නිසා ආණ්ඩුවේ අධ්‍යාපනයට වෙන්කිරීමට මුදල් නැතැයි කීම සම්පූර්ණ මුසාවකි. ආණ්ඩුව මුහුණ දෙන මෙම ආර්ථික අර්බුදය තමා විසින්ම නිර්මාණය කොට ගත්තකි. ප්‍රධාන වශයෙන්ම පැවති සෑම ආණ්ඩුවක්ම අනුගමනය කල වැරදි ආර්ථික ප්‍රතිපත්තිය මේ ආණ්ඩුවද ඒ අයුරින්ම ක්‍රියාත්මක කරනු ලබයි.

     ලෝක ආර්ථික අර්බුදය මඟින් සනාථ කොට ඇති පරිදිම ලෝක පරිමාණයෙන්ම මෙම “ධනේෂ්වර ක්‍රමයේ” ඇති නොහැකියාවන් ඔප්පු වී ඇති යුගයක අප තවමත් මෙම වැරදි සමාජ ආර්ථික ක්‍රම අනුගමනය කරමින් සිටී. අප ඊට මුහුණ දෙන ආර්ථික අර්බුදයට ඇති ප්‍රධානතම හේතුව එයයි. ඊට අමතරව අඩුම තරමේ දියුණු ධනේෂ්වර රටවල් වල ඇති සංවර්ධනයවත් අත්පත් කරගත නොහැකි “පසුගාමීත්වයක” අප වැනි රටවල් ගිලී ඇති බැවින් අප අනුගමනය කරන්නේ වැරදි ක්‍රමයේත් ඉතාමත් "අප්සට්'' එකය.

     එසේම මීට අමතරව උක්ත සඳහන් කල ආකාරයේ වංචාව, දූෂණය සහ නාස්තිය ආර්ථික අර්බුදය තවත් තීවෘ කරවයි. ඒ නිසා අප මේ රටේ දෙමාපියන්ට අවධාරණය කරන කරුණ වන්නේ ඔබගේ දරුවන්ට සරසවි වරම් අහිමි වන්නේ අන් කිසිවක් නිසා නොව, සරසවි වරම් ලබා දෙන “අවස්ථා ගණන” අඩු වීම නිසාබවය. එසේ අවස්ථා ගණන අඩු වන්නේ දකුණු ආසියාවේම අධ්‍යාපනයට වෙන් කරන අඩුම මුදල වෙන් කරන රට ශ්‍රී ලංකාව වීම නිසාය. එසේම පසුගිය වසර 10 ක් දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වෙන් කල අඩුම මුදල (2.1% ක් පමණක්) වෙන් කිරීම නිසාය.

     එසේම දැන් යුද්ධය අවසන්ව ඇති නිසා, යුද්ධයට වියදම් වූ අති විශාල මුදලක් ඉතිරි වීමද සිදුවේ. ආණ්ඩුව පසුගිය මැතිවරණ සමයන්හිදී රටේ සංවර්ධනය හා පඩි වැඩිකිරීම සඳහා යුද්ධය අවසන් වන තෙක් ඉවසන ලෙස ජනතාවට දන්වන ලදී. 2009 වසරේ යුද්ධයට වියදම් වූ මුදල රුපියල් බිලියන 188.6 කි. මේ මුදලින් සොච්චම් මුදලක් අධ්‍යාපනයට යොදවා සරසවි බඳවා ගැනීම් ඉහළ දැමිය හැක. එමඟින් තවත් විශාල පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථාව ලබා දිය හැක.

     ආණ්ඩුවට බදු ගෙවන්නන් වන අප සැමගේ වගකීම වන්නේ මේ වැරදි ගමන් මග වෙනස් කිරීම සඳහා මැදිහත් වීමයි. ඒ සඳහා අධ්‍යාපනයට වැඩි මුදල් පූමාණයක් වෙන් කිරීමට ආණ්ඩුවට බල කල යුතුය. හකුළුවන රාජ්‍ය අධ්‍යාපනය නගා සිටුවීමට ආණ්ඩුවට බල කල යුතුය. සරසවි බඳවා ගැනීම් ඉහළ දැමීමට ආණ්ඩුවට බල කල යුතුය. සරසවි අහිමි වූ ඔබේ දරුවාට සරසවි වරම් ලබා ගත හැක්කේ එමඟිනි.
උදුල් ප්‍රේමරත්න
කැඳවුම්කරු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය



11 comments:

  1. අනේ උබලගෙ මෝඩ ආතල්!!!

    ReplyDelete
  2. මෙවා මෙනකලාට පෙන්නේ මෝඩ ආතල් විදිහටලු පවි තමන්ට කෙල වෙනකමි ඉන්න ජාතියේ ඵකෙක්

    ReplyDelete
  3. මෙනකට කියන්නේ තාර්කිකව කරැනු දක්වපල්ලා නිකන්ම මෝඩ ආතල් කියන්නේ මෙවට දෙන්ඩ උත්තර උඔලට නැති හින්දා උදුල්ලා වගේ කොල්ලෝ නැති උනානමි උඔලට වෙන්නේත් සල්ලි කාරයන්‍ගේ ඉදුල් කන්ඩ

    ReplyDelete
  4. කලින් මෙකේ වහලා හිටපු පලගැටියන්ට මොකද උනේ උත්තර දීපල්ලාාාාාාාාාාාාාාාාාාාාා

    ReplyDelete
  5. අපි හිතමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමිමා කියලා.උඩ අය කියන විදිහට මෙකට විරැද්ධ වෙන අය වෙන්නේ ඊර්ෂ්‍යාවට ජොබි නැති වෙයි කියලා නේ.ඵ් කියන්නේ ඵහෙම වෙන්න පුලුවන් කියලා පිලි ගන්නවා නේද?
    වෛද්‍ය උපාධිය අමතක කරමු .අනිත් උපාධී වලට අද මෙකද වෙලි තියෙන්නේ .කළමනාකරන උපාධිය සල්ලි වලට ගන්ඩ පුලුවන්.රජයේ විශ්ව විද්‍යාල වලින් ගන්ඩත් පුලුවන්.අද රැකියාව ගන්න කොට ඉස්සර වෙලාම රස්සාව දෙන්නේ කාටද?රජයෙන් අයින් වුන අයටද? නෑනේ.සල්ලි වලට උපාධිය ගත්තු අයටනේ.උඩ අය කියන විදිහටම අද ඵහෙම වෙලා තියෙනවා.අනිත් උපාධි වල.ඇයි රජයේ අයට ඵහෙම අවස්ථාවක් නොලැබෙන්නෙන්.ඇත්තටම ඵ් උපාධි වල අවශ්‍ය කරන අඩංගුව නෑ.පෞද්ගලික අංශ‍යේ ඵ් අඩංගුව දියුනු කරලා තියෙනවා.පෞද්ගලික අංශයේ කවුද උගන්වනනේ.පිටරටින් ගෙනල්ලද?නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ආචාර්යවරැම තමයි.ඵහෙනමි ඇයි රජයේ ගුනාත්මක භාවය අඩු උනේ.හේතුව තමයි,විෂය නිර්දේශ කප්පාදුව,විෂය නිර්දේශ අලුත් නොකිරීම,ආචාර්ය හිගය,භෞතික සමිපත් හිගය(දේශන ශාලා,මල්ටි මීඩියා උපකරන,පුස්තකාල පහසුකමි,)වගේ දේවල්.ඵ් හින්දා තමයි කැමිපස් වල උන් ඉගෙන ගන්න ඵක පැත්තකින් තියලා උද්ගෝෂණ කරන්නේ .(ඵ්ක වැරැද්දක්ද?)අවුටි උනාම රස්සාව නැත්තමි ඵ්ක ලබා ගන්ඩ සටන් කරන ඵක වැරැද්දක් නමි,සටන් කිරීම වැරැද්දක් නමි මුලු ඉතිහාසයම වරදති,මන්ද මුලු ඉතිහාසයම අයිතවාසිකමි වෙනුවෙන් ඉතාව සාධාරණ අයිතිවාසිකමි වෙනුවෙන් ,ජීවත් වීමට අවශ්‍ය අවම අයිතිවාසිකමි වෙනුවෙන් සටන් කළ හෙයිනි...........
    එ‍හෙමනමි දැනට විශ්ව විද්‍යාල වල ඉන්න උන් බය වෙන එක අසාධාරනද?
    මෙහෙම හිතමු..........නිදහස් අධ්‍යාපනයෙන් පමනක් උසස් අධ්‍යාපනය දෙන්න රජය වැඩ කල යුතුයි.තව තවත් රජයේ වෛද්‍ය ඵීඨ ආරමිභ කල යුතුයි.එතකොට ඔය කියන ඉතාම අසරන වුන සල්ලකාර දරැවන්ට ,දුප්පත් දරැවන්ට හැමෝටම අවස්ථාව තියෙනවා.කරන්න තියෙන්නේ නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කරන එක මිසත් පෞද්ගලක කඩ අරින එක නෙමෙ.
    ඒ හින්දා අපි කියන්නේ මෙි රටට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීමක් මිසක් පෞද්ගලික අංශයට ලබා දීම නෙමෙ කියලා.ඒ හින්දා අපි කවදාවත් මේ රටෙ නිදහස් අධ්‍යාපනය නැති වෙන්න දෙන්නේ නෑ.......................................................ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මෙ මවිබිමට දීලා තියෙන පෙරොන්දුවක්.අපි ඒක දිවි හිමියෙන් රකිනවා...........

    ReplyDelete
  6. අපි හිතමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමිමා කියලා.උඩ අය කියන විදිහට මෙකට විරැද්ධ වෙන අය වෙන්නේ ඊර්ෂ්‍යාවට ජොබි නැති වෙයි කියලා නේ.ඵ් කියන්නේ ඵහෙම වෙන්න පුලුවන් කියලා පිලි ගන්නවා නේද?
    වෛද්‍ය උපාධිය අමතක කරමු .අනිත් උපාධී වලට අද මෙකද වෙලි තියෙන්නේ .කළමනාකරන උපාධිය සල්ලි වලට ගන්ඩ පුලුවන්.රජයේ විශ්ව විද්‍යාල වලින් ගන්ඩත් පුලුවන්.අද රැකියාව ගන්න කොට ඉස්සර වෙලාම රස්සාව දෙන්නේ කාටද?රජයෙන් අයින් වුන අයටද? නෑනේ.සල්ලි වලට උපාධිය ගත්තු අයටනේ.උඩ අය කියන විදිහටම අද ඵහෙම වෙලා තියෙනවා.අනිත් උපාධි වල.ඇයි රජයේ අයට ඵහෙම අවස්ථාවක් නොලැබෙන්නෙන්.ඇත්තටම ඵ් උපාධි වල අවශ්‍ය කරන අඩංගුව නෑ.පෞද්ගලික අංශ‍යේ ඵ් අඩංගුව දියුනු කරලා තියෙනවා.පෞද්ගලික අංශයේ කවුද උගන්වනනේ.පිටරටින් ගෙනල්ලද?නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ආචාර්යවරැම තමයි.ඵහෙනමි ඇයි රජයේ ගුනාත්මක භාවය අඩු උනේ.හේතුව තමයි,විෂය නිර්දේශ කප්පාදුව,විෂය නිර්දේශ අලුත් නොකිරීම,ආචාර්ය හිගය,භෞතික සමිපත් හිගය(දේශන ශාලා,මල්ටි මීඩියා උපකරන,පුස්තකාල පහසුකමි,)වගේ දේවල්.ඵ් හින්දා තමයි කැමිපස් වල උන් ඉගෙන ගන්න ඵක පැත්තකින් තියලා උද්ගෝෂණ කරන්නේ .(ඵ්ක වැරැද්දක්ද?)අවුටි උනාම රස්සාව නැත්තමි ඵ්ක ලබා ගන්ඩ සටන් කරන ඵක වැරැද්දක් නමි,සටන් කිරීම වැරැද්දක් නමි මුලු ඉතිහාසයම වරදති,මන්ද මුලු ඉතිහාසයම අයිතවාසිකමි වෙනුවෙන් ඉතාව සාධාරණ අයිතිවාසිකමි වෙනුවෙන් ,ජීවත් වීමට අවශ්‍ය අවම අයිතිවාසිකමි වෙනුවෙන් සටන් කළ හෙයිනි...........
    එ‍හෙමනමි දැනට විශ්ව විද්‍යාල වල ඉන්න උන් බය වෙන එක අසාධාරනද?
    මෙහෙම හිතමු..........නිදහස් අධ්‍යාපනයෙන් පමනක් උසස් අධ්‍යාපනය දෙන්න රජය වැඩ කල යුතුයි.තව තවත් රජයේ වෛද්‍ය ඵීඨ ආරමිභ කල යුතුයි.එතකොට ඔය කියන ඉතාම අසරන වුන සල්ලකාර දරැවන්ට ,දුප්පත් දරැවන්ට හැමෝටම අවස්ථාව තියෙනවා.කරන්න තියෙන්නේ නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කරන එක මිසත් පෞද්ගලක කඩ අරින එක නෙමෙ.
    ඒ හින්දා අපි කියන්නේ මෙි රටට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීමක් මිසක් පෞද්ගලික අංශයට ලබා දීම නෙමෙ කියලා.ඒ හින්දා අපි කවදාවත් මේ රටෙ නිදහස් අධ්‍යාපනය නැති වෙන්න දෙන්නේ නෑ.......................................................ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මෙ මවිබිමට දීලා තියෙන පෙරොන්දුවක්.අපි ඒක දිවි හිමියෙන් රකිනවා...........

    ReplyDelete
  7. අපි හිතමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමිමා කියලා.උඩ අය කියන විදිහට මෙකට විරැද්ධ වෙන අය වෙන්නේ ඊර්ෂ්‍යාවට ජොබි නැති වෙයි කියලා නේ.ඵ් කියන්නේ ඵහෙම වෙන්න පුලුවන් කියලා පිලි ගන්නවා නේද?
    වෛද්‍ය උපාධිය අමතක කරමු .අනිත් උපාධී වලට අද මෙකද වෙලි තියෙන්නේ .කළමනාකරන උපාධිය සල්ලි වලට ගන්ඩ පුලුවන්.රජයේ විශ්ව විද්‍යාල වලින් ගන්ඩත් පුලුවන්.අද රැකියාව ගන්න කොට ඉස්සර වෙලාම රස්සාව දෙන්නේ කාටද?රජයෙන් අයින් වුන අයටද? නෑනේ.සල්ලි වලට උපාධිය ගත්තු අයටනේ.උඩ අය කියන විදිහටම අද ඵහෙම වෙලා තියෙනවා.අනිත් උපාධි වල.ඇයි රජයේ අයට ඵහෙම අවස්ථාවක් නොලැබෙන්නෙන්.ඇත්තටම ඵ් උපාධි වල අවශ්‍ය කරන අඩංගුව නෑ.පෞද්ගලික අංශ‍යේ ඵ් අඩංගුව දියුනු කරලා තියෙනවා.පෞද්ගලික අංශයේ කවුද උගන්වනනේ.පිටරටින් ගෙනල්ලද?නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ආචාර්යවරැම තමයි.ඵහෙනමි ඇයි රජයේ ගුනාත්මක භාවය අඩු උනේ.හේතුව තමයි,විෂය නිර්දේශ කප්පාදුව,විෂය නිර්දේශ අලුත් නොකිරීම,ආචාර්ය හිගය,භෞතික සමිපත් හිගය(දේශන ශාලා,මල්ටි මීඩියා උපකරන,පුස්තකාල පහසුකමි,)වගේ දේවල්.ඵ් හින්දා තමයි කැමිපස් වල උන් ඉගෙන ගන්න ඵක පැත්තකින් තියලා උද්ගෝෂණ කරන්නේ .(ඵ්ක වැරැද්දක්ද?)අවුටි උනාම රස්සාව නැත්තමි ඵ්ක ලබා ගන්ඩ සටන් කරන ඵක වැරැද්දක් නමි,සටන් කිරීම වැරැද්දක් නමි මුලු ඉතිහාසයම වරදති,මන්ද මුලු ඉතිහාසයම අයිතවාසිකමි වෙනුවෙන් ඉතාව සාධාරණ අයිතිවාසිකමි වෙනුවෙන් ,ජීවත් වීමට අවශ්‍ය අවම අයිතිවාසිකමි වෙනුවෙන් සටන් කළ හෙයිනි...........
    එ‍හෙමනමි දැනට විශ්ව විද්‍යාල වල ඉන්න උන් බය වෙන එක අසාධාරනද?

    ReplyDelete
  8. මෙහෙම හිතමු..........නිදහස් අධ්‍යාපනයෙන් පමනක් උසස් අධ්‍යාපනය දෙන්න රජය වැඩ කල යුතුයි.තව තවත් රජයේ වෛද්‍ය ඵීඨ ආරමිභ කල යුතුයි.එතකොට ඔය කියන ඉතාම අසරන වුන සල්ලකාර දරැවන්ට ,දුප්පත් දරැවන්ට හැමෝටම අවස්ථාව තියෙනවා.කරන්න තියෙන්නේ නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කරන එක මිසත් පෞද්ගලක කඩ අරින එක නෙමෙ.
    ඒ හින්දා අපි කියන්නේ මෙි රටට අවශ්‍ය නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීමක් මිසක් පෞද්ගලික අංශයට ලබා දීම නෙමෙ කියලා.ඒ හින්දා අපි කවදාවත් මේ රටෙ නිදහස් අධ්‍යාපනය නැති වෙන්න දෙන්නේ නෑ.......................................................ඒක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය මෙ මවිබිමට දීලා තියෙන පෙරොන්දුවක්.අපි ඒක දිවි හිමියෙන් රකිනවා...........

    ReplyDelete
  9. I have a simple question. In my view when a student apply and get qualified to get free university education, he what he does is to agree to become a qualified person in some field. For example when I entered into the Engineering faculty, the country expects me to become an engineer, not a revolutionist. If I don't like that idea idea should have given my chance to someone who would like the idea.

    So this "Upul Premarathna" and his blind followers: what was the field you selected to study in? Are you showing good progress in the respective field of study? or have you messed up someone else's chance to study well in that field?

    ReplyDelete
  10. This z for First...........

    U guyz thnk dat da campus z place like u'r AL tutory shops, juzt have a visit, do u'r job n leave.....

    Dnt forget dat even dis kind f a freedom in dis country n maintaining highest standards in Education system wasnt just fallen from da sky..........

    Those born 4rm da Blood, Sweat n unstoppable courage f students who sacrifice even their lifes.......

    If University students just stay n learn only wt they teach it z nt an university.....

    V shud hv question wt they teach........

    N v shud always stand against unfair !!!

    ReplyDelete
  11. So are you arguing that you should NOT do your assigned job (study well in the field you select using resources given free to you) ?

    Are you not aware that the standards of the universities have deteriorated over time? Just be aware that university standards are measured by rankings given to them. The rank in most cases is given based on research output. If the students do not study well and contribute to the field how can you expect standard to be high? Are you arguing that students NOT DOING WHAT THEY CAME FOR are not responsible for that?

    Are you "born 4rm da Blood, Sweat n unstoppable courage f students who sacrifice even their lifes......." or from the sacrifices by your PARENTS? Please don't forget the real people in your life by blindly following others.

    I agree with your next paragraph. You should not only stay and learn, but also CONTRIBUTE to the field you chose to study. Then only the university can get back on track to keep up the rankings and attract recognition as a good university.

    Agreed, You should always question what they teach, and what they don't teach as well. But shouldn't the majority of the questions be related to the field you chose? (because you took someone's chance to study in that field)

    Yes, you should always stand-up against unfair, in a FAIR manner. Blocking a public road for demonstrating your frustration is UNFAIR. There are better ways to demonstrate, which will not disturb other people's freedom. I trust more people will listen to you then. But always remember you can state your point, but others have a right to agree or disagree.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි